මැතිව්ස් හා දිමුත්ගේ මෙහෙයුමට දික්වැල්ලගෙන් තල්ලුවක්

1873

ශ්‍රී ලංකා නවසීලන්ත ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද (15) ආරම්භ විය. තරගයේ පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 275ක් ලබා සිටි අතර නොදැවී ක්‍රීඩා කරමින් සිටි නිරෝෂන් දික්වැල්ල ලකුණු 73*ක් ලබාගෙන සිටින ලදි.

සීතල දෙසැම්බරය ප්‍රථමයෙන් උණුසුම් කරන්නේ කවුරුන් ද?

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට (15) ආරම්භ වන අතර එහි පළමු ටෙස්ට් තරගය වෙලින්ග්ටන්…

වෙලින්ග්ටන් තණතීරුව මත කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරන ලදි. ඒ අනුව නිමා වූ එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග 3 දී ම කාසියේ වාසිය පරාජය වී පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාවන් කිසිවක් නොලැබුණු ශ්‍රී ලංකා කණ්ඩායමට මෙහි දී පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව උදා විය.

ඒ අවසරයෙන් පිටියට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන දනුෂ්ක ගුණතිලක හා වමතින් පිත්ත හසුරුවන දිමුත් කරුණාරත්න හට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දීමට නොහැකි විය. ඒ ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ එක් ලකුණක් ලබා සිටි දනුෂ්ක ගුණතිලක දැවී යාමත් සමඟයි.

ඉන්පසුව ධනංජය ද සිල්වා හා කුසල් මෙන්ඩිස් යන මැදපෙළ පිතිකරුවන් වගකීම් විරහිත ලෙස ක්‍රීඩාගාරය දෙසට හැරී ගියේ ලකුණු 9ට කඩුලු 3ක් ලෙස ශ්‍රී ලංකා පළමු ඉනිම අසීරු අඩියකට ඇඳ දමමිනි.

ඉන් අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හා එක්වූ දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා පළමු ඉනිම වැටී තිබූ වලෙන් ගොඩට ගෙන තරගයක් දිය හැකි මට්ටමක් වෙත ශ්‍රී ලංකා ලකුණු සටහන ගොඩනැංවූයේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 133ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමිනි. සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 21 වැනි අර්ධ ශතකය ලබා ගත් කරුණාරත්න නීල් වැග්නර් විසින් එවූ පා ඉන්නෙන් පිටත පතිත වූ පන්දුවකට හරවා පහරක් එල්ල කිරීමට ගොස් දැවී ගියේය. කරුණාරත්න දැවී යන විට ඔහුගේ ඉනිමට 4 පහර 11ක් අන්තර්ගතව තිබුණි.

තරග 2-1ක් ලෙස ශූරතාවය බංග්ලාදේශයට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක හා අවසන් එක්දින ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට…

ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ටිම් සවුති එවූ පන්දුවක් නිසියාකාරව හඳුනා ගැනීමට නොහැකි වූ නිසා අජාස් පටෙල් වෙත උඩ පන්දුවක් ලබා දී ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස දැවී ගියේය. මැදපෙළ පිතිකරුවන් වගකීම් විරහිතව දැවී යද්දී ශ්‍රී ලංකා ඉනිම ගොඩනැංවූ මැතිව්ස් ඉතාමත් ඉවසිලිවන්ත හා තැනට සුදුසු පිතිකරණයක නිරත වෙමින් සිටිය දී දැවී ගියේ නැවතත් ශතකයක් වෙත යාමට තිබූ අවස්ථාවක් මඟ හැරගනිමිනි. සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 33 වැනි අර්ධ ශතකය වාර්තා කර ගත් මැතිව්ස්ගේ ඉනිම 4 පහර 9කින් හා එක් 6 දැවැන්ත පහරකින් අලංකාරවත් විය.

පන්දු 152ක් පුරාවට සිය කඩුල්ල රැක ගත් මැතිව්ස් ලකුණු 83ක් ලබාගෙන සිටිය දී සිය ඉනිමට තිත තබා ගත්තේ සවුතිගේ  ටෙස්ට් ක්‍රිකට් දිවියේ වාර්තා කර ගත් 8වන කඩුලු 5 අවස්ථාව සාර්ථක කරගෙනයි.

පසුගිය ටෙස්ට් තරග කිහිපය පුරාවටම කඩුලු රකින්නෙක්ගේ හා මැදපෙළ පිතිකරුවෙකුගේ නිසියාකාර වගකීම ඉටු කරනු දැකගන්නට නොලැබුණු නිරෝෂන් දික්වැල්ල මේ තරගයේ පළමු ඉනිම තුල ශ්‍රී ලංකා පසුපෙළ පිතිකරුවන් හා එක්වෙමින් ඉතාමත් අගනා සබඳතාවයන් කිහිපයක් ගොඩනංවන ලදි. එය සත්කාරක නවසීලන්ත වේගපන්දු යවන්නන් ඉතාමත් දැඩි පීඩනයක් ගෙන දුන් බව ඔවුන් යොමු කළ බවුන්සර් පන්දුවලින් හා පිතිකරුවන් හා පන්දු යවන්නන් අතර හුවමාරු වූ යම් යම් වදන්වලින් ඉතාමත් හොඳින් ඉස්මතු වූ කරුණක් වන්නට විය.

මැතිව්ස්ගේ දැවී යාමට පසුව පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානය දක්වා ශ්‍රී ලංකා පසුපෙළ පිතිකරුවන් හා එක්ව ලකුණු 88ක් ශ්‍රී ලංකා ඉනිමට එකතු කිරීමට දික්වැල්ල, දිල්රුවන් පෙරේරා ඇතුළු පසුපෙළ පිතිකරුවන් සමත් වීම කැපීපෙනුණේ පසුගිය ටෙස්ට් තරග කිහිපයට සාපේක්ෂව ශ්‍රී ලංකා පසුපෙළ තරමක් ශක්තිමත් වී තිබෙන බව පෙනීම නිසයි.

දිල්රුවන් හා ලක්මාල් පිළිවෙළින් ලකුණු 16කට හා ලකුණු 3කට දැවී ගිය පසුව දික්වැල්ල හා පිටියේ එක්කාසු වූ කසුන් රාජිත 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 35ක් සබඳතාවයක් ගොඩනංවා තිබිය දී පළමු දිනයේ ක්‍රියාත්මක වූ 86 වැනි පන්දු වාරයේ අවසන් පන්දුවේ දී කසුන් රාජිතගේ ඉනිම ලකුණු දෙකකට නිමා වීමත් සමඟම තරගයේ පළමු දිනය අවසන් කිරීමට තරග විනිසුරුවරුන් තීරණය කරන ලදි.

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 10 වන ටෙස්ට් අර්ධ ශතකය සාර්ථක කර ගත් දික්වැල්ල 4 පහර 10ක් එල්ල කරමින් නොදැවී ලකුණු 73*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටින්නේ සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරගැනීමේ බලාපොරොත්තුව ඇතිවයි. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කළ දකුණතින් වේගපන්දු යවන ටීම් සවුති ලකුණු 67කට කඩුලු 5ක් දවා ගන්නා ලදි.

ශ්‍රී ලංකා පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 275/9 (87): ඇන්ජලෝ මැතිව්ස් 83, දිමුත් කරුණාරත්න 79, නිරෝෂන් දික්වැල්ල 73*, ටීම් සවුති 5/67, නීල් වැග්නර් 2/75.

තරගය හෙට (16) දෙවන දිනය වෙනුවෙන් පැවැත්වෙන අතර එම තරගයේ තොරතුරු ද ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<