කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
මුණවීර සහ මාලිංග විස්සයි විස්සට නෑ

තිසර පෙරේරාගේ නායකත්වය සහිතව ක්‍රීඩා කරනු ලබන මෙම කණ්ඩායමට ලසිත් මාලිංග ඇතුළත් කර නොමැති අතර ඔහුට යම් විවේකයක් ලබා දී ඇති බව දැන ගන්නට ලැබේ.
මාලිංග අවසන් වරට ශ්‍රී ලංකාවේ පැවැත්වූ ඉන්දු – ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කළ අතර මාලිංග පසුගිය දා නිමා වූ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ශූරතාවය දිනා ගත් රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කළේය.
ඉන්දියාව තුල දැනට සිටින ශ්‍රී ලංකා එක්දින සංචිතයේ සිටින ක්‍රීඩකයින් අතුරෙන් ලහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල් විස්සයි විස්ස සංචිතයෙන් ඉවත් කර ඒ වෙනුවට දසුන් ශානක හා වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු සංචිතයට ඇතුළත් කර ඇත.
සම්පූර්ණ සංචිතය: මාලිංග, මුණවීර ඇතුළු ප්‍රබලයින් රැසක් ඉවතට
ශම්මු, මිලින්ද පිත්තෙන් වැඩ පෙන්වයි

ක්රීඩාශීලීත්වයත්, තරග උණුසුමත් මනා ලෙස කැටිවුනු ඊයේ දිනය නිමා වෙද්දී ශම්මු අශාන්, මිලින්ද සිරිවර්ධන සහ ප්‍රිමෝශ් පෙරේරා පිතිකරණයෙන් සුපිරි දක්ෂතා පෙන්වූ අතර, සුරාජ් රන්දිව් පන්දු යැවීමෙන් දිනය වර්ණවත් කළ සුපිරි ක්‍රීඩකයා බවට පත්විය.
සිංහල ක්‍රීඩා සමාජය – කඩුලු 4ක් දැවී ලකුණු 380 (පන්දුවාර 81): ශම්මු අශාන් 107, මිලින්ද සිරිවර්ධන 103*, දිමුත් කරුණාරත්න 83, කෞෂාල් සිල්වා 42.
සම්පූර්ණ ලකුණු වාර්තාව: ශම්මු, මිලින්ද සහ ප්‍රිමෝශ්ගෙන් සුපිරි ශතක ත්‍රිත්වයක්
ටීම් ශ්‍රී ලංකා T10 තරග දෙකත් පරාදයි

ටීම් ශ්‍රී ලංකා – කඩුලු 4ක් දැවී 125 (10.0): දිනේෂ් චන්දිමාල් නොදැවී 37, භානුක රාජපක්ෂ 19, ෂෙහාන් ජයසූරිය 28, රමිත රඹුක්වැල්ල 22, හර්ඩස් විල්ජින් 2/28, ඩිවයින් බ්රාවෝ 2/12
මරත ඇරැබියන්ස් – කඩුලු 5ක් දැවී 131(10.0): ඇලෙක්ස් හලෙස් 32, රිලී රොසෝව් 49, රී වැන්ඩර් මර්ඩ් 25, විශ්ව ප්‍රනාන්දු 2/15
පක්ටූන්ස් – කඩුලු 6ක් දැවී 111(10.0): ටමීම් ඉක්බාල් නොදැවී 56, අහමඩ් ෂේශාද් 25, විශ්ව ප්‍රනාන්දු 2/15, ෂෙහාන් ජයසූරිය 2/19
ටීම් ශ්‍රී ලංකා – කඩුලු 7ක් දැවී 87(10.0): භානුක රාජපක්ෂ 13, රමිත රඹුක්වැල්ල 18, වනිඳු හසරංග නොදැවී 31, ලියම් ඩෝසන් 2/06
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණුලාභීන් චන්දිමාල් සහ හසරංග
CR කණ්ඩායම පොලිසියට බැට දෙයි

පළමු අර්ධය: CR & FC 34 (5T, 3C,1P) – 06 (2P) පොලිස් ක්‍රීඩා සමාජය
අවසන් ලකුණු තත්වය: CR & FC 53 (8T, 5C, 1P) – 13 (1T, 1C, 2P) පොලිස් ක්‍රීඩා සමාජය
ThePapare.com තරගයේ වීරයා: සුපුන් වර්ණකුලසූරිය (CR & FC)
සම්පූර්ණ වාර්තාව: CR ප්‍රහාරයෙන් පොලිසියට අසාධ්‍යයි
නාවික හමුදාව CH හමුවේ පැරදේ

පෙරළිකාර CH & FC කණ්ඩායම රෝහිත රාජපක්ෂගේ නායකත්වයෙන් පිටියට පිවිසි අතර ලකුණු සටහනේ තෙවන ස්ථානය රැක ගැනීමේ අරමුණින් තරග කළ නාවික හමුදා කණ්ඩායම ධනුෂ්ක පෙරේරා විසින් මෙහෙයවන ලදි.
පළමු අර්ධය: CH & FC 10 – 12 නාවික හමුදා ක්‍රීඩා සමාජය
අවසන් ලකුණු තත්වය: CH & FC 27 (3T 3C 1DG 1P) – 24 (4T 2C) නාවික හමුදා ක්‍රීඩා සමාජය
ThePapare.com තරගයේ වීරයා: සසංක ආරියරත්න (CH & FC)
සම්පූර්ණ වාර්තාව: CH & FC ප්‍රහාරයෙන් නාවිකයෝ මුහුදුබත් වෙති






















