බංග්ලාදේශ, ඇෆ්ගනිස්තාන සහ ශ්‍රී ලංකා 19න් පහළ යෞවනයින් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ඊයේ (22) පැවැත්වුනා.
එහි දී ඇෆ්ගනිස්තාන යෞවනයින් සමඟ තරග වැදුණු ශ්‍රී ලංකා යෞවනයින්ට අත්වුනේ ලකුණු 62ක පරාජයක්. අබුඩාබි හිදී පැවති තරගයේ කාසියේ වාසිය ද ජය ගත්තේ ඇෆ්ගනිස්තානයයි. ඒ අනුව ඔවුන් මුලින් පන්දුවට පහර දීම තෝරා ගත්තා. ඇෆ්ගනිස්තානය Noman Shah විසින් මෙහෙයවද්දී, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේ ශෙවෝන් ඩැනියෙලුයි.
තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්:
- ශ්‍රී ලංකාව: හිරුන් කපුරුබණ්ඩාර, සිනෙත් ජයවර්ධන, දිනුර කළුපහන, ශෙවෝන් ඩැනියෙල්, හිරාන් ජයසුන්දර, විශ්ව රාජපක්ෂ, මල්ෂ තරුපති, විශ්ව ලහිරු, දුවිඳු රණතුංග, ට්‍රවීන් මැතිව්ස්, ගරුක සංකේත්.
- ඇෆ්ගනිස්තානය: Noman Shah (නායක), Suleiman Arabzai, Hizbullah Durrani, Sohail Khan, Mohommed Haroon, Khalid Taniwal, Kamran Hotak, Farhad Usmani, Khalel Ahmed, Yama Arab, Bashir Ahmed.
ඇෆ්ගනිස්තාන ඉනිම ඇරඹූ Arabzai සහ Durrani පළමු කඩුල්ල වෙනුවෙන් එක් කළේ ලකුණු 16ක් පමණයි. එහි දී දුවිඳු රණතුංග විසින් Durraniව පිටියෙන් ඉවත් කිරීමත් සමඟ ආරම්භක කඩුල්ලේ සබඳතාවය බිඳ වැටුණා. Arabzai විශ්ව ලහිරු යොමුකළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී දැවී ගියේ ලකුණු 20කටයි.
Sohail Khan ලකුණු 34 දී දුවද්දී දැවී යද්දී, Noman Shah ලකුණු 26ක් ලබා සිටිය දී ගරුක සංකේත්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවුනා. ඒ අනුව ඇෆ්ගනිස්තාන ලකුණු පුවරුව 92-4ක් ලෙස සටහන් වෙද්දී තරගයේ තීරණාත්මක සබඳතාවය එතැන් පටන් ආරම්භ වුනේ Mohommad Haroon සහ Khalid Taniwal අතරයි.
ඔවුන් දෙදෙනා ඇෆ්ගනිස්තාන මුළු ලකුණු සංඛ්‍යාව 228ක් වනතුරුත් කඩුල්ලේ රැඳී සිටියේ පස්වැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 136ක් දක්වා ඉහළට ගෙන යමින්. එහි දී Haroon පන්දු 59කින් ලකුණු 88ක් රැස් කළේ හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟයි.
Taniwal ඔහුට අනගි සහයක් ලබා දෙමින් පන්දු 45කින් අර්ධ ශතකයක් වාර්තා කළා. ඒ හතරේ පහර 2ක් සමඟයි. ඉනිමේ අවසන් කොටසේ දී Kamran Hotak ලබා ගත් වේගවත් ලකුණු 43 ද ඇෆ්ගනිස්තානයට අවසන් පන්දුවාරයේ දී සියල්ලන්ම දැවී මුළු ලකුණු 298ක් දක්වා යාමට වැදගත් වුනා.
පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන දුවිඳු රණතුංග ලකුණු 51ට කඩුලු 4ක් දවා ගනිද්දී දිනුර කළුපහන තම දකුණත් මද වේගපන්දුවෙන් කඩුලු 3කට හිමිකම් කිව්වා.
