කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
වයස අවුරුදු 19න් පහළ දක්ෂයන් සොයමින් සැරි සැරූ ගමනේ A කොටසේ කණ්ඩායම් අතර තරග අවසන් කරමින් ඊයේ (20) පැවති තරග අතුරින් ජයග්‍රහණ වාර්තා කිරීමට මධ්‍යම පළාත සහ වයඹ පළාත සමත් වුනා. ඔවුන් වෙතින් පරාජය වුනේ පිළිවෙළින් උතුරු පළාත් කණ්ඩායම සහ වයඹ පළාත් කණ්ඩායමයි
සම්පූර්ණ වාර්තාව: මධ්‍යම සහ වයඹ ක්‍රීඩකයෝ ජයග්‍රහණ වාර්තා කරති
මිලන්ත සහ ප්‍රනාන්දු ශ්‍රී ලංකා A කණ්ඩායමට

බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා A කණ්ඩායම පසුගිය 12 වැනිදා නිල වශයෙන් මාධ්‍යයට නිකුත් වූ අතර එම සංචිතයේ උපනායක ලෙස නම් කර තිබූ දසුන් ශානක හා ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනු පිණිස කොදෙව් දේශයට කැඳවා ඇත. එයට හේතු වූයේ ඇන්ජලෝ මැතිව්ස් හා ආබාධයකට ලක්වූ ලහිරු ගමගේ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය අතරතුර සංචාරයෙන් ඉවත්ව හදිසියේම මෙරටට පැමිණීමයි.
එබැවින් ශ්‍රී ලංකා A කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ පුරප්පාඩුව පියවීම වෙනුවෙන් සූදානම්ව තබා තිබූ ප්‍රනාන්දු හා මිලන්තව ශ්‍රී ලංකා A කණ්ඩායමට කැඳවීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.
සම්පූර්ණ වාර්තාව: ශානක හා ගුණතිලකගේ අඩුව පුරවන්න මිලන්ත හා ප්‍රනාන්දු
මහේල නැවතත් වැඩ පෙන්වන්නට සැරසේ

තරගාවලිය ජූලි 29 වැනිදා ආරම්භ වන අතර මාලිබෝන් ක්‍රිකට් සමාජය නෙදර්ලන්තය හා නේපාලය සමඟින් තරග වදිනු ඇත.












