කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ශ්‍රී ලංකාව සියවැනි වටත් පරාදයි

ඉන්දීය ටෙස්ට් තරග ඉතිහාසයේ දැවැන්තම තරග ජයග්‍රහණය වූ මෙම තරගය දිවා විවේකයෙන් පසුව යැවුණ 9 වැනි පන්දු වාරයේ දී අවසාන වූයේ තරගය නිමා වීමට තවත් සම්පූර්ණ දිනයක් සහ දිනයේ තවත් පන්දු වාර 49ක් ඉතිරිව තිබිය දී ය. මෙම තරගය ජයග්‍රහණයත් සමඟින් ඉන්දීය ක්‍රීඩකයෝ 1-0ක් ලෙසින් තරගාවලියේ ඉදිරියට පිවිසියහ.
ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 205 (79.1): දිමුත් කරුණාරත්න 51, දිනේෂ් චන්දිමාල් 57, නිරෝෂන් දික්වැල්ල 24, දිල්රුවන් පෙරේරා 15, සුරංග ලක්මාල් 17, ඉෂාන්ට් ෂර්මා 3/37, රවිචන්ද්‍රන් අශ්වින් 4/67, රවින්ද්‍ර ජඩේජා 3/56
ඉන්දියාව; පළමු ඉනිම කඩුලු 6ක් දැවී ඉනිම අත්හිටවූවා 610 (176.1): (දෙවන දිනය නතර කරන විට පන්දුවාර 98.0ක දී කඩුලු 2ක් දැවි 312; මුරලි විජේ 128, චෙටෙස්වර් පුජාරා නොදැවී 121, විරාත් කෝලි නොදැවී 54) චෙටෙස්වර් පුජාරා 143, විරාත් කෝලි 213, රෝහිත් ෂර්මා නොදැවී 102, දිල්රුවන් පෙරේරා 202/3
ශ්‍රී ලංකාව; දෙවැනි ඉනිම සියල්ලුම දෙනා දැවී (තුන් වැනි දිනය නතර කරන විට පන්දුවාර 9.0ක දී කඩුල්ලක් දැවී 21): දිමුත් කරුණාරත්න 18, ලහිරු තිරිමාන්න 23, දිනේෂ් චන්දිමාල් 61, දසුන් ශානක 17, සුරංග ලක්මාල් නොදැවී 31, ඉෂාන්ට් ෂර්මා 2/43, රවිචන්ද්‍රන් අස්වින් 4/63, රවින්ද්‍ර ජඩේජා 2/28, උමේෂ් යාදේව් 2/30
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාව පරාජිත ටෙස්ට් තරග ශතකය වාර්තා කරයි
ශ්‍රී ලංකා සභාපති කණ්ඩායම පළමු තරගය පරාදයි

ශ්‍රී ලංකා 19 න් පහළ – සියල්ලන් දැවී 220 (48.4): අයන සිරිවර්ධන – 59, රවිඳු සංජන – 49, නවිඳු ප්‍රනාන්දු – 26, විශ්ව චතුරංග – 21, කලන පෙරේරා – 15*, දර්ශන් නාල්කන්ඩේ – 5/18, ඉශාන් පොරෙල් – 2/17, සිද්ධාර්ත් දේසායි – 2/48.
ඉන්දියා ග්‍රීන් – 222/3 (32.1): ප්‍රියාම් ගාග් – 64, අභිෂේක් ශර්මා – 52*, අංකුෂ් සිං – 51, ර්යන් ජුයාල් – 35, සල්මාන් ඛාන් – 18*
සම්පූර්ණ වාර්තාව: සභාපතිගේ යොවුන් කණ්ඩායමේ පළමු ඉන්දීය අභියෝගය අසාර්ථකයි
කෙවින් ඩික්සන් සුව අතට

ඔහුගේ හුගේ හකු ප්‍රදේශය ශල්‍ය කර්මයකට භාජනය කර ඇති අතර මේ වන විට ඔහු නිසි වෛද්‍ය ප්‍රතිකාර යටතේ සුවය ලබමින් සිටියි.
ඩික්සන්ගේ මෙම ආබාධය නිසාවෙන් අවම වශයෙන් මාස තුනක පමණ කාලයක් ඔහුට රග්බි පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වන අතර එ්නිසාවෙන් පුරප්පාඩු වන ඔහුගේ ස්ථානය සඳහා චාමර දාබරේ හෝ රමේෂ් ප්‍රනාන්දු ක්‍රීඩා කිරීමට වැඩි ඉඩකඩක් ඇත.
සම්පූර්ණ වාර්තාව: ඩික්සන්ට මාස කිහිපයක විවේකයක්





















