කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ක්‍රිකට් –
මාලින්ද පන්දුවෙන් පිටිය වර්ණවත් කරයි

තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම් නායක ටෝනි ඩී සොර්සි කටුනායක මේරියන්ස් ක්‍රිකට් සමාජ තණතීරුව මත පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. ඔවුන්ගේ පළමු කඩුල්ල වෙනුවෙන්ම සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූ නායක ටෝනි ඩී සොර්සි හා රයන් රිකෙල්ටන් ශ්‍රී ලංකා නැගී එන පන්දු යවන්නන් අසීරුතාවයට ඇඳ දමමින් ලකුණු 131ක සවිමත් ආරම්භක සබඳතාවයක් ගොඩනංවන ලදි. දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගිය සොර්සි 4 පහර 12ක් හා එක් 6 පහරක් එල්ල කරමින් ලකුණු 77ක් රැස්කර ගත්තේය.
සම්පූර්ණ වාර්තාව: මාලින්ද පුෂ්පකුමාරගෙන් යළිත් දක්ෂ පන්දු යැවීමක්
ඉන්දීය පොඩ්ඩෝ ශ්‍රී ලංකාව අමාරුවේ දමති

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය (26) නිමාවෙද්දී තම දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ තරගය අඳුරු ආලෝක තත්ත්වය මත නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 47ක් ලබා සිටියා. දිනයේ තවත් පන්දුවාර 4ක් යැවීමට තිබිය දී තරගය තෙවැනි දිනට අයහපත් ආලෝක තත්ත්වය මත නතර කිරීමට පිටියේ විනිසුරුවන් කටයුතු කළා.
සම්පූර්ණ වාර්තාව: පසිඳු සහ සොනාල්ගේ ශතක සබඳතාව ඉනිමකින් ගැලවීමට ප්‍රමාණවත් නොවේ
දිමුත් අර්ධ ශතකයක් රැස් කරයි

එම තරගයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලබාගත් අර්ධ ශතක තුනට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් අර්ධ ශතක ලබා ගත්තේ දිමුත් කරුණාරත්න හා ඉසුරු උදාන පමණි.
පී. සරා ඕවල් පිට්යේ දී කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීමට පෙර සියල්ලන්ම දැවී ගියේ ඔවුන්ගේ ඉනිම ලකුණු 293කට සීමා කරමිනි.
සම්පූර්ණ වාර්තාව: දිමුත් හා උදාන අර්ධ ශතක රැස්කරති
දිනයක නිමාව
අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්






















