සාන්ත පීතර ක්‍රීඩකයින් හමුවේ කිංග්ස්වුඩ් පසුබසී

930

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ A කාණ්ඩයේ තරගයක් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර අද (09) මහනුවර නිත්තවෙල ‍රග්බි ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී ලකුණු 14-07ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට බම්බලපිටිය සාන්ත පීතර කණ්ඩායම සමත් විය.

සාන්ත ජෝසප් ප්‍රහාර හමුවේ අන්තෝනිවරුන් පසුබසිති

2019 සිංගර් අන්තර් පාඨශාලීය ලීග් රග්බි තරගාවලියේ පළමු කොටස නියෝජනය කරමින් තරග වදින ප්‍රබල පාසල් ද්විත්වයක් වන…

තරගය ආරම්භ කිරීමේ වගකීම කිංග්ස්වුඩ් වෙත පැවරී තිබූ අතර තරගයට පෙර පැවති වර්ෂාව නිසා ක්‍රීඩාංගණය තරමක ලිස්සන සුලු වූ අතර පළමු අර්ධයේ දී කණ්ඩායම් දෙකටම පන්දුව පාලනය කිරීමට අපහසු ආකාරයක් දක්නට ලැබුණි. ලකුණු ලබා ගැනීම ආරම්භ කරමින් සාන්ත පීතර ක්‍රීඩකයෝ කිංග්ස්වුඩ් ඉදිරිපෙළ වැනසූ අතර ප්‍රවර්තනය සාර්ථක කරගනිමින් ලකුණු 7ක් ලබා ගැනීමට සමත් විය. (සාන්ත පීතර 07-00 කිංග්ස්වුඩ්)

මීළඟ මිනිත්තු කිහිපය කණ්ඩායම දෙකම පන්දුව පාලනය කරමින් ඉදිරියට යාමට උත්සාහ කළ අතර සාන්ත පීතර කණ්ඩායම කිංග්ස්වුඩ් අඩුපාඩුවලින් උපරිම ප්‍රයෝජනය ලබා ගන්නා ආකාරයක් දක්නට ලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ දෙවන උත්සාහක දිනුම ද වාර්තා කිරීමට පීතර කණ්ඩායම සමත් වූයේ කිංග්ස්වුඩ් කණ්ඩායම අසරණ කරමිනි. ප්‍රවර්තන කාර්යය සාර්ථක කර ගත් සාන්ත පීතර කණ්ඩායම ලකුණු 14ක පරතරයක් ලබා ගැනීමට සමත් විය. (සාන්ත පීතර 14-00 කිංග්ස්වුඩ්)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තරගයේ පළමු අර්ධය අවසන් වීමට පෙර ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට කිංග්ස්වුඩ් ක්‍රීඩකයන් ගත් සියලු උත්සාහයන් පීතර ක්‍රීඩකයන් හමුවේ ව්‍යර්ථ වූ අතර පළමු අර්ධය ලකුණු 14ක පරතරයක් සමඟින් නිමා කිරීමට සාන්ත පීතර කණ්ඩායම සමත් වූහ.

පළමු අර්ධය: සාන්ත පීතර විද්‍යාලය 14 – 00 කිංග්ස්වුඩ් විද්‍යාලය

දෙවන අර්ධයේ දී වඩාත් ප්‍රබලව තරගයට අවතීර්ණ වූ කිංග්ස්වුඩ් කණ්ඩායම පන්දුව සාන්ත පීතර අර්ධයේ තබා ගනිමින් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත විය. සාන්ත පීතර කණ්ඩායම පන්දුව කිංග්ස්වුඩ් අර්ධයට රැගෙන ආව ද ඔවුන්ගෙන් සිදු වූ අඩුපාඩු නිසා නැවතත් පන්දුව ඔවුන්ගේ අර්ධයට එල්ල කිරීමට කිංග්ස්වුඩ් සමත් විය.

42 වැනි මිනිත්තුවේ දී සාන්ත පීතරයින්ගේ සීමා ඉර ආක්‍රමණය කළ කිංග්ස්වුඩ් කණ්ඩායම උත්සාහක දිනුමක පෙරනිමිති පහළ කළේය. 44 වැනි මිනිත්තුවේ දී කිංග්ස්වුඩ් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ හිරූෂ සම්පත් උත්සාහක දිනුමක් වාර්තා කළේ පහසු ප්‍රවර්තනයකට අවස්ථාව සලසමිනි. එය සාර්ථක කර ගත් කිංග්ස්වුඩ් කණ්ඩායම ලකුණු 7ක් දක්වා ලකුණු පරතරය අඩුකර ගැනීමට සමත් විය. (සාන්ත පීතර 14-07 කිංග්ස්වුඩ්)

බෙනඩික්ට් ක්‍රීඩකයින් අඩපණ කළ DSට තවත් අර්ධ ශතකයක්

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ දෙවන සතියේ ආරම්භය සනිටුහන් කරමින් පැවති තවත් එක් තරගයක් අද (07) සාන්ත…

අවසන් මිනිත්තු 20ක කාලය අතිශය තීරණාත්මක වූ අතර කණ්ඩායම් දෙකම උරෙනුර ගැටෙමින් ප්‍රබල ආක්‍රමණ දියත් කිරීමට සමත් විය. තරගයේ අවසන් මිනිත්තු 5 වන විට දක්ෂ ලෙස කිංග්ස්වුඩ් සීමා ඉර ආසන්නයේ ක්‍රීඩා කළ කිංග්ස්වුඩ් කණ්ඩායම ලකුණු ලබා ගැනීම සඳහා තම උපරිම උත්සාහය ගත්තේ ලකුණු සම කිරීමක් හෝ සිදුකර ගැනීමේ අපේක්ෂාවෙනි. නමුත් අවසන් මිනිත්තුවේ දී පන්දුව ගිලිහී යාම නිසා තරගය අවසන් කිරීමට පන්දුව ඉවතට යොමු කිරීමට සාන්ත පීතර කණ්ඩායමට අවස්ථාව හිමි විය. ඒ සමඟින් තරගය අවසන් වූ අතර සාන්ත පීතර කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළේ ලකුණු 14-07ක් ලෙසිනි.

අවසන් ලකුණු තත්ත්වය: සාන්ත පීතර විද්‍යාලය 14 (2T, 2C) – 07 කිංග්ස්වුඩ් විද්‍යාලය

ලකුණු ලබා ගත් ක්‍රීඩකයෝ

  • සාන්ත පීතර විද්‍යාලය: බිලාල් හිල්මි (1T), ශැනන් ද මෙල් (1T), සංදේශ් ද මෙල් (1C), තේනුක නානායක්කාර (1C)
  • කිංග්ස්වුඩ් විද්‍යාලය: හිරූෂ සම්පත් (1T), ඒ. සෙනවිරත්න (1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<