රියෝ යන්නට පෙර කුරේ කෙන්යාවට යයි

351
Indrajith Coorey goes to Kenya before Olympics

By Reemaz Fernando

කුරේ 2012 වසරේ පැවැති ලන්ඩන් ඔලිම්පික්‌ උළෙලේ මැරතන් තරගය අවසන් කිරීමෙන් පසු. තම තෙවෙනි ඔලිම්පික්‌ මැරතන් තරගය සඳහා සූදානම් වන අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ මේ වන විට කෙන්යාවේ පුහුණුවීම් සිදුකරන අතර එළැඹෙන රියෝ ඔලිම්පික්‌ උළෙලේදී ඉහළ දක්‍ෂතාවයක්‌ පෙන්නුම් කිරීමට ඔහුට එහිදී ලැබෙන පුහුණුව ඉවහල් වනු ඇති බව මලල ක්‍රීඩා විචාරක මතයයි.

කෙන්යාවේ නයිරෝබි නුවර සිට දිවයිනට අදහස්‌ ප්‍රකාශ කළ ඉන්ද්‍රජිත් කුරේ තමා ජුනි 26 වන දින කෙන්යාවට පැමිණි බවත් සම්පූර්ණ මාසයක කාලයක්‌ නයිරෝබි නුවර උස්‌බිම් මැරතන් පුහුණුව සිදුකරන බවත් පැවසීය.

වසර 40 ක කාලයක්‌ නොබිදී පැවැති එස්‌.එල්.බී. රෝසාගේ ජාතික මැරතන් වාර්තාව 2015 වසරේදී බිඳ දැමූ ඉන්ද්‍රජිත් කුරේ පසුගිය දෙවසර තුළදී ඉහළ දස්‌කම් දැක්‌වූ ක්‍රීඩකයෙකි.

තම පුහුණුව පිළිබඳව අදහස්‌ දැක්‌වූ කුරේ මෙසේ පැවසීය. zzමම ලෝකෙ ඉන්න හොඳම මැරතන් ක්‍රීඩකයෝ කිහිපදෙනෙක්‌ එක්‌ක තමයි පුහුණුවීම් කරන්නේ. ඔවුන් සමග කරන පුහුණුව රියෝ වලදී හොඳ කාලයක්‌ වාර්තා කිරීමට උදව් වෙයි කියල මම විශ්වාස කරනවා.

හිටපු ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයෙක්‌ වන ඔහු පසුගිය වසර දහයක පමණ කාලය ගත කළේ බ්‍රිතාන්‍යයේය. එහි මලල ක්‍රීඩා සමාජය සාමාජිකත්වය ලබාගත් මොහු අන්තර්ජාතික මැරතන් තරග ගණනාවකට සහභාගි වී අත්දැකීම් බහුලව ලබාගෙන පසුගිය වසරේ පැවති අන්තර්ජාතික ලන්ඩන් මැරතන් තරගයේදී ශ්‍රී ලංකා මැරතන් වාර්තාව අභිබවා ගියේය. (පැය 2 යිර් විනාඩි 13 යිර් තත්ත්පර 47 යි.) රියෝ ඔලිම්පික්‌ මැරතන් තරගයට සුදුසුකම් ලබමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ ලෝක මැරතන් ශූරතාවයකට සුදුසුකම් ලැබ ඇත්තේ ක්‍රීඩකයින් දෙදෙනක්‌ පමණක්‌ වන අතර ඉන්ද්‍රජිත් කුරේ ඉන් කෙනෙකි. එසේ සුදුසුකම් ලැබූ අනිත් ක්‍රීඩකයා වන්නේ 1988 සෝල් ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙලට සහභාගි වූ වී. කේ. එල්. සමරසිංහ ක්‍රීඩකයායි. 2004 වසරේ ඉස්‌ලාමාබාද්a නුවරදී දකුණු ආසියානු ක්‍රීඩා මැරතන් රන් පදක්‌කම දිනූ ඔහු තම ප්‍රථම ඔලිම්පික්‌ උළෙලට සහභාගි වන්නේත් එම වසරේදීමය. ඒ ඇතෑන්ස්‌ ඔලිම්පික්‌ උළෙලේදීය. එහිදී පැය දෙකයි විනාඩි 19 යි තත්ත්පර 32 කින් තරගය අවසන් කරන්නේ 31 වැනි ස්‌ථානයටය.

පසුගිය ලන්ඩන් ඔලිම්පික්‌ උළෙලේදී ඔහු දැක්‌වූ දක්‍ෂතාවය වූයේ පැය දෙකයි විනාඩි 20 යි තත්ත්පර 41 කි. තිස්‌ අට හැවිරිදි ඉන්ද්‍රජිත් කුරේ ලංකාවෙන් ඔලිම්පික්‌ මැරතන් තරග දෙකකට සහභාගි වී ඇති ක්‍රීඩකයෙකි.

තවත් පුවත් සදහා පිවිසෙන්න