මොබිටෙල් පිළට දැවැන්ත ජයක්

349
Mercantile Cricket 2017 B Division

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා මොබිටෙල් ආයතනය අතර අද (18) පැවැත්වූ වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරගය, කඩුලු 8කින් ජයග්‍රහණය කිරීමට මොබිටෙල් කණ්ඩායම සමත් විය. තරගය වෙළඳ සංගම් පිටියේ දී පැවැත්විය.

කෞශල්‍යය ගජසිංහ සහ දිනෙත් තිමෝද්‍ය කණ්ඩායම් ගොඩදායි

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය යටතේ පැවැත්වෙන තරග දෙකක් අද (17) පැවැත්විය..

පැහැබර කාලගුණයක් පැවති උදෑසන කාලයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ මොබිටෙල් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේ, සවස් කාලයේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව සිදු විය හැකි අවාසිය වළක්වා ගැනීමට විය හැකිය.

මොබිටෙල් කණ්ඩායමේ ආරාධනය පරිදි පිටියට පැමිණි සිංගර් ශ්‍රී ලංකා පිළට තම ලකුණු පුවරුව පහසුවෙන්ම වර්ධනය කර ගැනීමට නොහැකි වූයේ, දර්ශන සමරකෝන්, කොශාන් ජයවික්‍රම හා රංගන රාජපක්ෂ යන ක්‍රීඩකයින්ගේ දක්ෂ පන්දු යැවීම නිසාවෙනි. කෙසේ නමුත් සිංගර් ශ්‍රී ලංකා පිළට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 95කි. එහි දී දර්ශන කඩුලු 4ක් දවා ගනිමින් වැඩි දස්කම් දක්වද්දී, කොශාන් හා රංගන පිළිවෙළින් කඩුලු 3ක් හා 2ක් දවා ගන්නා ලදි.

පිළිතුරු ඉනිම දියත් කළ මොබිටෙල් කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 96ක් ලබාගෙන තරගයේ ජය තහවුරු කරන ලදි. එහි දී තිමිර ජයසිංහ නොදැවී ලකුණු 45ක් ලබාගෙන තම ඉනිමට සවිමත් පාදමක් සකස් කරන විට, ගෙශාන් විමලධර්ම ලකුණු 35ක් ලබාගෙන ඔහුට සහය විය.

සිංගර් ශ්‍රී ලංකා – 95/10 (32.2): දර්ශන සමරකෝන් 4/24, කොශාන් ජයවික්‍රම 3/16, රංගන රාජපක්ෂ 2/18.

මොබිටෙල් – 96/2 (13.2): තිමිර ජයසිංහ 45*, ගෙශාන් විමළධර්ම 35.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<