සාම මැරතන් තරගයට නැවතත් බාධා

70

පවතින කොරෝනා වසංගත තත්වය නිසාවෙන් ජුනි මස 21 වැනිදා දක්වා කල්දැමූ “Kigali Peace Marathon” තරගය නැවතත් මෙම වසරේ ඔක්තෝබර් මාසය දක්වා කල් දැමීමට සංවිධායකයින් තීරණය කරන ලදි. තරගය පැවැත්වෙන දිනය පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැත.

පැරා ක්‍රීඩකයන්ගේ අවසන් බලාපොරොත්තුවත් බිඳ වැටේ

මේ දිනවල පැතිර යන කොරෝනා වසංගත තත්වය නිසාවෙන් ….

මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් “Rwanda athletics federation” හී ප්‍රධානී ෆිදෙල් මුබිලිගි මහතා ප්‍රකාශ කර සිටියේ මෙම අවස්ථාවේ දී ගත හැකි හොඳම තීරණය මෙය බවයි.

“අප මෙම තත්වය පිළිබඳව විශාල අවධානයක් යොමු කර සිටියා. එහි දී අපි තේරුම් ගත්තා මෙය අපගේ මෙන්ම මෙයට සහභාගි වන සියලුම දෙනාගේ සැලසුම්වලට බාධාවක් එල්ල කරන බව, එම නිසා අපට ගත හැකි හොඳම තීරණය තරගය නැවතත් කල් දැමීම පමණයි” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

මෙම වසංගත තත්වය නිසාවෙන් මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ සුප්‍රකට බොස්ටන් මැරතන් තරගය, ලන්ඩන් මැරතන් තරගය ඇතුළු බොහෝ තරග කල් දැමීමට ඒවායේ සංවිධායකයින් තීරණය කරන ලදි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<