ගෙවුනු දවස: නොවැම්බර් 04 – උත්කර්ශවත් සැණකෙලියක ආරම්භය

320

වසය අවුරුදු 19න් පහල තරගාවලියේ ඡායාරූපයක් ©ThePapare.comBRC සික්සස් තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අනුග්‍රාහක චෙක්පත පිරිනමමින් ©ThePapare.comඩයලොග් ලීග් රග්බි තරගාවලියේ සමාරම්භක තරගයේදී පොලිස් ක්‍රීඩකයෝ නාවිකයන් හමුවේ තරග වැදෙමින් ©ThePapare.com

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

රග්බි –

නාවිකයෝ පොලීසිය පරදවයි

2016/17 ඩයලොග් ලීග් රග්බි තරඟාවලිය ආරම්භ කරමින් ප්‍රථම තරගය ඊයේ (4), නාවික හමුදා කණ්ඩායම සහ පොලිස් කණ්ඩායම අතර බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී පැවැත්වූ අතර එහිදී තරඟාවලියේ ප්‍රථම ජයග්‍රහණය තමා සතු කරගන්නට ප්‍රබල නාවික හමුදා කණ්ඩායම සමත් වූයේ ලකුණු 29-08ක් ලෙස පොලිස් ක්‍රීඩකයෝ පරාජය කරමිනි.

පළමු අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 14 – 08 පොලිස් ක්‍රීඩා සමාජය

අවසන් ලකුණු: නාවික හමුදා ක්‍රීඩා සමාජය 29 (4T 3C 1P) – 08 පොලිස් ක්‍රීඩා සමාජය (1T 1P)

විනිසුරු: අරුණ රන්කොත්ගේ.

ThePapare.com තරඟයේ වීරයා: සත්‍ය රණතුංග (නාවික හමුදා ක්‍රීඩා සමාජය)

සම්පූර්ණ ලිපිය: තරගාවලිය ආරම්භයේදීම ජයග්‍රහණය නාවිකයන්ට


ක්‍රිකට් –

කවිශ් කුමාර්ගෙන් ශතකයක්

සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සාර්ථක දිනයක් ඊයේ (04) නිමා වූ අතර ඊයේ අවසන් වූ තරඟ දෙකකින් එක් තරඟයක, පළමු ඉණිමක ජයක් ලබා ගැනීමට තර්ස්ටන් විද්‍යාලය සමත් වූ අතර අනෙක් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් විය.

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉණිම – 215/10 (62.3): කවිශ් කුමාර 107, රවිදු රසන්ත 22, පසන් සමරතුංග 5/52

රාහුල විද්‍යාලය පළමු ඉණිම – 83/4 (39): ලකිදු චමෝද් 24*

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉණිම – 181/08dec (45.1): චරණ නානායක්කාර 82, ප්‍රදීශ මෙන්ඩිස් 33, නිමේෂ් ලක්ෂාන් 21, කාවින්ද පීරිස් 5/45

ජනාධිපති විද්‍යාලය දෙවන ඉණිම – 105/05 (31.2): සචිත ලියනගේ 41, සඳරු ඩයස් 2/41

ජනාධිපති විද්‍යාලය පළමු ඉණිම – 119/10 (45.1): හෂාන් ප්‍රියදර්ශන 34, සචිත ලියනගේ 30, චරණ නානායක්කාර 2/17, සඳරු ඩයස් 2/20

සම්පූර්ණ ලිපිය: තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉණිමක ජයක්


BRC සික්සස් නැවතත්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර් සමාජ සය සාමාජික ක්‍රිකට් තරඟාවලිය වූ “BRC සික්සස්” තරඟාවලිය වසර 20ක නිහැඬියාවකින් පසු මේ වසරේ නොවැම්බර් 12 සහ 13 යන දිනයන් හිදී යළි පැවැත්වෙන බව BRC ක්‍රීඩා සංගම් ශාලාවේදී ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී දැනුම් දෙනු ලැබිණි.

1969දී ප්‍රථමයෙන්ම ආරම්භ කරන ලද තරඟාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් දහස් ගණනක් උනන්දුවෙන් නරඹන තරඟාවලියක් බවට පත්ව තිබුණි. අවසන් වරට තරඟාවලිය පැවැත්වූයේ BRC ක්‍රීඩා සමාජයේ ශත සංවත්සරය යෙදී තිබූ 1996 වසරේ, එවකට BRC නායක දීපාල් මදුරප්පෙරුම ක්‍රීඩා කරන සමයේදීය.

සම්පූර්ණ වාර්තාව: වසර 20කට පසු BRC සය සාමාජික ක්‍රිකට් තරඟාවලිය නැවතත්

දිනයක නිමාව