පාන්ඩ්‍යා සහ රාහුල් ගෙදර යවමින් සංචිතයට නවකයින් දෙදෙනෙක්

1365

පසුගිය දිනක රූපවාහිනී වැඩසටහනක් අතරතුර දී සිදු කළා යැයි කියන මතභේදාත්මක ප්‍රකාශ කිහිපයක් පදනම් කරගනිමින් ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් සහ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යා හට තරග තහනමක් පැනවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණයක් කර තිබුණි.

ඉන්දීය කණ්ඩායමේ වෙහෙස වතුරේ යයි

වාර්තා කිහිපයක් අලුත් කරමින් පසුගිය දා නිමා වූ ටෙස්ට් තරගාවලිය 3-1ක් ….

ඒ අනුව මේ දිනවල ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රියාත්මක වන එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ වරම රහුල් සහ පාන්ඩ්‍යා හට අහිමි වීම නිසා ඔවුන් දෙදෙනා වෙනුවට ශුබ්මාන් ජිල් සහ විජය ශංකර් සංචිතයට එක්කර ගැනීමට තේරීම් කමිටු බලධාරීන් පියවර ගෙන තිබේ.

ඉන්දියාව තුල අතිශය ජනප්‍රිය ‘කොෆි විත් කරන්’ සජීවී රූපවාහිනි වැඩසටහන සඳහා එක්වූ මොවුන් දෙදෙනා එහි දී කාන්තාවන් මුල්කොට ගනිමින් ගෙන ගිය සංවාද කිහිපයක් හේතුවෙන් උද්ගත වූ මෙම ගැටලුව පිළිබඳ විධිමත් විනය පරීක්ෂණයකින් අනතුරුව අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් ජාත්‍යන්තර තරග සඳහා සහභාගී වීමේ අවස්ථාව ඔවුන් හට අහිමි වී ඇත.

ඕස්ට්‍රේලියාව සමඟ හෙට (15) දිනයේ දී පැවැත්වීමට නියමිත දෙවන එක්දින තරගය සඳහා විජය ශංකර් සංචිතය සමඟ එක්වීමට නියමිත අතර ගිල් නවසීලන්තය බලා පිටව යන ඉන්දීය සංචිතය වෙත සිය දායකත්වය සැපයීමට නියමිතයි.

තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට නවකයින් වන මොවුන් දෙදෙනා අතරින් ශංකර් විස්සයි විස්ස තරග 5ක දී ඉන්දියාව නියෝජනය කර ඇති අතර ගිල් තවමත් සිය මංගල තරගය ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් පසු වේ.

වසර 33කට පසු ශ්‍රී ලංකා යෞවනයෝ ඉතිහාසය අලුත් කරයි

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අතර සිංහල …

පසුගිය වසරේ පැවති වයස අවු. 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී තරගාවලියේ වීරයා සම්මානයෙන් අභිෂේක ලත් ගිල් ඉන් නොනැවතී දේශීය පළමු පෙළ තරගාවලීන්හී දක්ෂ ලෙස තම පිත්ත හසුරුවමින් සහභාගී වූ තරග 37 තුල දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 47.72 අගයක රඳවා ගැනීමට සමත් වී තිබේ.

පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් පාන දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසින් නම් දරා සිටින විජය ශංකර් ඔහු සහභාගී වූ ප්‍රථම ජාත්යන්තර තරග කිහිපයේ දී අපේක්ෂිත මට්ටමේ දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වුවත් පසුගිය දා නිමාව දුටු ඉන්දීය ඒ කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ දී තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමේ ගෞරවය තමන් සතු කරගැනීමට සමත් විය. ඉන්දීය ඒ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කර ඇති තරග 14 තුල දී ලකුණු සාමාන්‍යය 48.55ක් වැනි ඉහල මට්ටමක පවත්වා ගෙන යාමට ඔහුට හැකි වී තිබේ.

ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියාව සමඟ පැවති පළමු එක්දින තරගය පරාජයට පත් වූ අතර තවත් තරග එක්දින තරග දෙකක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ඔවුන් නවසීලන්තය බලා පිටව යන්නේ එක්දින තරග 5කින් සහ විස්සයි විස්ස තරග 3කින් සමන්විත වූ සීමිත පන්දුවාර තරගාවලීන් දෙකකට මුහුණ දීමට සඳහාය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<