ගෙවුණු දවස මැයි 08 – සධීර සහ වැන්ඩර්සේ දස්කම් දක්වති

180

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

ත්‍රිත්වයින්ට ජෙහාන්ගෙන් අභියෝගයක්

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවැත්වෙන සිංගර් කුසලාන පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (8) කොළඹ කොල්ට්ස් පිටියේ දී ආරම්භ වූ අතර තරගයේ පළමු දිනය තුළ සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම ලකුණු 300කට සීමා කිරීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් විය. එහි දී සාන්ත ජෝසප් විද්‍යාලයේ නායක ජෙහාන් ඩැනියල් (86) දක්ෂ පිතිකරණයක නිරත විය.

තරගයේ දෙවන හා අවසන් දිනය අද (9) පැවැත්වෙන අතර තරගය ThePapare.com වෙබ් අඩවිය ඩයලොග් TV නාලිකා අංක 1 සහ  MyTV ඔස්සේ සජීවීව නැරඹීමට හැකිය. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 300 (82.4): ජෙහාන් ඩැනියල් 86, දුනිත් වෙල්ලාලගේ 42, රෙවාන් කෙලී 39, තිසරු රශ්මික 3/43.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 35/1 (7):

සම්පූර්ණ වාර්තාව: අවසන් සටනේ දී නායක ඩැනියල් දක්ෂ පිතිකරණයක


සධීරගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ඊයේ (08) පැවති තරග අතරින් ජයග්‍රහණ වාර්තා කිරීමට දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් සමත් විය. දඹුල්ල ක්‍රීඩකයෝ ඊයේ තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීම කැපී පෙණුනි.

දිනයේ කැපී පෙනෙන පිතිකරු වූයේ සධීර සමරවික්‍රම ය. 22 හැවිරිදි දකුණත් පිතිකරු සමරවික්‍රම කොළඹ කණ්ඩායමට එරෙහිව ලකුණු 130ක් වාර්තා කළේය. දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ ජෙෆ්රි වැන්ඩර්සේ ය. ඔහු ලකුණු 07කට කඩුලු 4ක් දවා ගත්තේය.

සම්පූර්ණ වාර්තාව: සදීරගෙන් වර්ණවත් ශතකයක්; වැන්ඩර්සේ සාර්ථක කඩුලු දඩයමක

දිනයක නිමාව

අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්