බාලකයන්ට මග හැරුණු කීර්තිය බාලිකාවෝ රැක දෙති

3392

2018 දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අද (05) සුගතදාස ක්‍රීඩා පිටියේ දී ආරම්භ විය. රටවල් 7ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රථම දිනය අවසානයේ දී පදක්කම් සටහනේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි විය. ඒ රන් පදක්කම් 5ක අයිතිය ලක්මාතාවට දිනා දෙමිනි. සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ ඉන්දියාවයි. දිනය අවසානයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වාර්තා 4කට හිමිකම් කියන්නට සමත් විය.

නායකත්වයේ වගකීම් අරුණට

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගී වන 83 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා .

දිවා කාලයේ පැවති තරග අතරින් මීටර් 400 පිරිමි ඉසව්ව නියෝජනය කළ අරුණ දර්ශන මීටර් 46.55ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කමක් දිනා ගනිමින් නව තරග වාර්තාවක් පිහිටු විය. මෙම ඉසව්වේම දෙවන හා තෙවන ස්ථාන ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් දිනා ගත් අතර ඔවුන් පිළිවෙළින් එල්. කොඩිකාර (46.99) සහ පබසර නීකු (47.43) ය.

සවස් කාලයේ දී මීටර් 100 කාන්තා අවසන් තරගය පැවැත්වූ අතර ඉතා උණුසුම් මුහුණුවරක් ගත් එම ඉසව්ව නියෝජනය කළ අමාෂා ද සිල්වා තත්පර 11.92 ක කාලයක් වාර්තා කරමින් තවත් තරග වාර්තාවක් අලුත් කළාය. ඒ තවත් රන් පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දෙමිනි.

දකුණු ආසියාවේ ශ්‍රී ලංකාවටම ආවේණික වූ ඉසව්වක් වන මීටර් 400 කාන්තා ඉසව්වෙන් ද නව තරග වාර්තාවක් පිහිටුවීමට ශ්‍යාමලී කුමාරසිංහ සමත් විය. ඒ තත්පර 54.47 කාලයක් වාර්තා කරමිනි.

මීට අමතරව  දිනයේ අවසන් භාගයේ ශ්‍රී ලංකාව සහභාගී වූ උද්වේගකරම තරගය වන 100×4 සහය දිවීමේ කාන්තා ඉසව්වය ආරම්භ විය. පළමු යෂ්ටි හුවමාරුවේ සිටම ඉන්දියාව සමඟින් කරට කර සටනක් ධාවන පථයේ දක්නට ලැබුණි. ජවයත්, මනා හැකියාවත් මැනවින් උපයෝගී කර ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තත්පර 46.23ක කාලයක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් සමඟින් තවත් රන් පදක්කමක පහස ශ්‍රී ලංකාවට උරුම කර දුන්හ.

මීට අමතරව දිනයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමක් ලෙස මීටර් 100×4 පිරිමි ඉසව්වේ යෂ්ටිය අත හැරී යාම දැක්විය හැකිය. දෙවන යෂ්ටි හුවමාරු කලාපය වෙත පැමිණෙන විටදීත් ඉසව්වේ පැහැදිලි ඉදිරිය ශ්‍රී ලංකාව සතු වී තිබුණ ද, තෙවන යෂ්ටි හුවමාරුව සිදු කළ චමෝද් යෝධසිංහ අතින් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව ගිලිහී යන්නේ සියල්ලන්ගේම බලාපොරොත්තු සුන් කරමිනි.

ශ්‍රී ලංකාව පිහිටවූ තරග වාර්තා හැරුණු කොට ඉන්දියාව ද තරග වාර්තා 5කට හිමිකම් කීය.

මීටර් 1500 පිරිමි ඉසව්ව නියෝජනය කළ අන්කිත් මිනිත්තු 3.51.52ක කාලයක් වාර්තා කරමින් එක් තරග වාර්තාවක් ද, දුර පැනීම පිරිමි ඉසව්ව නියෝජනය කළ ලෝකේශ් සත්‍යන් මීටර් 7.74ක දක්ෂතාවයක් පෙන්වමින් තවත් තරග වාර්තාවක් ද පිහිට විය. හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වූ ඉන්දියාවේ අර්ශ්දිප් සිං මීටර් 71.47ක දක්ෂතාවයක් වාර්තා කරමින් තවත් තරග වාර්තාවක් පිහිට වූ අතර මීටර් 1500 කාන්තා ඉසව්වෙන් දුර්ගා ප්‍රමෝද් මිනිත්තු 4.31.38ක කාලයක් වාර්තා කරමින් තවත් තරග වාර්තාවක් ඉන්දියාව දිනා දුන්නාය. අවසන් වශයෙන් මීටර් 100 කඩුලු මතින් දිවීමේ කාන්තා ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ සප්නා කුමාරි තත්පර 14.19ක  කාලයක් වාර්තා කරමින් තවත් තරග වාර්තාවක් පිහිට වූ අතර යගුලිය විසි කිරීමේ කාන්තා ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ කිරාන් බල්යාන් ද මීටර් 14.77ක දක්ෂතාවයක් දක්වමින් ඉන්දියාව රනින් බැබළ විය.

