කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ක්‍රිකට් –
නාලන්දාවත් අවසන් පූර්ව වටයට

ධර්මාශෝක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 246 (පන්දුවාර 49.5): කවිශ් කුමාර 63, රවිදු රශන්ත 53, කසුන් මදුරංග 32, මාලිංග අමරසිංහ 3/41, ලක්ෂිත රසාංජන 3/44
නාලන්ද විද්‍යාලය – කඩුලු 7ක් දැවී ලකුණු 248 (පන්දුවාර 48.1): දසුන් සෙනෙවිරත්න 59, සුහඟ විජේවර්ධන 54, කසුන් සඳරුවන් 29, ලක්ෂිත රසාංජන 25, කලන කත්‍රිආරච්ච් 20, මනුරංග ද සොයිසා 2/36
සම්පූර්ණ ලිපිය: තියුණු ජයක් සමඟ නාලන්දාවෝ අවසන් වටයට
සහිරාවන් නිජ බිමේ දී පරාජය වේ

ප්‍රථම අර්ධය: සහිරා විද්‍යාලය 12 – 24 ත්‍රිත්ව විද්‍යාලය
අවසන් ලකුණු තත්වය: සහිරා විද්‍යාලය 26 – 34 ත්‍රිත්ව විද්‍යාලය
ThePapare.com තරගයේ වීරයා: දිලුක්ෂ දංගේ (ත්‍රිත්ව)
ලකුණු සටහන:
ත්‍රිත්ව විදුහල 34 (24) 6T 2c
උත්සාහක දිනුම් – දිලුක්ෂ සංගේ (2), ලෂේන් විජේසූරිය, හසිරු වැලිවත්ත, ගෞරව බණ්ඩාර, අනුක බෝයගොඩ
ප්‍රවර්තන – ලෂේන් විජේසූරිය (2)
සහිරා විද්‍යාලය 26 (12) 4T 3C
උත්සාහක දිනුම් – සයිඩ් සිංහවංස (2), යුස්රාන් ලන්ත්‍රා, මොහොමඩ් ඉර්ෆාන්
ප්‍රවර්තන – සයිඩ් සිංහවංස (3)






















