ගෙවුනු දවස සැප්තැම්බර් 1 – ජාතික වාර්තා 2ක් අලුත් වේ

252

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

රග්බි –

තරග දෙකක් පරාදයි; එකක් දිනුම්

pic 1

2017 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය ඊයේ (01) ඇරඹුණේ ආසියාවේ ප්‍රබලතම කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන්. එහි දී ශ්‍රී ලංකාව සහභාගී වූ තරග 3ක් ඊයේ පැවති අතර එහි දී ජපානය හමුවේ 33-05ක් ලෙස පරාජය වන්නටත්, චීන තායිපේ හමුවේ 52-05ක් ලෙස ජය ගන්නටත්, කොරියාව හමුවේ 22-14ක් ලෙස පරාජය වන්නටත් ඔවුන්ට සිදු විය.

  • ශ්‍රී ලංකාව 14 (2T 2C) – 22 (4T 1C) කොරියාව
  • ශ්‍රී ලංකාව 52 (8T 6C) – 07 (1T 1C) චීන තායිපේ
  • ජපානය 33 (5T 4C) – 05 (1T) ශ්‍රී ලංකාව

මලල ක්‍රීඩා –

නව තරග වාර්තා 3ක්

pic 2 (1)

එළඹෙන ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට හා පොදුරාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා තරග සඳහා දක්ෂයින් සොයා යන “95 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය” ඊයේ (31) ආරම්භ වූ අතර එහි දෙවන දිනය ඊයේ (1) දිනය පුරාවටම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේ දී පැවැත්විය. ඊයේ දිනය තුල ජාතික වාර්තා දෙකක් හා නව තරග වාර්තා තුනක් අලුත් වීම කැපී පෙනුණි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය තුල ඊයේ දිනයේ දී කාගේත් අවධානයට ලක්වූ පිරිමි හා කාන්තා මීටර 100 අවසන් මහා තරගය ඇතුළුව තවත් අවසන් මහා තරග කිහිපයක්ම සාර්ථකව නිමාවට පත්විය.

සම්පූර්ණ වාර්තාව: තරගාවලි වාර්තා සහ ජාතික වාර්තා අලුත් වූ දිනයක්

දිනයක අවසානය