කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
තරගයේ වීරයා ලුම්බිණියේ කවීන්

තරගයේ ජය සංකේත ප්‍රදානයේ දී තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් ලුම්බිණි විද්‍යාලයේ ප්‍රභාත් මධුශංක ද දක්ෂතම පිතිකරු ලෙසින් බණ්ඩාරනායක විද්‍යාලයේ ශහිරු රොෂේන් ද, තරගයේ වීරයා ලෙසින් ලුම්බිණි විද්‍යාලයේ කවීන් පීරිස් ද සම්මාන ලැබූහ.
සම්පූර්ණ වාර්තාව: නීල හරිත සීමිත පන්දුවාර තරගයේ ජය ලුම්බිණියන්ට
මහනුවර ක්‍රීඩිකාවෝ පළමු ඉනිමේ ජයක් ලබති

මහනුවර පළමු ඉනිම – 126/9d (44): සයනි ඔශාදී 46, සශිනි ප්‍රනාන්දු 3/29.
දඹුල්ල පළමු ඉනිම – 49 (26.5): ලිහිණි අප්සරා 14, සයනි ඔශාදී 5/18, උමේෂා තිමේශනී 2/08.
මහනුවර දෙවන ඉනිම – 30/5d (16.5): සයනි දිනේශිකා 3/09.
සම්පූර්ණ වාර්තාව: මහනුවරට පළමු ඉනිමේ ජයක්
අප්‍රිකානු කණ්ඩායම ජූලි මාසයේ ශ්‍රී ලංකාවට

ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම ජූලි මස 4 වැනිදා මෙරටට පැමිණීමට නියමිත අතර දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජූලි මස 12 වැනිදා ආරම්භ වේ. එම තරගය ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙනු ඇත. එම තරගය නිමා වී දින 4කට පසුව එනම් ජූලි මස 20 වැනිදා SSC පිටියේ දී දෙවන හා අවසන් ටෙස්ට් තරගය පැවැත්වෙනු ඇත.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරග සංචාරයේ දින තීන්දුයි





















