කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් භාර ගනී

සාර්ථක සාකච්ඡා කිහිපයකට පසු සහ 2017 දෙසැම්බර් 7 වැනිදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේ ඒකමතික අනුමැතිය සහිතව චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කිරීමට තීරණය කෙරුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.
සම්පූර්ණ වාර්තාව: හතුරු නිල වශයෙන්ම ශ්‍රී ලංකාවට මිතුරු වෙයි
සොලමන්ස්ගේ ශතකයෙන් පිටිය වර්ණවත් වේ

සැරසන්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 369/7 (89.5): ඇන්ඩි සොල්මන්ස් 152, ගමිඳු කනිශ්ක 108, ශිරාන් ප්‍රනාන්දු 4/86.
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 201/5 (90): හශාන් දුමිඳු 61*, දිල්රුවන් පෙරේරා 60, සංගීත් කුරේ 37, මලිත් ද සිල්වා 2/53.
ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 325/9 (90): මනෝජ් සරත්චන්ද්‍ර 113*, ජීවන් මෙන්ඩිස් 77, සිතිර ගිම්හාන් 43, අලංකාර අසංක 5/37.
සම්පූර්ණ වාර්තාව: සොලමන්ස්, ගමිඳු හා මනෝජ් ශතක අතරට











