කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ දී ක්‍රීඩාවේ යෙදුණු ආකාරය බැලූ විට ඔවුන් ටෙස්ට් ජයග්‍රහණයක් ලබා ගැනීමට සුදුසු තත්ත්වයක නොසිටි බව පැහැදිලිවම නිරූපණය විය. එබැවින් අගෝස්තු මස 3 වැනිදා කොළඹ SSC පිටියේ දී ඇරඹෙන දෙවැනි ටෙස්ට් තරගයේ දී හෝ මෙම අතපසුවීම් මඟහරවා ගැනීම අතිශයින්ම වැදගත් වනු ඇත. ඒ සඳහා දින 4ක පමණ කාලයක් ශ්‍රී ලංකාවට ඉතිරිව ඇත. කෙසේ වෙතත් ඉදිරි තරගවල දී ද මේ අයුරින්ම තරගයකින් තොරවම ශ්‍රී ලංකා පිළ දරුණු පරාජයන් හිමිකර ගතහොත් ප්‍රේක්ෂකයින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් තවදුරටත් ඈත්වීම වළක්වාගත නොහැකි වනු ඇත.
ඉන්දීය ප්‍රථම ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 600 (පන්දුවාර 133.1): ශිකර් ධවාන් 190, චෙටෙස්වර් පුජාරා 153, අජින්ක්‍යා රහානේ 57, හාර්දික් පාණ්ඩ්‍යා 50, රවිචන්ද්‍රන් අශ්වින් 47, මොහොමඩ් ශමි 30, නුවන් ප්‍රදීප් 6/132, ලහිරු කුමාර 3/131.
ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 291 (පන්දුවාර 78.3): දිල්රුවන් පෙරේරා 92, ඇන්ජෙලෝ මැතිව්ස් 83, උපුල් තරංග 64, ධනුෂ්ක ගුණතිලක 16, රවින්ද්‍ර ජඩේජා 3/67, මොහොමඩ් ශමී 2/45, හාර්දික් පාණ්ඩ්‍යා 1/13.
ඉන්දීය දෙවන ඉනිම – කඩුලු 3ක් දැවී ලකුණු 240 (පන්දුවාර 53): විරාත් කෝලි 103*, අභිනව් මුකුන්ද් 81, අජින්ක්‍යා රහානේ 23, චෙටෙස්වර් පුජාරා 15, ධනුෂ්ක ගුණතිලක 1/16, ලහිරු කුමාර 1/59.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 245 (පන්දුවාර 76.5): දිමුත් කරුණාරත්න 97, නිරෝෂන් දික්වැල්ල 67, කුසල් මෙන්ඩිස් 36, දිල්රුවන් පෙරේරා 21*, රවිචන්ද්‍රන් අශ්වින් 3/63, රවින්ද්‍ර ජඩේජා 3/71.
සම්පූර්ණ වාර්තාව: මව්බිමෙන් පිටත දී ලැබූ දැවැන්තම ටෙස්ට් ජය ඉන්දියාවට!
හොං කොං යන රග්බි කණ්ඩායම
ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව මගින් ආසියානු වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කොට ඇත. මේ සඳහා ක්‍රීඩකයන් 12 දෙනෙකු තේරී පත් ව ඇති අතර මෙම තරගාවලිය එළඹෙන අගෝස්තු මස 4 සහ 5 යන දිනයන් හි හොංකොං දේශයේ දී පැවැත්වීමට නියමිතය.
අත්දැකීම් බහුල පසුගිය තරග සමයේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය දැරූ නවීන් හේනකන්කානම්ගේ මෙම තරගාවලිය සඳහා නායකත්වයට තේරී පත් වී ඇත. උප නායක වශයෙන් ඔහුට සහය වන්නේ තවත් අත්දැකීම් සපිරි ක්‍රීඩකයෙකු වන සුපුන් ඩිල්ශාන් ය.
සම්පූර්ණ සංචිතය: 20න් පහළ සත් සාමාජික රග්බි සංචිතය






















