කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
කොළඹට සහ ගාල්ලට ජයග්‍රහණය

මේ අතර පැවති අනෙක් තරගයේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 11ක ජයක් ලබා ගැනීමට ගාල්ල ක්‍රීඩකයෝ සමත් වූහ. ඔවුන් වෙතින් පරාජයට පත් වූයේ දඹුල්ල ක්‍රීඩකයෝ ය.
දවසේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වීමට කොළඹ කණ්ඩායමේ ෂෙහාන් ජයසූරිය සමත් විය. ඔහු පිතිකරණයේ දී ශතකයක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී කඩුලු 2ක් දවා ගත්තේ ය. මීට අමතරව දඹුල්ල කණ්ඩායමේ අශාන් ප්‍රියන්ජන් ශතකයක් ලබා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා දැක්විය.
සම්පූර්ණ වාර්තාව: ෂෙහාන්ගෙන් ශතකයක් සහ කඩුලු දෙකක්
බ්‍රැඩ්බි පලිහ රාජකීයයන්ට

පාසල් රග්බි තරගාවලියේ දී බොහෝ කණ්ඩයම්වලට සිදු වූ පරිදිම රාජකීය විද්‍යාලයේ දී පැවති පළමු තරග අදියරේ දී ලකුණු 39-07ක වේදනාකාරී පරාජයක් අත්විඳින්නට ත්‍රිත්ව විදුහලට සිදු වූ අතර බලාපොරොත්තු වූ ආකාරයට මේ තරගයේ සිය සුපුරුදු දක්ෂතාවලට පිවිසීමට නොහැකි වුවත් මෙම තරගයේ අවසානයත් සමඟ මුළු ලකුණු 66-26ක් ලෙස ප්‍රබල රාජකීය කණ්ඩයමට බ්‍රැඩ්බි පලිහ හිමි විය.
සම්පූර්ණ වාර්තාව: මහනුවර කලඹමින් රාජකීය කුණාටුව බ්‍රැඩ්බි පලිහ ඩැහැ ගනී
තර්ස්ටන් අසරණ කරමින් ජබ්බාර් පලිහ ඉසිපතනයට

මෙතෙක් පැවති තරග 46න් තරග 44ක් ජය ගැනීමට ඉසිපතන විද්‍යාලය සමත් වී ඇති අතර තර්ස්ටන් විදුහල ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි. එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.
සම්පූර්ණ වාර්තාව: ඉසිපතනයෙන් තර්ස්ටන් ක්‍රීඩකයින්ට අමතක නොවන සංග්‍රහයක්
ශ්‍රී ලංකාව ප්‍රථම දිනය අවසානයේ දෙවැනි තැනට

සම්පූර්ණ වාර්තාව: බාලකයන්ට මග හැරුණු කීර්තිය බාලිකාවෝ රැක දෙති
>>දෙවැනි දිනය සජීව ලෙස නරඹන්න පිවිසෙන්න<<
Live Text Commentary – දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය 2018 – Live Updates Day 2






















