ගෙවුනු දවස සැප්තැම්බර් 24 – ජාතික මහා ක්‍රීඩා උළෙල අවසන්

237

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

    ක්‍රිකට්    

ශානුක දුලාජ්ගේ උත්සාහය වතුරේ යයි

21993038_1698530606887164_5271893333730936721_o

පුරා වසර ගණනාවක් මුළුල්ලේ ඉතාමත් සාර්ථක ලෙසින් පැවතුණු වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ මෙවර ක්‍රියාත්මක වන්නේ 25 වැනි අදියරයි.

සිංගර් ආයතනයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන මෙම තරගාවලියේ A කාණ්ඩය යටතේ ඊයේ (24) ක්‍රියාත්මක වූ තරග 5න් 4ක් ප්‍රතිඵලයක් සහිතව නිමා විය. එහි දී ජයග්‍රහණ වාර්තා කර ගත්තේ LB ෆිනෑන්ස්, හැටන් නැෂනල් බැංකුව, ඩිමෝ කණ්ඩායම සහ MAS යුනිචෙලා කණ්ඩායමයි.

MAS යුනිචෙලා – කඩුලු 9ක් දැවී ලකුණු 283 (පන්දුවාර 47): රමිත් රඹුක්වැල්ල 54, මහේල උඩවත්ත 51, තිලක්ෂ සුමනසිරි 34, චතුරංග ද සිල්වා 32, ධනුෂ්ක ගුණතිලක 29, අක්ෂු ප්‍රනාන්දු 2/26, මදූක ලියනපතිරණගේ 2/31, චාමිකර එදිරිසිංහ 2/59.

ජෝන් කීල්ස් – කඩුලු 9ක් දැවී ලකුණු 240 (පන්දුවාර 41): ශානුක දුලාජ් 92*, අක්ෂු ප්‍රනාන්දු 32, භානුක රාජපක්ෂ 24, ඉශාන් ජයරත්න 24, ලහිරු මිලන්ත 22, ඉෂාර අමරසිංහ 5/39, ශෙහාන් මධුශංක 2/62.

සම්පූර්ණ ලකුණු වාර්තාව: දුලාජ්ගේ හුදකලා සටන ඵල රහිතයි; MAS යුනිචෙලාවට තවත් ජයක්!


    රග්බි    

දෙවැනි අදියරේ ද පළඟ ශූරතාවය ශ්‍රී ලංකාවට

21688425_10159409835865010_8548541577611535027_o (1)

දකුණු කොරියාවේ දී පැවති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ පළඟ ශූරතාවය සඳහා පැවති අවසන් තරගයේ දී මැලේසියානු කණ්ඩායම ලකුණු 41-07ක් ලෙස පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම 5 වෙනි ස්ථානය දිනා ගනිමින් දෙවැනි අදියර අවසන් කරන්නට සමත් විය.

.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාවට 5 වෙනි ස්ථානය


  මලල ක්‍රීඩා  

හොඳම ක්‍රීඩකයා ජානක; ක්‍රීඩිකාව විදූෂා

43rd National Sports Festival - Day 03

දින තුනක් පුරාවට මාතර කොටවිල ක්‍රීඩාංගණයේ දී පැවති 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල ඊයේ (24) නිමාවට පත්වූ අතර තරගාවලියේ දී පළාත් 9 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා ඉසව් 33ක් යටතේ තරග වදින ලදි.

22, 23 සහ 24 යන දින තුන පුරාවට පැවති මලල ක්‍රීඩා ඉසව්වල දී නව ශ්‍රී ලංකා ජාතික වාර්තා 2ක් සහ එක් තරගාවලි වාර්තාවක් බිහි වූ අතර එම වාර්තා 3ම බිහිවූයේ පිටිය ඉසව්වලින් වීම විශේෂත්වයකි.

සම්පූර්ණ වාර්තාව: ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු තැන බස්නාහිරට සහ දකුණට

දිනයක අවසානය