කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ශ්‍රී ලංකාව ඉන්දියාව පරාජය කරයි

ඉන්දීය රෙඩ් කණ්ඩායම – 226/10 (46.3): ප්‍රතිව් ෂෝ 63, කමලේශ් නාගර්කොටී 51, රියාන් පැරග් 50, හරීන් බුද්ධිල 4/30, අයන සිරිවර්ධන 4/34.
ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම – 231/6 (48.4): සන්තුෂ් ගුණතිලක 80, නිපුන් දනංජය 43, ධනංජය ලක්ශාන් 38, නුවනිඳු ප්‍රනාන්දු 34*, කමලේශ් නාගර්කොටී 2/44.
මීළඟ තරගය 30 වැනි දා ඉන්දීය බ්ලු කණ්ඩායම සමඟින් පැවැත්වෙන අතර මෙහි අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට එම තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් වෙනු ඇත.
සම්පූර්ණ වාර්තාව: සන්තුෂ්ගේ පිතිකරණයෙන් ඉන්දීය සිහින බිඳ වැටේ
නව මුහුණක් සංචිතයට

ඊයේ (27) නාග්පූර් හිදී නිමා වූ දෙවන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව ඉන්දීය කණ්ඩායම හමුවේ ඉනිමකින් හා ලකුණු 239කින් පරාජයට පත් වීමත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බල ඇණිය සවිමත් කිරීමේ අරමුණ ඇතිවයි.
සම්පූර්ණ වාර්තාව: ජෙෆ්රි වැන්ඩර්සේට අවස්ථාවක්





















