Home Sinhala චමිඳුගේ විශිෂ්ට ශතකය නිසා අන්තෝනි විද්‍යාලය පෙරමුණේ!

චමිඳුගේ විශිෂ්ට ශතකය නිසා අන්තෝනි විද්‍යාලය පෙරමුණේ!

222

වසර 105ක දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වෙන “කන්ද උඩරට නිල් මහ සටන” අද (08) 102 වැනි වරටත් උත්සවශ්‍රීයෙන් ආරම්භ විය. ඒ සාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩා පිටිය කේන්ද්‍ර කොට ගනිමිනි.

එහි දී චමිඳු වික්‍රමසිංහ වාර්තා කළ විශිෂ්ට ශතකයේ ආධාරයෙන් මෙම පාසල් මහා ක්‍රිකට් තරගයේ මුල් දිනය නිමා වන විට පෙරමුණේ පසුවන්නේ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයයි.

ශලින් ද මෙල් වසර 99ක වාර්තාවක් අලුත් කරයි

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැත්වෙන 140 වැනි නිල් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දෙවැනි

1914 වසරේ දී මෙම විදුහල් දෙක නිල් මහ සටනට පළමු පියවර තබන්නේ මහනුවර බෝගම්බර ක්‍රීඩා පිටියේ දීයි. කෙසේ වෙතත් ඉන් අනතුරුව මෙම වාර්ෂික ක්‍රිකට් ගැටුම අස්ගිරි ක්‍රීඩාංගණය කරා ගෙන ගිය අතර මෙවර එහි වෙනසක් සිදු කරමින් තරගයේ සත්කාරකත්වය සාන්ත අන්තෝනි විද්‍යාලයට ලබා දී තිබීම විශේෂත්වයකි.

ජෝන් හලංගොඩ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන නිල් මහ සටනේ මීට පෙර අවස්ථා 23ක දී ත්‍රිත්ව විද්‍යාලය ජයගෙන ඇති අතර අවස්ථා 11ක දී අන්තෝනි විද්‍යාලය ශූරතාවය දිනාගෙන ඇත. අවසන් වරට ජයග්‍රහණයක් වාර්තා වූයේ 2012 වසරේ දී නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ ත්‍රිත්ව විද්‍යාලයටයි.

අද ඇරඹුණු තරගයේ කාසියේ වාසිය හිමි වූයේ සත්කාරක සාන්ත අන්තෝනි විද්‍යාලයටයි. ඒ අනුව මුලින් පිතිකරණ අවස්ථාව ලබාගත් ඔවුන් තමන් හොඳින් දන්නා කියන විදුහල් ක්‍රීඩා පිටියේ දී පහසුවෙන් ලකුණු රැස් කිරීම ඇරඹූහ. ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ඉතාමත් හොඳින් ලකුණු අතරට පිවිසි නිසා ඔවුන්ට අද දිනය පුරාවට කිසිදු පීඩනයක් එල්ල වූයේ නැත. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ චමිඳු වික්‍රමසිංහ අද ලකුණු 128ක් රැස්කර ගත්තේ පන්දු 190කට මුහුණ දෙමිනි. මනා සංයමයක් කැටිවුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

විස්සයි විස්ස අවසන් තරගයෙන් බිහි වූ අපූරු වාර්තාව

2014 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ එක්තරා සුවිශේෂී සංධිස්ථානයක්. මෙම අවසාන මහා

අනෙක් අන්තයේ සිට ඔහුට හොඳ සහයක් ලබා දුන් අසිත වන්නිනායක අද තම විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කර ගත්තේය. ඒ හතරේ පහර 11ක් සමඟිනි. මොවුන් දෙදෙනාවම දවා ගැනීමට සමත් වූයේ ත්‍රිත්ව විද්‍යාලයේ දකුණත් පා දඟපන්දු යවන ක්‍රීඩක කවිශ්ක සේනාධීරයි. සාන්ත අන්තෝනි විදුහලේ මැදපෙළ පිතිකරුවන් දීර්ඝ ඉනිම් ගොඩ නැගීමට අපොහොසත් වුවද ආරම්භය අතිශය සාර්ථක වූ නිසා ඔවුන්ට දෙදින ක්‍රිකට් තරගයකට ප්‍රමාණවත් ලකුණු පුවරුවක් ගොඩ නැගීම අපහසු වූයේ නැත. මැදපෙළ පිතිකරුවන් ලෙස ක්‍රීඩා කළ නායක තීක්ෂ ගුණසිංහ පන්දු 37ක දී ලකුණු 25ක් ලබා ගනිද්දී ලසිත් වැරැල්ලගම සහ තමාශන අබේකෝන් ලකුණු 21 බැගින් රැස්කර ගන්නා ලදි.

ඒ අනුව සාන්ත අන්තෝනි විද්‍යාලයේ මුල් ඉනිම කඩුලු 8කට ලකුණු 298ක් දක්වා ඉහළ නගිද්දී ඉනිම අත්හිටුවීමට ඔවුහු පියවර ගත්හ. ඒ දිනය නිමා වීමට පෙර පන්දුවාර කිහිපයක් සඳහා ත්‍රිත්ව විද්‍යාලයට අවස්ථාව ලබා දී කඩුලු කිහිපයක් දවා ගැනීමේ අරමුණ පෙරදැරිවයි. පන්දු යැවීමේ දී කවිශ්ක සේනාධීර කඩුලු 4ක් දවා ගත්තේය. කෙසේ වෙතත් අද සන්ධ්‍යා කාලයේ දී අන්තෝනි විද්‍යාලය යැවූ පන්දුවාර 9 තුල දී ඉතාමත් ප්‍රවේසමෙන් පිත්ත හැසිර වූ ත්‍රිත්ව විද්‍යාලය ඒ අතරතුරේ දී අහිමි කර ගත්තේ එක් කඩුල්ලක් පමණි. එබැවින් ඔවුන්ට හෙට දිනය නැවුම්ව ආරම්භ කොට ගෞරවණීය අවසානයක් දක්වා තරගය මෙහෙයවීමට තවමත් කිසිදු බාධාවක් නොමැත.

Photos: Trinity College vs St. Anthony’s College – 102nd Battle of the Blues | Day 1

මේ වන විට ලකුණු 20ට එක් කඩුල්ලක් ලෙස දැක්වෙන ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිමේ ජයක් ලබා ගැනීම වෙනුවෙන් තවත් ලකුණු 279ක් ලබාගත යුතුය. ඒ වෙනුවෙන් ඔවුන්ට කඩුලු 9ක් ඉතිරි වී තිබේ. ඒ අනුව දෙපිළේම ක්‍රීඩකයින් අතර උණුසුම් ක්‍රිකට් සටනක් හෙට (08) උදෑසන සිට දැක ගැනීමට හැකිවනු ඇත. කෙසේ වෙතත් මෙවරත් කන්ද උඩරට නිල් මහා සටනේ පූර්ණ ජයග්‍රාහකයෙකු පිළිබඳ බලාපොරොත්තු තබාගත නොහැක්කේ එක් දිනක් තුල දී කඩුලු 19ක් බිඳ වැටීම හෝ, ලකුණු අති විශාල ගණනක් වාර්තා වීම අතිශයින්ම දුර්ලභ සිදුවීමක් වන නිසාවෙනි.

102 වන වරටත් පැවැත්වෙන ත්‍රිත්ව – සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රිකට් සංග්‍රාමයේ දෙවන හා අවසන් දිනය හෙට (09) පැවැත්වෙන අතර එහි තරග වාර්තා, ඡායාරූප සහ සජීව දසුන් සියල්ල ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result

Match drawn

Trinity College
173/10 (72)

St. Anthony’s College
298/8 (76)

Batsmen R B 4s 6s SR
C Wickramasinghe c & b Kavishka Senadeera 128 190 4 1 67.37
A Wanninayake lbw b Kavishka Senadeera 54 66 11 0 81.82
G Ebert c Ruvin Peiris b Abishek Anandakumar 4 8 0 0 50.00
T Gunasinghe c Chanuka Kumarasinghe b U H Wimaladarma 25 37 3 0 67.57
L Werellagama lbw b Kavishka Senadeera 21 50 0 0 42.00
T Abeykoon c & b 21 23 0 0 91.30
K Senarathna c Jeff Weerasinghe b Abishek Anandakumar 11 14 0 0 78.57
G Achintha run out () 8 13 0 0 61.54
M Kamil not out 7 9 0 0 77.78
S Hirudika not out 5 3 0 0 166.67


Extras 14 (b 4 , lb 6 , nb 4, w 0, pen 0)
Total 298/8 (76 Overs, RR: 3.92)
Did not bat N Jayathilaka,

Bowling O M R W Econ
Ruvin Peiris 11 0 68 0 6.18
Avishka Senadeera 4.3 0 25 0 5.81
Pubudu Bandara 0.3 0 1 0 3.33
Kavishka Senadeera 26 1 98 4 3.77
Abishek Anandakumar 25 4 77 2 3.08
Shene Gunathilake 2 0 5 0 2.50
U H Wimaladarma 7 0 14 0 2.00


Batsmen R B 4s 6s SR
Shene Gunathilake c G Achintha b C Wickramasinghe 2 9 0 0 22.22
Abishek Anandakumar b S Hirudika 4 44 0 0 9.09
Chanuka Kumarasinghe st b N Jayathilaka 33 77 6 0 42.86
Avishka Senadeera c T Gunasinghe b S Hirudika 0 11 0 0 0.00
Ashan Lokukatiya b N Jayathilaka 17 42 3 0 40.48
Umair Raizan lbw b N Jayathilaka 10 34 0 0 29.41
Dinitha Siriwardena c L Werellagama b K Senarathna 2 13 0 0 15.38
Kavishka Senadeera lbw b N Jayathilaka 12 14 2 0 85.71
Uvindu Wimaladharma c L Werellagama b N Jayathilaka 10 64 2 0 15.62
Pubudu Bandara c S Hirudika b K Senarathna 60 99 8 2 60.61
Ruvin Peiris not out 9 28 2 0 32.14


Extras 14 (b 9 , lb 0 , nb 4, w 1, pen 0)
Total 173/10 (72 Overs, RR: 2.4)
Bowling O M R W Econ
S Hirudika 11.1 7 8 3 0.72
C Wickramasinghe 6 3 15 1 2.50
K Senarathna 19 5 57 1 3.00
N Jayathilaka 28 13 57 5 2.04
G Ebert 3 0 9 0 3.00
A Wanninayake 5 1 18 0 3.60