- 23න් පහළ නැගී එන කිරුළ Moors කණ්ඩායමට
- දුලාජ් සහ රන්මිත්ගෙන් අර්ධ ශතක
- ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශන අයිතිය නැවතත් හිටපු සමාගමට
- එක්දින සංග්‍රාමයේ ජය තර්ස්ටන් විද්‍යාලයට
ලකුණු 299ක අභියෝගාත්මක ඉලක්කයක් සොයා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 10 දී බිඳ වැටුණා. ඒ ඉනිමේ පළමු පන්දුවාරයේ දීමයි. එහි දී හිරුන් කපුරුබණ්ඩාරව පස්වැනි පන්දුවේ දී පිටියෙන් ඉවත් කළ Yama Arab අවසන් පන්දුවේ දී දිනුර කළුපහනගේ කඩුල්ල බිඳ හෙළන්නේ ඇෆ්ගන්වරුන්ට සුපිරි ආරම්භයක් ලබා දෙමින්.
ශ්‍රී ලංකාව මහත් බලාපොරොත්තු තබා සිටි ශෙවෝන් ඩැනියෙල් ලකුණු 10කට දැවී යාම ශ්‍රී ලංකාව කබලෙන් ලිපට ඇද දැමීමට හේතු වුනා. හිරාන් ජයසුන්දර රැස් කළේ ලකුණු 8ක් පමණයි. ආරම්භක පිතිකරුවෙකු ලෙස එක් අන්තයක් සැලකිය යුතු වේලාවක් රැකගෙන සිටි සිනෙත් ජයවර්ධන ලකුණු 41ක් රැස් කළා.
කෙසේ වෙතත් මුල්පෙළ පිතිකරුවන්ගෙන් සැලකිය යුතු දක්ෂතා ප්‍රකට නොවීම නිසා ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 7ක් ලකුණු 115ක් තුල බිඳ වැටී අසරණ වුනා. මැදපෙළ පිතිකරුවෙකු ලෙස විශ්ව රාජපක්ෂ යම් උත්සාහයක් දරමින් ලකුණු 45ක් ලබා ගත්තත්, එය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ඉරණම වෙනස් කිරීමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ.
කෙසේ නමුත් ඉතාම ලැජ්ජාශීලි ලෙස අඩු ලකුණු ගණනකට නිමා වෙන්නට තිබූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 236ක් දක්වා හෝ ගෙන ඒමේ ස්තූතිය පන්දු යවන්නන් ලෙස නම් දරා සිටින දුවිඳු රණතුංගට සහ ට්‍රවීන් මැතිව්ස්ට හිමි විය යුතුයි. ඔවුන් දෙදෙනා අතරේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74ක සාර්ථක සබඳතාවයක් ගොඩ නැගුනා.
එහි දී දුවිඳු රණතුංග පන්දු 51කට මුහුණ දෙමින් ලකුණු 46ක් රැස් කළේ හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමඟයි. ට්‍රවීන් මැතිව්ස් හතරේ පහර 3ක් එල්ල කරමින් ලකුණු 34ක් ලබා ගත්තා. ඒ වෙනුවෙන් ඔහු වැයකළ පන්දු සංඛ්‍යාව 56ක්. පන්දු යැවීමේ දී Yama Arab ලකුණු 41කට කඩුලු 4ක් දවා ගනිමින් ශ්‍රී ලංකාවට දැවැන්ත හිසරදයක් වුනා.
