එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කාන්තාවෝ අදත් අසරණ වෙයි

282
SL vs ENG

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ අද (12) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැති දෙවන එක්දින තරගය, ලකුණු 122කින් ජය ගන්නට එංගලන්ත ක්‍රීඩිකාවෝ සමත්වූහ. ශ්‍රී ලංකා කාන්තා පිලට දිනය නිමාවන විට ලබා ගත හැකි වූයේ ලකුණු 173ක් පමණි.

පසුගිය ලිපි: එංගලන්ත ක්‍රීඩිකාවන් ජයග්‍රහණයක් සමගින් තරගාවලිය අරඹයි

ශ්‍රී ලංකා නායිකා ඉනෝකා රණවීර පෙර තරගයේදී මෙන් අදත් කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූ නමුත්, ප්‍රථමයෙන් පන්දු යැවීම සුදුසු යැයි සිතා පන්දුවට පහර දීම සඳහා ඇය එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළාය.

එ් ආරාධනාව පිළිගත් එංගලන්ත ක්‍රීඩිකාවෝ සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත්විය. එංගලන්තය වෙනුවෙන් ලෝරන් මාෂ් පන්දු 72කදී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 51ක් ලබා ගැනීමට සමත් වූ අතර පන්දු 58ක් තුළ ලකුණු 53ක් ලබා ගැනීමට හේදර් නයිට් සමත් විය. එම ලකුණු 53ට හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. නැටලි ස්සයිවර් හතරේ පහර 9ක් සහ එක් 6 පහරක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේ පන්දු 27ක් පමණක් වැය කරමිනි.

හතරේ පහර 8ක් සමඟින් තම කණ්ඩායමට උපරිමයෙන් සහාය ලබා දෙන්නට ජෝර්ජියා සමත් වූයේ පන්දු 36ක් තුළ ලකුණු 46ක් ලබා ගනිමිනි.

පන්දු යැවීමේදී ඉනෝකා රණ්වීර ලකුණු 48ක් තුළ කඩුලු 3ක්ද, ප්‍රසාදිනී වීරක්කොඩි ලකුණු 56කට කඩුලු 2ක්ද දවා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ වූයේ ප්‍රේමදාස තණතීරුව එංගලන්ත පන්දු යවන්නියන්ගේ යටතට පත් වෙමිනි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ එච්. එම්. පෙරේරා හතරේ පහර 3ක් සහ එක් 6 පහරක් සමඟින් ලකුණු 35ක් ලබා ගැනීමට සමත්විය. දක්ෂ ලෙස ක්‍රීඩා කල ඇයගේ කඩුල්ල දවාගත්තේ ඩී. හේසල් විසිනි.

තරගයේ ශ්‍රී ලංකාවට තවත් ලකුණු 33ක් එකතු කරන්නට චමරී පොල්ගම්පොල සමත් වූ අතර ඇය දුවද්දී දැවී යාමකට හසු වූයේ ෆ්‍රැන් විල්සන්ගේ පන්දුවක් හමුවේයි.

නිපුනි හංසිකා ලකුණු 32ක් වාර්තා කරන්නේ පන්දු 43කිනි. ඊට 4 පහර 4ක් සහ එක් 6 පහරක් අන්තර්ගත විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු 5ක් තුළ සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 173ක් පමණි.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී, ඩැනියෙල් හැසල් ලකුණු 38ට කඩුලු 3ක් සහ ලෝරා මාෂ් ලකුණු 35කට කඩුලු 2ක් දවාගත් අතර එංගලන්ත කාන්තා කණ්ඩායම වෙනුවෙන් සියලුම පන්දු යවන්නියන් තම කාර්‍යභාරය මැනවින් ඉටු කිරීමට සමත් විය.

sl bateng bowleng batsl bowl

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට