කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
මහානාම ක්‍රීඩකයෝ අවසන් 4ට

කණ්ඩායම් දෙකටම එකසේ වැදගත් වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොළඹ මහානාම විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 120ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටු වූයේ සිය පන්දු යවන්නන් කෙරෙහි දැඩි විශ්වාසයක් තබමිනි.
කෙසේ නමුත් ඉනුක කරන්නාගොඩ ඇතුළු මහානාම විද්‍යාලයේ පන්දු යවන්නන් සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම ලකුණු 105කට සීමා කරමින් මේ තරගය ජයග්‍රහණය කළේ තරගය සඳහා තියුණු අවසානයක් ලබා දෙමිනි.
සම්පූර්ණ වාර්තාව: නොසිතූ තියුණු බවක් ඇති කළ මහානාම විද්‍යාලයට ජය
සුහද තරගය ජය පරාජයෙන් තොරයි

තරගයේ අවසන් භාගයේ දී සාන්ත මරියා ක්‍රීඩකයෝ විශාල අමාරුවක වැටී සිටි අතර නියමිත පන්දුවාර ප්‍රමාණය සේ ම කාලය ද අවසන් වීමෙන් ඔවුන් ලැබෙන්නට ගිය නියත පරාජයකින් බේරුණා. සාන්ත මරියා ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට පිටියට පිවිසියේ ලකුණු 213ක ඉලක්කයක් පසුපස යෑමටයි. එහෙත් තරගය නතර කරන විට ඔවුන්ගේ ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 7කට ලකුණු 42ක් ලෙසයි.
සම්පූර්ණ වාර්තාව: සාන්ත මරියා ක්‍රීඩකයෝ නූලෙන් බේරෙයි






















