කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ප්‍රථම ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

පස්වන දිනය වෙනුවෙන් තරගය ආරම්භ කරන විට, පාකිස්තානු කණ්ඩායම පිටියට පිවිසියේ කෙසේ හෝ ශ්‍රී ලංකා පිතිකරුවන් ඉක්මනින්ම දවා ගැනීමේ අරමුණ ඇතිවයි. දකුණත් පිතිකරු කුසල් මෙන්ඩිස් හා එක්වූ සුරංග ලක්මාල් උදෑසන කාලයේ මුල් මිනිත්තු කිහිපය තුළ ඔවුන්ගේ පදනම තවදුරටත් සකස් කර ගැනීමට වෑයම් කළත්, එය සාර්ථක කර ගැනීමට මොහොමඩ් අබ්බාස් අවස්ථාව ලබා දුන්නේ නැත. එහි දී මෙන්ඩිස් පන්දු 72ක් තුළ ලකුණු 18ක් ලබාගෙන සිටිය දී කඩුල්ල මුවාකිරීමේ වරදට හසු විය. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 73ක් ලෙස සටහන් විය.
ශ්‍රී ලංකා පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 419 (පන්දුවාර 154.5): දිනේෂ් චන්දිමාල් 155*, දිමුත් කරුණාරත්න 93, නිරෝෂන් දික්වැල්ල 83, දිල්රුවන් පෙරේරා 33, මොහොමඩ් අබ්බාස් 3/75, යසීර් ෂා 3/120, හසන් අලි 2/88.
පාකිස්තානු පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 422 (පන්දුවාර 140): අසාර් අලි 85, හැරිස් සොහෙයිල් 76, ශාන් මසූඩ් 59, සැමී අස්ලාම් 51, අසාද් ශෆීක් 39, රංගන හේරත් 5/93, සුරංග ලක්මාල් 2/42, නුවන් ප්‍රදීප් 2/77.
ශ්‍රී ලංකාව දෙවන ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 138 (පන්දුවාර 66.5): නිරෝශන් දික්වැල්ල 40*, කෞශාල් සිල්වා 25, යසීර් ශා 5/51, මොහොමඩ් අබ්බාස් 2/22.
පාකිස්තානු දෙවන ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 114 (පන්දුවාර 47.4): හැරිස් සොහෙයිල් 34, අසාද් ශාෆික් 20, සෆ්රාස් අහමඩ් 19, රංගන හේරත් 6/43, දිල්රුවන් පෙරේරා 3/46.
සම්පූර්ණ වාර්තාව: වාර්තා පිට වාර්තා තැබූ හේරත් තියුණු ජයකට මඟපාදයි
රෙවාන් නොදැවී 102යි

සාන්ත ජෝසප් විද්‍යාලයේ ආරම්භක වමත් පිතිකරුවා වන රෙවාන් කෙලී දිනය නිමා වන විට ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව නොදැවී ලකුණු 102ක් ලබා සිටියේය. ඔහුගේ නිමා නොවූ ඉනිම පන්දු 133කින් සමන්විත වූ අතර එම ඉනිමට හතරේ පහර 11ක් සහ හයේ පහරක් ඇතුළත් විය.
ඩී. එස්. සේනානායක විද්‍යාලය; පළමු ඉනිම පන්දුවාර 50.4ක දී සියලුම දෙනා දැවී 186: පසිඳු ආදිත්‍ය 41, දසුන් පෙරේරා 41, විහාන් ගුණසේකර 34, සාලින්ද සෙනෙවිරත්න 5/45, අශේන් ඩැනියෙල් 5/6
සාන්ත ජෝසප් විද්‍යාලය; පළමු ඉනිම පන්දුවාර 42.0ක දී කඩුලු 4ක් දැවී 164: රෙවාන් කෙලී නොදැවී 102, සචින් රවිඳු 32, මිතුශාන් කුමාර 2/34
සම්පූර්ණ වාර්තාව: රෙවාන් කෙලී, සාලින්ද සහ අශේන් සාන්ත ජෝසප් නම බබලවති





