Result
Batsmen
R
B
4s
6s
SR
Suliman Arabzai
b Vishva Lahiru
20
21
2
1
95.24
Hezbullah Dorani
c Vishwa Rajapakse b Duvindu Ranathunga
6
2
0
1
300.00
Sohail Khan
run out (Hirun Kapurubandara)
34
61
1
1
55.74
Noman Shah
lbw b Garuka Sanketh
26
41
4
0
63.41
Mohammad Haroon
c Vishva Lahiru b Dinura Kalupahana
88
59
7
4
149.15
Khalid Taniwal
c Malsha Tharupathi b Dinura Kalupahana
45
52
2
0
86.54
Kamran Hotak
c Vishva Lahiru b Duvindu Ranathunga
43
33
1
2
130.30
Farhad Usmani
c Hiran Jayasundara b Dinura Kalupahana
9
11
0
0
81.82
Khalil Ahmad
c Hiran Jayasundara b Duvindu Ranathunga
1
6
0
0
16.67
Yama Arab
b Duvindu Ranathunga
5
6
0
0
83.33
Bashir Ahmad
not out
3
5
0
0
60.00
Extras
18 (b 0 , lb 1 , nb 1, w 16, pen 0)
Total
298/10 (49.2 Overs, RR: 6.04)
Bowling
O
M
R
W
Econ
Duvindu Ranathunga
8.2
0
51
4
6.22
Garuka Sanketh
5
0
43
1
8.60
Vishva Lahiru
10
0
39
1
3.90
Traveen Mathew
10
0
37
0
3.70
Malsha Tharupathi
7
0
63
0
9.00
Shevon Daniel
2
0
12
0
6.00
Dinura Kalupahana
7
0
52
2
7.43
Batsmen
R
B
4s
6s
SR
Hirun Kapurubandara
lbw b Yama Arab
10
5
0
0
200.00
Sineth Jayawardena
c Kamran Hotak b Khalil Ahmad
41
41
7
0
100.00
Dinura Kalupahana
b Yama Arab
0
1
0
0
0.00
Shevon Daniel
c Khalid Taniwal b Yama Arab
10
11
2
0
90.91
Hiran Jayasundara
b Khalil Ahmad
8
16
0
0
50.00
Vishwa Rajapakse
c Farhan Zakhail b Nangyal Shafiq Ghafari
45
46
7
1
97.83
Malsha Tharupathi
c Khalid Taniwal b Khalil Ahmad
0
4
0
0
0.00
Vishva Lahiru
c Khalid Taniwal b Kamran Hotak
6
12
0
0
50.00
Duvindu Ranathunga
c Farhad Usmani b Yama Arab
46
50
5
1
92.00
Traveen Mathew
c Suliman Arabzai b Kamran Hotak
34
57
3
0
59.65
Garuka Sanketh
not out
2
8
0
0
25.00
Extras
34 (b 0 , lb 3 , nb 5, w 26, pen 0)
Total
236/10 (41 Overs, RR: 5.76)
Bowling
O
M
R
W
Econ
Yama Arab
8
0
35
4
4.38
Bashir Ahmad
7
0
55
1
7.86
Khalil Ahmad
9
0
55
3
6.11
Farhad Usmani
8
0
44
0
5.50
Kamran Hotak
8
0
29
2
3.62
Khalid Taniwal
1
0
9
0
9.00
ශ්‍රී ලංකා ඉනිම සියල්ලන්ම දැවී ගොස් අවසන් වෙද්දී තවත් පන්දුවාර 9ක්ම ඉතිරිව තිබීම කණගාටුවට කරුණක්. මේ අනුව මේ දක්වා පැවති තරග දෙකම ජය ගත් ඇෆ්ගනිස්තාන 19න් පහළ කණ්ඩායම ප්‍රසාද ලකුණු 4ක් ලබමින් ලකුණු සටහනේ පෙරමුණ ගනිද්දී, බංග්ලාදේශය පැරදවූ ශ්‍රී ලංකා යෞවනයින් එහි දෙවැනි ස්ථානය තහවුරු කරගෙන සිටිනවා.
තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන මීලඟ තරගය ලබන ඉරිදා (26) සවස 4.30ට ආරම්භ වීමට නියමිතයි. එහි සියලු තරග තොරතුරු ඔබට ThePapare.com වෙබ් අඩවිය හරහා දැනගත හැකි. රැඳී සිටින්න ThePapare.com සමඟම!
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<