ගෙවුනු දවස: නොවැම්බර් 29 – මහානාමයට සුපිරි ජයක්

443
Sri Lanka Sports News

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 ක්‍රිකට් 

යලිත් ප්‍රකට වූ මලිඳුගේ දස්කම්

වයස අවුරුදු 19න් පහළ සිංගර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් එක් තරඟයක් කොළඹ ඉසිපතන විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය අතර ඊයේ (29) BRC පිටියේදී අවසන් විය. මෙම තරඟයෙන් මහානාම විද්‍යාලය ඉණිමක හා ලකුණු 4ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

ඉසිපතන විද්‍යාලයේ පළමු ඉණිම – 152/10 (40.2): පැතුම් නිස්සංක 50, හේශාන් ප්‍රනාන්දු 21, හශාන් සංදීප 4/19, හේශාන් හෙට්ටිආරච්චි 3/40

මහානාම විද්‍යාලයේ පළමු ඉණිම – 240/10 (86.2): මලිදු මදුරංග 72, හේශාන් හෙට්ටිආරච්චි 46, කවිදු මුණසිංහ 30, ගිහාන් මුදලිගේ 20, ලහිරු ඩිල්ශාන් 4/65, නිරංජන වන්නිආරච්චි 2/49, හේශාන් ප්‍රනාන්දු 2/34

ඉසිපතන විද්‍යාලයේ දෙවන ඉණිම – 84/10 (21.4): හේශාන් ප්‍රනාන්දු 39, අයන සිරිවර්ධන 26, මහේල ද සිල්වා 3/15, හශාන් සංදීප 3/23, විහාන් මුදලිගේ 3/13

සවිස්තර ලිපිය: මහානාමයට ඉණිමක හා ලකුණු 4ක් සුපිරි ජයක්


පළමු දිනයට කෝල්ට්ස් 318ක්!

දේශීය ක්‍රිකට් පිටියේ සැඟවුණු දක්ෂයින් ජාත්‍යන්තරය කරා රැගෙන යාමේ අරමුණින් පැවැත්වෙන ප්‍රිමියර් ලීග් තරග වාරයේ, කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ මූවර්ස් ක්‍රීඩා සමාජය අතර තෙදින ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (29) කොළඹ දී ආරම්භ විය.

ඊයේ උදෑසන කාසියේ වාසිය දිනාගත් මූවර්ස් නායක කෝසල කුලසේකරගේ ඇරයුමට අනුව පිටියට පිවිසි කෝල්ට්ස් පිතිකරුවෝ ප්‍රථම දිනය නිමාවන විට කඩුලු 6ක් දැවී ලකුණු 318ක් රැස් කළහ. ඒ අනුව ප්‍රථම දිනය තුලදී සාර්ථක පිතිහරඹයක් දියත් කල සත්කාරක කෝල්ට්ස් ක්‍රිකට් සමාජය මේ වන විට තරගයේ පෙරමුණ ගන්නට සමත්ව සිටියි.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – කඩුලු 6ක් දැවී ලකුණු 318 (පන්දුවාර 89): දිල්රුවන් පෙරේරා 80, කාංචන ගුණවර්ධන 74, අජඩ්ලා ජයසිංහ 72, හෂාන් දුමිඳු 39, කෝසල කුලසේකර 2/51, උමේෂ්ක මොරායස් 2/95.

සවිස්තර වාර්තාව: ප්‍රථම දිනය නිමාවන විට කෝල්ට්ස් ක්‍රීඩකයින් පෙරමුණේ

දිනය නිමාව