කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගාවලිය තියුණු අඩියකට

ඊයේ දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 40ක් ලබාගෙන සිටියේය.
ඊයේ (3) සවස පුරා පැයකට ආසන්න කාලයක් පිතිකරණයේ නිරත වුන ටෝනි ඩී සොර්සි හා රයන් රෙකිල්ටන් තෙවන දිනය වූ ඊයේ (4) දිනයේ උදෑසන කාලය තුලත් සිය පිතිකරණ රිද්මය තවදුරටත් පවත්වා ගෙන යමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 83ක සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය.
සම්පූර්ණ වාර්තාව: සොර්සිගේ ශතකයෙන් ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගය තියුණු තැනකට
මලල ක්‍රීඩා පිටියේ ශූරයෝ වාර්තා තබති

සම්පූර්ණ වාර්තාව: දෙවැනි දිනයේ දී ශ්‍රී ලංකා වාර්තා දෙකක් හා නව තරග වාර්තා දෙකක්
ධම්මිස්සර ක්‍රීඩකයින් රුවන්වැල්ලට බැටදේ

දිවයිනේ වොලිබෝල් ක්‍රීඩාවට නම් දැරූ සුපිරි කණ්ඩායම් දෙකක් වන නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය හා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය තරගාවලියේ ශූරයින් ලෙස තමන්ගේ පාසලට ගෞරවය රැගෙන යන්නට තියුණු සටනක නිරත වූ අතර සුපිරි වේගවත් ක්‍රීඩා රටාවකින් ක්‍රීඩා පිටිය දෙවනත් කළ නාත්තන්ඩිය ධම්මිස්සර ක්‍රීඩකයින් වට 3-0ක් ලෙස ජයග්‍රහණය තමන් සතු කරගත්තේ වයස අවුරුදු 19න් පහළ ශූරතාව තමන් සතු කර ගනිමින්.






















