ඉන්දියාවේ එංගලන්ත සංචාරය අවදානමේ

155

ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක Prasidh Krishnaට COVID-19 වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙනවා. ඔහු අතරමග අතහැර දැමූ IPL තරගාවලියේ Kolkata Knight Riders කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළා.

එංගලන්තයේ සංචාරයක යෙදෙන ඉන්දීය කණ්ඩායම ඊයේ (07) නම් කළ අතර ඒ සඳහා අතිරේක ක්‍රීඩකයෙක් ලෙස Prasidh Krishna ද නම් කර තිබීම විශේෂත්වයක්. 

Cricbuzz වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට Varun Chakravarthy හා Sandeep Warrierට COVID ආසාදනය වී ඇතැයි හඳුනා ගත් අවස්ථාවේ දී Krishnaගේ COVID පරීක්ෂණය ධනාත්මක නොවූ බවයි. එම පරීක්ෂණය පවත්වා තිබුණේ අහමදාබාද් හිදියි.

තවත් ක්‍රිකට් පුවත්:

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර තිබුණේ IPL තරගාවලිය අත්හිටු වීමෙන් පසුව බැංගලෝර් වෙත ගිය Krishna හට එහි දී සිදු කළ පරීක්ෂණයක දී COVID-19 ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවයි.

“ඔහු ජෛව ආරක්‍ෂිත බුබුළෙන් ඉවතට යනතුරු ඔහු හොඳින් සිටියා” KKR කණ්ඩායමේ බලධාරියෙක් Cricbuzz වෙත පවසා තිබුණා. Knight Riders දින පහක නිරෝධානයකට ද ලක් කර තිබුණේ ඔවුන්ගේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට වයිරසය ආසාදනය ඇති බව තහවුරු වූ නිසයි.

මේ හේතු නිසා Krishna හට එංගලන්ත සංචාරය අහිමි වීමටත් ඉඩ තිබෙනවා. “Wriddhiman Sahaට වගේම ඔහුගේ තත්වයත් සලකා බලලා තමා අපි තීරණයක් ගන්නේ. Sahaටත් IPL බුබුළේ දී COVID-19 ආසාදනය වී තිබුණා” ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලධාරියෙක් පවසා තිබුණා. තවත් සති තුනකින් ඔවුන් දෙදෙනා ගැනම තීරණයක් ගැනීමට නියමිතයි.

Krishna පසුගිය මාර්තු මාසයේ දී එංගලන්තයට එරෙහිව සිය මංගල ජාත්‍යන්තර එක්දින තරගය ක්‍රීඩා කළා. ඔහු මේ වන විට එක්දින තරග තුනක් ක්‍රීඩා කර තිබෙනවා.

KKR කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකුට COVID-19 ආසාදනය ඇතැයි වාර්තා වුනා. නවසීලන්ත ක්‍රීඩක Tim Seifert IPL, කොරෝනා පොකුරේ ගොදුරක් බවට පත්ව තිබෙන අතර ඔහු මේ වන විට අහමදාබාද් හි නිරෝධායනය වෙනවා.

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<