කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
මීළඟට නායකත්වය කා හට ද?

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් ඊයේ (10) හම්බන්තොට දී නිමා වූ එක්දින තරගාවලිය 3-2ක් ලෙස පරාජයට පත්වීම ඔහුගේ මෙම තීරණයට දැඩි ලෙස බලපා ඇත.
එම අභාග්‍යසම්පන්න තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹට පැමිණි අතර, ඇන්ජලෝ මැතිව්ස් තමන් නායකත්වයෙන් ඉවත්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දී තිබේ. එම තරගාවලියේ පස්වන තරගය නිමාවීමෙන් පසුව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී ද මැතිව්ස් පවසා සිටියේ එම පරාජය ඔහු තම ක්‍රිකට් ජීවිතය තුළ මෙතෙක් අත්නොවිඳී ආකාරයේ දරුණු පරාජයක් බවයි.
සම්පූර්ණ වාර්තාව: ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා නායකත්වයෙන් ඉවතට
අසලංකගෙන් ශතකයක්

ඒ අනුව අද (11) ආරම්භ වූ මෙම තරගාවලියේ තරඟ 4ක් ක්‍රීඩා පිටි කිහිපයක දී පැවැත්විය.. අද දිනය තුළ පිතිකරණයෙන් හිමාශ ලියනගේ හා චරිත් අසලංක කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ අතර පන්දු යැවීමෙන් චරණ නානායක්කාර වැඩි දස්කම් දැක්වීමට සමත් විය.
බස්නාහිර පළාත් දකුණ පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 39 (පන්දුවාර 15.2): චරණ නානායක්කාර 7/22, බිනුර ප්‍රනාන්දු 3/17.
බස්නාහිර පළාත් උතුර පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 155 (පන්දුවාර 53.3): සහන් ආරච්චිගේ 41, සාලින්ද උශාන් 25, බිනුර ප්‍රනාන්දු 24, නිශාන් පීරිස් 22, මිශේන් සිල්වා 4/41, සඳකැන් පතිරණ 3/54, ලක්ෂිත මානසිංහ 2/12.
බස්නාහිර පළාත් දකුණ දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 4ක් දැවී ලකුණු 58 (පන්දුවාර 21): රශ්මිත ඕපාත 20
මධ්‍යම පළාත් පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 114 (පන්දුවාර 33.2): ශැනොගීත් ශන්මුගනාතන් 36, රොන් චන්ද්‍රගුප්ත 32, තරිඳු රත්නායක 4/23, ශෙහාන් මදුසංක 3/41, අරවින්ද අකුරගොඩ 2/12.
වයඹ පළාත් පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 139 (පන්දුවාර 34.5): මිනෝද් භානුක 72, අරවින්ද අකුරගොඩ 23, මොහොමඩ් ශිරාස් 6/45, ප්‍රමෝද්‍ය අබේකෝන් 3/12
මධ්‍යම පළාත් දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 4ක් දැවී ලකුණු 112 (පන්දුවාර 23): ඩිලාන් ජයලත් 63, ශෙහාන් මදුසංක 2/30
සම්පූර්ණ වාර්තාව: අසලංක හා හිමාෂගේ ශතකයට චරණගෙන් කඩුලු 7ක්




















