සිංහල සහ රාගම සමාජ ජයග්‍රහණ වාර්තා කරයි

359
Under 23 Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහල අන්තර් සමාජය ක්‍රිකට් තරගාවලියේ තරග 2ක් අද (14) කොළඹ තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදි සහ SSC ක්‍රීඩා පිටියේදි පැවැත්විය.

එම තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට සිංහල ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය සමත් විය.

පසුගිය ලිපි: පිත්තේ වේගය පාකිස්තානු A කණ්ඩායමට ජය මග පාදයි


බදුරලිය ක්‍රිකට් සමාජයට එරෙහිව සිංහල ක්‍රිකට් සමාජය

මෙම තරගාවලිය පුරාවට දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් ඉදිරියට අැදෙන කණ්ඩායම් දෙකක් වන මෙම කණ්ඩායම් දෙක අද SSC ක්‍රීඩා පිටියේදි තරග වැදුනි. කාසියේ වාසිය හිමි කර ගත් සිංහල ක්‍රීඩා සමාජය ප්‍රතිවාදීන්ට පන්දුවට පහර දීමට අාරාධනා කරන ලදි.

බදුරලිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරග වැදුනු පැතුම් මධුශංක පන්දු 64කදි ලකුණු 32ක් ලබා ගන්නා ලදි. ඊට 4 පහරේ 4ක් අැතුලත් වු අතර කණ්ඩායමේ වැඩීම ලකුණු ලාභියාද ඔහුයි. අකාශ් සෙනවිරත්න විසින් ලකුණු 26ක් වාර්තා කරන්නේ පන්දු 53 කදීය. පන්දු යැවීමේදි තරින්දු රත්නායක විසින් ලකුණු 29කට කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය. එන්. තුෂාරද ලකුණු 26කට කඩුළු 3ක් දවා ගන්නා ලදි. අවසානයේ බදුරලිය කණ්ඩායමට පන්දුවාර 44කදි සියළු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 156ක් පමණි.

 තරගයේ ඡායාරූප ඇල්බමයට පිවිසෙන්න 

පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් ලකුණු 157ක් ලබා ගැනීමට පිත්ත අතට ගත් අතර පන්දුවාර 27 පන්දු 2 කදි කඩුළු 3ක් දැවී සිය ඉලක්කය සපුරා ගැනීමට ඔවුන් සමත් විය. දක්ෂ පිතිහරඹයක නිරත වු කාවින්ද තිසේරා විසින් 6 පහර 3ක් සහ 4 පහර 4 සමග පන්දු 39කදි ලකුණු 43ක් වාර්තා කිරීමට සමත් විය. නොදැවී ක්‍රීඩා කල කේ. සංජුල විසින් ලකුණු 33ක් සිංහල සමාජයට වාර්තා කරන ලදි. පන්දු යැවීමේදි මධුශංක රවිචන්ද්‍රකුමාර් සහ චන්දුල වීරසිංහ ලකුණු 23කට කඩුළු 1 බැගින් දවා ගැනීමට සමත් විය.

බදුරලිය ක්‍රිකට් සමාජය – 156/10 (44): පැතුම් මධුශංක 32, අකාශ් සෙනවිරත්න 26, ඉමාල් ලියනගේ 24, තරින්දු රත්නායක 4/29, එන්. තුෂාරද 3/26, රමේෂ් මෙන්ඩිස් 2/32.

සිංහල ක්‍රිකට් සමාජය – 157/3 (27.2): කාවින්ද තිසේරා 43, කේ. සංජුල 33, කවින්දු කුලසේකර 23, වයි. මෙන්ඩිස් 27, මධුශංක රවිචන්ද්‍රකුමාර් 1/23, චන්දුල වීරසිංහ 1/23.

පසුගිය ලිපි: වෝන් – මුරලි කුසලානයේදී මුරලිගේ සහයත් ඔස්ට්‍රේලියාවට


කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජයට එරෙහිව රාගම ක්‍රිකට් සමාජය

කොළඹ තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදි මෙම තරගය පැවති අතර කාසියේ වාසිය දිනා ගනිමින් පිටියට පිවිසි කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය ප්‍රතිවාදීන්ට ලකුණු 172ක ඉලක්කයක් ලබා දුන් අතර එහිදි දමිත් පෙරේරා විසින් අර්ධ ශතකයක් ද වාර්තා කිරීමට සමත් විය. ඔහුගේ අර්ධ ශතකයට 4 පහර 10ක් අැතුලත් විය . තරින්දු දිසානායක ද පන්දු පන්දු 86 කදි ලකුණු 39ක් ලබා යූත් කණ්ඩායමට සහය වීමට සමත් විය. පන්දු යැවීමේදි සුමුදු සමීර විසින් ලකුණු 27කට කඩුළු 4ක් දවා ගැනීමට සමත් වු අතර උදිත් මදුශාන් විසින් තවත් කඩුළු දෙකක් දවා ගනු ලබන්නේ ලකුණු 18කදීය.

 තරගයේ ඡායාරූප ඇල්බමයට පිවිසෙන්න 

පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට එක් වු රාගම ක්‍රීඩකයින් පන්දුවාර 34කදි ලකුණු 173ක් වාර්තා කරමින් ප්‍රතිවාදීන්ගේ අභියෝගයට සාර්ථකව පිලිතුරු දීමට සමත් විය. ඒ සදහා නොදැවී ක්‍රීඩා කල සිමුඑල් කෙබර් ලකුණු 62ක් වාර්තා කිරීමට පන්දු 52ක් තුලදි 4 පහර 5 සහ එක් 6 පහරක් උපයෝගි කර ගන්නා ලදි.  චරිත් සසලංකද ලකුණු 44කින් කණ්ඩායමට සහය වීමට සමත් වු අතර ඒ සඳහා ඔහු පන්දු 52කදි 4 පහර 4ක් සහ එක් 6 පහරක් වාර්තා කරන ලදි.

කුරුණෑගල යූත් සමාජය – 172/8 (50): දමිත් පෙරේරා 76, තරින්දු දසානායක 39, සුමුදු සමීර 4/27, උදිත් මදුශාන් 2/18.

රාගම ක්‍රීඩා සමාජය – 173/1 (34): චරිත් සසලංක 44, සිමුඑල් කෙබර් 62*, සමින්ද ෆර්නැන්ඩො 45*

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට