කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
වැන්ඩර්සේ, සීකුගේ එක්දින තරගයට

ලසිත් මාලිංග පසුගිය කාලයේ නිසි දක්ෂතා අතර නොසිටීම නිසා සිය කැමැත්තෙන්ම එක්දින සංචිතයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. මැතිව්ස්ගේ කළව ආශ්‍රිතව ඇතිවූ ආබාධය තවමත් පූර්ණ ලෙස සුව නොවීම නිසා මෙම සංචිතය සඳහා ඔහුව නම් කර නැත.
සම්පූර්ණ සංචිතය: ශ්‍රී ලංකා එක්දින සංචිතය නිකුත් වේ
MAS සිලුඒටා පිලට පහසු ජයක්

එහි දී ජයග්‍රහණ වාර්තා කර ගත්තේ MAS සිලුඒටා, කොමර්ෂල් ක්‍රෙඩිට් සහ ජෝන් කීල්ස් යන කණ්ඩායම් තුනයි. දිනයේ පන්දුවෙන් සුපිරි දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් බවට අරුණ ඩයස් සහ තරිඳු රත්නායක සමත් වෙද්දී දෙනුවන් රාජකරුණා, කවීන් බණ්ඩාර සහ රංග කුරේ පිත්තෙන් පිටිය වර්ණවත් කරමින් ජයග්‍රාහී කණ්ඩායම්වල කොටස්කරුවන් බවට පත්වූහ.
MAS සිලුඒටා – සියල්ලන්ම දැවී ලකුණු 270 (පන්දුවාර 48.1): දෙනුවන් රාජකරුණා 81, ශෙහාන් ප්‍රනාන්දු 55, ඇන්ජෙලෝ එමානුවල් 44, දුශාන් හේමන්ත 29, චරණ නානායක්කාර 21, සඳකැන් පතිරණ 2/12, කවිඳු බණ්ඩාර 2/42, ඩිලාන් චන්දිම 2/42, මනෙල්ක ද සිල්වා 2/68.
පවර් ටෙක් සිමෙන්ති සමාගම – සියල්ලන්ම දැවී 216 (පන්දුවාර 35.1): මනෙල්ක ද සිල්වා 88, සඳකැන් පතිරණ 31, බුද්ධික සංජීව 3/60, දුශාන් හේමන්ත 3/35, ඇන්ජෙලෝ එමානුවෙල් 2/29.
සම්පූර්ණ වාර්තාව: කොමර්ෂල් ක්‍රෙඩිට්, ජෝන් කීල්ස් සහ MAS සිලුඒටා ජය ලබති
රිච්මන්ඩ් – ජෝසප් වාස් තරගය ජය පරාජයෙන් තොරයි

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම – 245/10 (69.5): ආධිත්‍යය සිරිවර්ධන 66, තවීශ අභිෂේක් 60, දිනෙත් ප්‍රනාන්දු 4/63, ක්‍රිශේන් අප්පුහාමි 3/60.
ජෝසප් වාස් විද්‍යාලය පළමු ඉනිම – 183/10 (36.2): යොහාන් පීරිස් 54, තිලාන් ප්‍රදීප්ත 39, දිනිත ප්‍රනාන්දු 26, සඳුන් මෙන්ඩිස් 3/49.
රිච්මන්ඩ් විද්‍යාලය දෙවන ඉනිම – 266/4 (62): දිලුම් සුධිර 74*, ආධිත්‍යය සිරිවර්ධන 65*, අකාශ් කාවින්ද 60, විනුජ කිරිඇල්ල 44, නෙරංජන රොද්‍රිගෝ 3/64.
සම්පූර්ණ වාර්තාව: මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩක රොශේන්ගෙන් අගනා ශතකයක්





















