ගෙවුනු දවස ජූලි 16 – බස්නාහිර උතුරට ජය

240

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

උතුරු මැදට ඉනිමක ජයක්

16th (1)

අන්තර් පළාත් 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ 15 වැනිදා තවත් තරග කිහිපයක්ම ආරම්භ වූ අතර ඊයේ (16) එම තරගවල අවසන් දිනය ක්‍රියාත්මක විය. දිනය තුළ පිතිකරණයෙන් සම්මු අශාන්, රොන් චන්ද්‍රගුප්ත කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ අතර පන්දු යැවීමෙන් නිශාන් පීරිස් දස්කම් දැක්වීමට සමත් විය.

ඌව පළාත පළමු ඉනිම  – සියල්ලන්ම  දැවී ලකුණු  163 (45.1): නවිඳු නිර්මාල් 64, එම්. දිනෙත් 37, බිනුර ප්‍රනාන්දු 5/20.

බස්නාහිර පළාත් උතුරු පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු  292 (76.5): සම්මු අශාන් 108, පැතුම් නිස්සංක 70, සහන් ආරච්චිගේ 35, චරණ නානායක්කාර 33, එස්. ගොබිනාත් 5/69.

ඌව පළාත දෙවන ඉනිම  – සියල්ලන්ම  දැවී ලකුණු 121 (43.3): ලිසුල ලක්ෂාන් 54, නිශාන් පීරිස් 5/27, දුවිඳු තිලකරත්න 4/38.

වයඹ පළාත් පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු  104 (29.1): සචින් දිල්රංග 20 , හෙලක්මාල් නානායක්කාර 5/34, චන්දුල වීරරත්න 3/15.

උතුරු මැද පළාත් පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 158 (57.3): හෙලක්මාල් නානායක්කාර 69, අසිත ප්‍රනාන්දු 3/34 , සචින්ත පීරිස් 3/43.

වයඹ පළාත් දෙවන ඉනිම –  247/9 dec (54): රුක්ෂාන් ප්‍රනාන්දු 86*, මිනෝද් භානුක 70, චන්දුල වීරරත්න 3/32, හරිත් මදුවන්ත 3/50.

උතුරු මැද පළාත් දෙවන ඉනිම – 192/9 (51):  දිනෙත් තිමෝද්‍ය 89, සචින්ත පීරිස් 4/61, තරිඳු රත්නායක  3/54.

සම්පූර්ණ ලකුණු සටහන: සම්මුගේ ශතකය බස්නාහිර උතුරේ දැවැන්ත ජයට පාර කපයි


සිකන්ඩර් රාසා ශතකයක් අභියස

Sri Lanka v Zimbabwe

සිම්බාබ්වේ පිළ සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ දිනය (16) නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම බලවත් අසීරුතාවයකට පත්ව තිබේ. ඒ සිම්බාබ්වේ දෙවැනි ඉනිමේ මුල් කඩුලු කිහිපය ඉතා ඉක්මනින් බිඳ හෙලා පහසු ජයග්‍රහණයක් වෙත කුරුමානම් ඇල්ලූ ශ්‍රී ලංකා පිළේ බලාපොරොත්තු වොලර් – රාසා අතර ගොඩ නැගුණු ශතක සබඳතාවය නිසා සෑහෙන දුරකට බිඳ වැටී ඇති බැවිනි.

සිම්බාබ්වේ – සියල්ලන්ම දැවී ලකුණු 356 (පන්දුවාර 94.4): ක්‍රේග් අර්වයින් 160, සිකන්ඩර් රාසා 36, මැල්කම් වොලර් 36, ඩොනල්ඩ් තිරිපානෝ 27, සීන් විලියම්ස් 22, හැමිල්ටන් මැසකඩ්සා 19, පීටර් මුවර් 19, රංගන හේරත් 5/116, අසේල ගුණරත්න 2/28.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 346 (පන්දුවාර 102.3): උපුල් තරංග 71, දිනේෂ් චන්දිමාල් 55, අසේල ගුණරත්න 45, ඇන්ජෙලෝ මැතිව්ස් 41, දිල්රුවන් පෙරේරා 33, දිමුත් කරුණාරත්න 25, ග්‍රැහැම් ක්‍රීමර් 5/125, සීන් විලියම්ස් 2/62.

සිම්බාබ්වේ (දෙවැනි ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 252 (පන්දුවාර 68): සිකන්ඩර් රාසා 97*, මැල්කම් වොලර් 57*, පීටර් මුවර් 40, සීන් විලියම්ස් 22, රංගන හේරත් 4/85.

සම්පූර්ණ වාර්තාව: දණින් වැටුණු ඉනිම ගොඩ නැගූ රාසා මංගල ශතකයට ඉව අල්ලයි

දිනයක අවසානය