දිනය අවසානයේ දී පදක්කම් සටහනේ පෙරමුණ ඉන්දියාව දිනා ගත්තේ රන් පදක්කම් 11ක්,  රිදී පදක්කම් 10ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගනිමිනි. ශ්‍රී ලංකාව සටහනේ දෙවන තැන දිනා ගත්තේ රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කම් 10ක් දිනා ගනිමිනි.

එක් රිදී පදක්කමක් සමඟින් පදක්කම් සටහනේ තෙවන ස්ථානය දිනා සිටින්නේ පාකිස්තානයයි.

හෙට (06) තරගාවලියේ අවසන් දිනයයි. මීටර් 200 ඇතුළුව තවත් ශ්‍රී ලංකාවට වැදගත් වන ප්‍රධාන ඉසව් කිහිපයක්ම හෙට දිනයේ ක්‍රියාත්මක වීමට නියමිතයි. පළමු දිනය සජීව ලෙස ThePapare.com තුලින් ඔබට සමීප කළ ආකාරයටම දෙවැනි දිනයත් සජීව ලෙස ඔබට සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<

Full Results of Day 01

E No 101 Jevelin Throw Men Final
Place BIB Name of Athlete Country Performance Remarks
1 131 Arshdeep Singh India 71.47 * NMR
2 187 R.D. Pragathi Prasanna Ranawaka Sri Lanka 61.71
3 188 W.S. Anjana Fonseka Sri Lanka 60.47
4 189 M. Thushmina Krishmal Sri Lanka 59.35
E No 102 Long Jump Women Final
Place BIB Name of Athlete Country Performance Remarks
1 223 Punitha Ramasamy India 5.95 +3.0
2 264 K.K. Ridma Nishadi Aberathna Sri Lanka 5.91 +1.9
3 265 KH Nethmi Megawarna Sri Lanka 5.67 +3.9
4 266 S.R.P.N. Madhuwanthi Sri Lanka 5.55 +3.3
5 205 Jannatul Bangladesh 5.25 +1.9
6 202 Sonia Akther Bangladesh 5.24 +3.1
7 238 Jaya Rani Tharu Nepal 5.09 +2.2
E No 103 High Jump Men Final
Place BIB Name of Athlete Country Performance Remarks
1 173 S.A. Tharindu Dasun Sri Lanka 2.04
2 126 Gurjeet Singh India 2.00
2 174 S.T. Amarasinghe Sri Lanka 2.00
4 103 MD Julfiker Nayeem Jihan Bangladesh 1.80
E No 104 Discus Throw Men Final
Place BIB Name of Athlete Country Performance Remarks
1 129 Ajay India 50.11
2 183 N.P. Lahiru Keshan Pathirana Sri Lanka 47.37
3 127 Ashish Bhalothia India 46.52
4 185 S. Piragasraj Sri Lanka 44.11
5 151 Din Gulam Mohy Ud Pakistan 44.07
6 186 H.A. Shavin Rumeshka Sri Lanka 40.72
E No 109 Shot Put Women Final
Place BIB Name of Athlete Country Performance Remarks
1 226 Kiran Baliyan India 14.77 *NMR
2 227 Anamika Das India 14.54 *BPR
3 270 Sarisha Gunasekera Sri Lanka 11.51
4 272 Ovini Chandrasekera Sri Lanka 10.97
5 271 Rheanna David Sri Lanka 10.57
E No 110 Long Jump Men Final
Place BIB Name of Athlete Country Performance Remarks
1 122 Lokesh Sathyanathan India 7.74 *NMR +1.7
2 121 Rishabh Rishishwar India 7.43 +3.8
3 176 K.T. Pramod Madubasha Sri Lanka 7.02 +3.4
4 178 W.D. Sasindu Nuwinda Sri Lanka 6.98 +3.5
5 141 Bhuwan Mahato Nepal 6.97 +2.7
6 177 Hirusha Hashen Sri Lanka 6.96 -0.9
E No 111 100m Hurdles Women Final
Place BIB Name of Athlete Country Performance Remarks
1 219 Sapna Kumari India 14.19 *NMR
2 220 Pragyan Prasant Sahu India 14.98
3 255 N.G.P.R. Gunathilaka Sri Lanka 15.25
4 257 W.A. Senuri Anuththara Sri Lanka 15.50
5 256 M.A. Bhagya Nilmini Sri Lanka 15.59
E No 112 110m Hurdles Men Final
Place BIB Name of Athlete Country Performance Remarks
