කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
නුවන්ට ආබාධයක්

පසුගිය වර්ෂයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හා ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වූ ටෙස්ට් තරගාවලියේ දී සියලු තරග ජයග්‍රහණය කිරීමට සමත් වීම ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ සුවිශේෂී දස්කමක් වන අතර, එම සංචිතය තුළ අවුරුදු 19ක් වන වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ඇතුළත්ව සිටියේය. නමුත් අවාසනාවකට ඔහුට එම තරගාවලියේ එකදු තරගයක් හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණේ නැත.
සම්පූර්ණ වාර්තාව: නුවන් ප්‍රදීප් ආබාධයකට; යොවුන් තරුවක් ඇතුලට
ධනුෂ්ක දික්වැල්ල ශ්‍රී ලංකාවට ජය ගෙන එයි

සම්පූර්ණ වාර්තාව: ධනුෂ්ක – දික්වැල්ල වික්‍රමය නිසා ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්
වාර්තා සමඟින් ජෝන් ටාබට් නිමා වේ

අබලන් වූ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී සමස්ත සිසු සිසුවියන් දැක්වූ දක්ෂතා සැබවින්ම ප්‍රශංසනීය වූ නමුත් ඒ අබලන්භාවය නිසාම ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ආබාධ තත්වයන්ට ලක්වීම දිනයේ තවත් මාතෘකාවක් විය.
සම්පූර්ණ වාර්තාව: මීගමුව, මධ්‍යම පළාත් දරු දැරියන් කොළඹ හොල්ලයි
මංජුල අවසන් තරගයට පනී

ආසියානු කලාපයේ සිටින මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහාම පමණක් පැවැත්වෙන මෙම තරගාවලියේ දී පළමු දිනයේ (ඊයේ – 06) පැවති තරගවලට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වූයේ කණ්ඩායම් නායක මංජුල කුමාරයි.
සම්පූර්ණ වාර්තාව: මංජුල කුමාර අවසන් තරගයට






















