කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
බංග්ලාදේශය තවත් අසරණ වේ

චිතගොන් ක්‍රීඩාංගණයේ දී ඉනිමක පරාජයෙන් ගැලවීම වෙනුවෙන් ලකුණු 200ක් පසුපස හඹා යන බංග්ලාදේශ ක්‍රීඩකයෝ තරගයේ සිව්වැනි දිනය අවසන් වෙද්දී කඩුලු 3ක් දැවී ලකුණු 81ක් ලබා සිටියහ. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වඩා තවත් ලකුණු 119ක් පිටු පසින් රැඳී සිටින්නේ ඉනිමක පරාජයෙන් ගැලවීමට තවත් කඩුලු 7ක් පමණක් අතැතිවය.
බංග්ලාදේශය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 513 (129.5) තමිම් ඉක්බාල් 52, ඉම්රුල් කයිස් 40, මොමිනුල් හක් 176, මුශ්ෆිකර් රහීම් 92, මහමදුල්ලා නොදැවී 83, මෙහෙදි හසන් 20, සුන්සාමුල් ඉස්ලාම් 24, සුරංග ලක්මාල් 3/68, රංගන හේරත් 3/150, ලක්ෂාන් සඳකැන් 2/92
ශ්‍රී ලංකාව; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 713 (199.3) කුසල් මෙන්ඩිස් 196, ධනංජය ද සිල්වා 173, රොෂේන් සිල්වා 109, දිනේෂ් චන්දිමාල් 87, නිරෝෂණ දික්වැල්ල 62, දිල්රුවන් පෙරේරා 32, මෙහෙදි හසන් 3/174, ටයිජුල් ඉස්ලාම් 4/219
බංග්ලාදේශය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 81 (26.5) තමීම් ඉක්බාල් 41, ඉම්රුල් කයිස් 19, මොමිනුල් හක් නොදැවී 18
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාව ලකුණු 700 පසුකර යයි; බංග්ලාදේශය අවදානමක
බෝයගොඩගේ ශතකය අපතේ යයි

ඊට අමතරව අවසන් වූ අනෙක් තරගවලින් සාන්ත සෙබස්තියන්, රාජකීය, ආනන්ද සහ වෙස්ලි විද්‍යාල පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගන්නා ලදි.
ආනන්ද විද්‍යාලය – 260/10 (75): දුශාන් හෙට්ටිගේ 114, ශමල් හිරුශාන් 66, ගිෂාන් විශ්වජිත් 28*, විමුක්ති නෙතුමල් 4/79, තිසරු දිල්ශාන් 3/22, කවිෂ්ක සේනාදීර 3/80.
ත්‍රිත්ව විද්‍යාලය – 174/10 (52.1): ට්‍රේවොන් පර්සිවෙල් 48, පුබුදු බණ්ඩාර 40, අසේල සිගේරා 6/51, ශමල් හිරුශාන් 3/21.
ආනන්ද විද්‍යාල දෙවන ඉනිම – 211/6d (48.4): ලහිරු හිරන්‍ය 108*, ශමල් හිරුශාන් 49, විමුක්ති නෙතුමල් 3/99.
ත්‍රිත්ව විද්‍යාල දෙවන ඉනිම – 160/0 (22): හසිත බෝයගොඩ 101*, පුබුදු බණ්ඩාර 50*
සම්පූර්ණ වාර්තාව: හසිත බෝයගොඩ සුපිරි පිතිකරණයක
මහනුවර, CR, CH සහ හැව්ලොක් සමාජවලට ජය

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයත්, CR & FC ක්‍රීඩා සමාජයත් CR පිටියේ දී තරග වැදුණු අතර එහි දී ලකුණු 27-17ක් වශයෙන් තරගය ජය ගැනීමට CR & FC ක්‍රීඩකයින් සමත් විය.
තෙවැනි තරගය CH & FC ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර තුරග තරග පිටියේ දී පැවති අතර එහි දී 50-38ක් ලෙසින් ජයග්‍රහණය වාර්තා කළේ CH & FC කණ්ඩායමයි.
පැවති අවසන් තරගය හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී රාත්‍රී තරගයක් ලෙස පැවති අතර නාවික ක්‍රීඩා සමාජය පරාජය කරමින් සත්කාරක හැව්ලොක් ක්‍රීඩකයෝ ජයග්‍රහණය වාර්තා කළේ 16-11ක් ලෙසයි.






