1 119 Kunal Choudhary India 14.50
2 120 Mohammed Fias C India 14.55
3 169 Sheshan Dilusha Kariyawasam Sri Lanka 14.60
4 168 I.G. Janidu I. Lakvijaya Sri Lanka 14.72
5 150 Younas Waqar Pakistan 15.15
6 170 Ruchika Kumarage Sri Lanka 15.21
E No 113 100m Women Final
Place BIB Name of Athlete Country Performance Remarks
1 244 D.T. Amasha De Silva Sri Lanka 11.92 *NMR +1.6
2 207 Chaitrali Kalidas Gujar India 12.24
3 245 Shelinda Jansen Sri Lanka 12.28
4 246 Sharmila Jan Sri Lanka 12.34
5 208 Vijaya Kumari India 12.41
6 204 Faojia Akter Rupa Bangladesh 12.81
7 242 Riaz Faiqa Pakistan 13.38
8 241 Imran Esha Pakistan 13.84
E No 114 100m Men Final
Place BIB Name of Athlete Country Performance Remarks
1 107 Prajwal Mandanna Kakera Ravi India 10.81 +2.3
2 152 B.D. Chanuka Sandeepa Sri Lanka 10.88
3 106 Akash Kumar India 10.89
4 153 T.M. Suraj Dinusha Sri Lanka 10.90
5 154 Y.C.M. Yodhasinghe Sri Lanka 11.12
6 102 Mohammed Hasan Miah Bangladesh 11.15
7 144 Ahmad Hamza Pakistan 11.42
8 137 Ibrahim Ashfan Ali Maldives 11.71
E No 115 400m Women Final
Place BIB Name of Athlete Country Performance Remarks
1 247 K.G.D.M. Shayamali Kumarasinghe Sri Lanka 54.47 *NMR
2 214 Subha Venkatesan India 55.18 *BPR
3 213 Rachna India 55.70 *BPR
4 248 K.S. Tharaka Divyanjali Sri Lanka 56.07 *BPR
5 249 A.V. Romeshi Ishara Attidiya Sri Lanka 57.34
6 237 Aishath Himna Hassan Maldives 1:01.19
7 203 Shewly Khatun Bangladesh 1:03.24
E No 116 400m Men Final
Place BIB Name of Athlete Country Performance Remarks
1 155 S. Aruna Darshana Sri Lanka 46.55 *NMR
2 158 P.M.P.L. Kodikara Sri Lanka 46.99 *BPR
3 156 G.D.K.K. Pabasara Niku Sri Lanka 47.43 *BPR
4 112 Rajesh Ramesh India 48.00 *BPR
5 136 Mohamed Naail Maldives 48.67
6 147 Raza Hassan Pakistan 49.83
7 149 Shahzad Muhammad Pakistan 50.23
E No 117 1500m Women Final
Place BIB Name of Athlete Country Performance Remarks
1 231 Durga Pramod Deore India 4:31.38 *NMR
2 233 Poonam Dinkar Sonune India 4:36.65
3 253 K.M.J.M. Kanagarathna Sri Lanka 4:36.71
4 252 H.M.C.S. Herath Sri Lanka 4:36.74
5 254 WM Hasanthi Madumali Sri Lanka 4:59.85
6 235 Aminath Jaaisha Juneez Maldives 5:31.46
7 236 Samha Mohamed Maldives 5:59.42
E No 118 1500m Men Final
Place BIB Name of Athlete Country Performance Remarks
1 116 Ankit India 3:51.52 *NMR
2 117 Ajit Kumar India 3:53.45 *BPR
3 163 K.A.K. Madushanka Sri Lanka 4:02.46
4 142 Madhav K. Chudhary Nepal 4:05.60
5 164 GR Dhammika Wijesuriya Sri Lanka 4:09.81
6 104 Kinley Tshering Bhutan 4:22.90
162 SVP Poorna Sandamith Sri Lanka DNF
E No 119 4x 100m Women Final
Place BIB UNIT Performance Remarks
1 SRI Sri Lanka 46.23 *NMR
2 IND India 46.81 *BPR
3 BAN Bangladesh 49.82
4 PAK Pakistan 51.14
E No 120 4x 100m Men Final
Place BIB Regiment Performance Remarks
1 IND India 42.85
2 PAK Pakistan 43.03
3 MDV Maldives 44.68
SRI Sri Lanka DQ