කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
මාලිංග සංචිතයට නැහැ. නායකත්වය චන්දිට

තරග දෙකකින් සමන්විත මෙම පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පෙබරවාරි 15 වැනිදා පැවැත්වෙන අතර දෙවන තරගය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ පෙබරවාරි 18 වැනිදා යි.
නිත්‍ය සීමිත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධය තවමත් සුව නොවීම හේතුවෙන් අප පෙර වාර්තා කළ ආකාරයටම දිනේෂ් චන්දිමාල් පන්දුවාර 20 කණ්ඩායමේ නායකයා ලෙස ද නම් කර තිබේ. මැතිව්ස් පසුගිය මස පැවති තුන්කොන් එක්දින තරගාවලිය අතරතුර පාදයේ මස්පිඩු ආශ්‍රිත ආබාධයකට ලක්වූ අතර එම තරගාවලියේ අවසන් භාගයේ එක්දින කණ්ඩායමේ නායකත්වය දැරුවේ ද චන්දිමාල් විසිනි.
සම්පූර්ණ සංචිතය: ජීවන් මෙන්ඩිස්ට විස්සයි විස්ස වරම් හිමි වේ
මේරියන්ස් ක්‍රීඩකයෝ තරගය කලින් නිමා කරති

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 57 (29.2) ආක්ෂු ප්‍රනාන්දු 20, ෂෙහාන් ජයසූරිය 7/22, මාලින්ද පුෂ්පකුමාර 2/08
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 211 (52.3) ෂෙහාන් ජයසූරිය 80, සචිත්‍ර සේරසිංහ 24, කසුන් විදුර 23, රෝහිට් දමෝදරන් 21, නිශාන් පීරිස් 4/79, සහන් නානායක්කාර 3/64, ආක්ෂු ප්‍රනාන්දු 3/24
රාගම ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 148 (40.4) ජනිත්ලියනගේ 31, ලහිරු තිරිමාන්න 39, ඉෂාන් ජයරත්න 38, ෂෙහාන් ජයසූරිය 3/66, සචිත්‍ර සේරසිංහ 4/33, මාලින්ද පුෂ්පකුමාර 3/49
සම්පූර්ණ වාර්තාව: මේරියන්ස් ක්‍රීඩකයෝ ඉනිමක ජයක් ලබති
ආනන්ද විද්‍යාලයට වැඩි ගෞරවය

සම්පූර්ණ වාර්තාව: දුලාජ් හා අංජන අර්ධ ශතක ඉනිම් දියත් කරයි











