සුජාන් සහ ආකීබ් සංචිතයෙන් ඉවතට!

80

බංගබන්ධු ‍රන් කුසලානය සඳහා වන ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතය අද (12) දින නම් කෙරුනා. මෙම සංචිතය සඳහා ක්‍රීඩකයන් 23 දෙනෙකු ඇතුළත් වන අතර එම සංචිතය සඳහා සුජාන් පෙරේරා සහ මොහොමඩ් ආකීබ් ඇතුළත් නොවීම විශේෂත්වයක්.  

Liverpool නූලෙන් ජයගද්දී Chelsea හා Man Utdගෙන් ගෝල රැසක්

කෙටි විරාමයකට පසුව එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලිය නැවතත් ආරම්භ වුණේ පරාජය කරන්නට සමත්….

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙම සංචිතය සඳහා අත්දැකීම් බහුල ක්‍රීඩකයන් පස්දෙනෙකු නම් කර ඇත. 2020 FIFA ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයා බවට පත්වීමට සුජාන් පෙරේරා සමත්වූ අතර ඔහු මෙම සංචිතය සඳහා නම් කර නොතිබීම තරමක ආන්දෝලනාත්මක කරුණකි. 

තවද මීට පෙර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ මොහොමඩ් ආකීබ්, ඩක්සන් පියුස්ලාස්, මධුශාන් ද සිල්වා සහ නවීන් ජූඩ් හටද මෙම සංචිතයේ තම ස්ථාන අහිමිවී තිබේ. ජාතික සංචිතයේ ක්‍රීඩකයෙකු වූ චමෝද් ඩිල්ශාන් දණහිසේ ආබාධයක් නිසාවෙන් සංචිතයෙන් ඉවත්ව ඇත. 

මෙම වසරේ ජනවාරි මස 08 වනදා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ThePapare.com වෙත එවන ලද සංචිතයට මොහොමඩ් ආකීබ් ඇතුළත්ව සිටි අතර පසුව ජනවාරි 09 වනදා මාධ්‍ය වෙත යොමුකළ සංචිතයේ මොහොමඩ් ආකීබ් වෙනුවට වසීම් රසීක් ඇතුළත් කර තිබිනි. 

මෙම තරගාවලිය සඳහා සර්වාන් ජොහාර්, එඩිසන් ෆිගුරාඩෝ, ඥානාරූබන් විනෝද්, රුවන් අරුණසිරි සහ අමිත් කුමාර නැවත කැඳවා තිබේ. ඒ වසරකට පමණ පසුවයි. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ඉවත්කර පසුව දකුණු ආසියානු තරගාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා සංචිතයට නම් කළ ශබීර් රසූනියා ද මෙම සංචිතය සඳහා නම් කර ඇත. ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතය සඳහා පළමු වරට තර්මකුලනාතන් කාජකෝපන් කැඳවා ඇත. 

Blue Eagle සහ පොලිසිය අවසන් පූර්ව වටයට

2019/20 Vantage FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග දෙකක් අද (11) දිනයේ දී කොළඹ…

සංචිතයේ සිදුකළ මෙම වෙනස්කම් සඳහා කිසිඳු හේතුවක් පාපන්දු සම්මේලනය විසින් ඉදිරිපත් කර නැත. 

බංග්ලාදේශයේ දී පැවැත්වෙන බංගබන්ධු කුසලානය මෙවර 6 වන වරට පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඒ සඳහා ජනවාරි මස 15 සිට 25 දක්වා සහභාගී වීමට නියමිතය. බංග්ලාදේශ පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන මෙම තරගාවලිය නම් කර ඇත්තේ එරට ජාතියේ පියා ලෙස සැලකෙන බංගබන්ධු ශීක් මුජිබර් රහ්මාන් නමිනි. 

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 6 ක් සහභාගී වන අතර ඔවුන් මූලික වටයේ දී කාණ්ඩ දෙකක් යටතේ තරග වදිනු ලබයි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් වල 205 වන ස්ථානය හිමිකර ගෙන සිටින අතර ඔවුන් බංග්ලාදේශය සහ පලස්තීනය සමඟින් A කාණ්ඩය යටතේ තරග වදිනු ඇත. බංග්ලාදේශය ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 187 වන ස්ථානය හිමිකර ගෙන සිටින අතර පලස්තීනය 106 වන ස්ථානයේ රැඳී සිටියි. තරගාවලියේ B කාණ්ඩය සඳහා බුරුන්දි, මවුරිටියුස් සහ සීශෙල්ස් කණ්ඩායම් සහභාගී වේ. ඔවුන් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි පිළිවෙලින් 151, 172 සහ 200 වන ස්ථාන වල රැඳී සිටියි.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මෙම තරගාවලිය සඳහා දෙවතාවක් සහභාගී වී ඇත. ඒ 2015 සහ 2016 වසර වලදී ය. එම තරගාවලි ද්විත්වයේම මූලික වටයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. 

පසුගිය වසරේ (2019) ඔක්තෝබර් මාසයේ දී පැවති තරගාවලියේ දී අවසන් තරගය සඳහා පලස්තීනය සහ ටජිකිස්ථානය සුදුසුකම් ලබා සිටියහ. එහිදී කණ්ඩායම් දෙකම ගෝල නොලබා තරගාවලිය නිමා කළ අතර දඬුවම් පහර 4-3 ක් ලෙස ටජිකිස්ථානය පරාජය කරමින් ශූරතාවය දිනා ගැනීමට පලස්තීනය සමත් විය. 

අළුත් ගමනක් සමඟින් යළි පිඹිදෙන කළුතර බ්ලූ ස්ටාර්

කළුතර බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයේ සභාපති ධූරයෙහි වෙනසක් සිදු කරමින් එම තනතුරෙහි වගකීම යෝෂිත…

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය: 

මොහොමඩ් ෆසාල් (නායක), මොහොමඩ් ඉශාන්, මනරම් පෙරේරා, චරිත රත්නායක, මරියතාස් නිත්‍රාසන්, හර්ශ ප්‍රනාන්දු, ජූඩ් සුමන්, සුන්තරාජ් නිරේශ්, චලන චමීර, වසීම් රසීක්, කලීඩ් අස්මිල්, දිලිප් පීරිස්, චතුර ලක්ශාන්, අමාන් ෆයිසර්, නුවන් ගිම්හාන, ශබීර් රසූනියා, රුවන් අරුණසිරි, තර්මකුලනාතන් කාජකෝපන්, ඥානාරූබන් විනෝද්, එඩිසන් ෆිගුරාඩෝ, සර්වාන් ජොහාර්, අමිත් කුමාර, මොහොමඩ් ශහීල්. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<