කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ඉන්දීය ක්‍රීඩිකාවන්ට පූර්ණ ජයක්

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනාවෙන් පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවෝ තම ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 156ක් රැස් කළහ. එම ඉනිමේ දී හර්මන්ප්‍රීට් කෞවුර් පන්දු 38ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තා ය. එය ඇයගේ විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 6 වැනි අර්ධ ශතකයයි.
සම්පූර්ණ වාර්තාව: ඉන්දීය ක්‍රීඩිකාවෝ අවසන් තරගයත් ජය ගනී

6 වැනි Red Bull කුසලාන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාවලියේ ඊයේ (25) කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවති ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයෙන් පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.
මේ අතර ඊයේ පැවති අනෙක් තරගවල දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සිම්බාබ්වේ පරාජය කරමින් ද, ඉන්දියාව විසින් පාකිස්තානය ද පරාජය කරමින් ද ජයග්‍රහණ වාර්තා කළේය.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාව පහසුවෙන්ම බංගලියෝ පරාජය කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශීය ක්‍රිකට් නංවාලීමේ අරමුණ ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් ඊයේ (25) අවසන් විය.
ඒ අතරින් කොළඹ කණ්ඩායම මහනුවර කණ්ඩායම පරාජය කරමින් කඩුලු 6ක ජයක් ලබා ගන්නා විට දඹුල්ල හා ගාල්ල අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
මහනුවර පළමු ඉනිම – 255 (71.5): මාධව නිමේෂ් 92, ඩිලාන් ජයලත් 46, ක්‍රිෂාන් සංජුල 46, කෞමල් නානායක්කාර 5/67, සවිඳු පීරිස් 3/48, ෂෙහාන් සඳරුවන් 2/52
කොළඹ පළමු ඉනිම – 224 (66): අයන සිරිවර්ධන 95, මාලිංග අමරසිහ 26, හිමාෂ ලියනගේ 22, නිම්සර අත්තනගල්ල 3/49, නිමේෂ් මෙන්ඩිස් 2/43, ටිරෝන් සිවකුමාර් 2/47, තිසරු ඩිල්ශාන් 2/49
මහනුවර දෙවන ඉනිම – 184 (52): උදයවංශ පරාක්‍රම 38, තිසරු ඩිල්ශාන් 34, තනුක දාබරේ 32, ඩිලාන් ජයලත් 27, ලක්ෂාන් ප්‍රනාන්දු 7/50, කෞමල් නානායක්කාර 2/41.
කොළඹ දෙවන ඉනිම – 216/4 (55.4): අකීල් ඉන්හාම් 84*, හිමාෂ ලියනගේ 65, යෙසිත් උපමාන්න 54*, තනුක දාබරේ 2/25.
සම්පූර්ණ වාර්තාව: කොළඹ ජය ගනිද්දී වැඩි වාසිය ගාල්ලට





















