දිනාල් සහ මිතිර සාන්ත ජෝසප් දිනවයි

430

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ දිනාල් අනුරාධ සහ මිතිර තේනුරගේ කැපී පෙනෙන දක්ෂතා සමඟින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ තරග කිහිපයක් ඊයේ (12) නිමා විය. 

ආදිත්‍ය සහ කෙනුල දක්ෂ පන්දුකරණයක

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස….

කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය (Group X)

කළුතර තිස්ස විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 47ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනූ සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 200ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සත්කාරක තිස්ස මැදි විදුහල් ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 153ක් පමණි. 

මෙම තරගයේ දී සාන්ත ජෝසප් විද්‍යාලයීය නායක දිනාල් අනුරාධ ලකුණු 77ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී එම කණ්ඩායමේ දකුණතින් වේගපන්දු යැවූ මිතිර තේනුර ලකුණු 32කට කඩුලු 5ක් දවා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. 

පරාජිත ඉනිම වෙනුවෙන් නිකිල් සහස්මික ලකුණු 66ක් ලබා ගත්තේය. 

සාන්ත ජෝසප් විද්‍යාලය; සියලුම දෙනා දැවී 200 (40.3): දිනාල් අනුරාධ 77, ෂෙවොන් ෆොන්සේකා 24, අවිශ්ක දෙවින්ද 3/30, මිගාර දිසානායක 2/44

තිස්ස මධ්‍ය මහා විද්‍යාලය; සියලුම දෙනා දැවී 153 (42.2): නිකිල් සහස්මික 66, රන්දුල දසුන් 20, අවිශ්ක දේවින්ද 20, මිතිර තේනුර 5/32, දුනිත් වෙල්ලාලගේ 2/23

ලෝක කුසලානයේ දී වැඩිම ලකුණු ලබා ගෙන තියෙන්නේ කොළඹ!

එංගලන්තය ලෝක කුසලානය ජයග්‍රහණය කළේය. ඔවුන් තරගාවලියේ….


මීගමුව සාන්ත පීතර විද්‍යාලය සහ කඳාන ද මැසිනෝද් විද්‍යාලය (Group S)

ගොඩිගමුවේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ද සාන්ත පීතර විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් ද මැසිනෝද් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 191ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සාන්ත පීතර විද්‍යාලය කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 192ක් ලබා ගත්තේය. 

මෙම තරගයේ දී ද මැසිනෝද් විද්‍යාලය වෙනුවෙන් සහන් කෝසල ද සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් ලසිත් නිසලක අර්ධ ශතක ලබා ගැනීම කැපී පෙණුනි. පන්දු යැවීමේ දී දිනෙත් සත්සර කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. 

ද මැසිනෝද් විද්‍යාලය; සියලුම දෙනා දැවී 191 (45.3): සහන් කෝසල 58, රුවින් ෆොන්සේකා 33, මිතුන් සෙනරත් 31, අශේන් සිල්වා 25, දිනෙත් සත්සර 4/21, ප්‍රමෝද් කවිඳු 2/35

සාන්ත පීතර විද්‍යාලය; කඩුලු 6ක් දැවී 192 (48.5): ලසිත් නිසලක 77, ශාන් මලීෂ 44, චනුක සිල්වා 3/52, සමිඳු දිනෙත් 2/38

බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා නැගී එන සංචිතයට අලුත් මුහුණු කිහිපයක්

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය සඳහා….


කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය (Group T)

කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 32ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ආනන්ද විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් තර්ස්ටන් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 133ක් ලබා ගත් ලබා අතර පිළිතුරු ඉනිම වෙනුවෙන් ආනන්ද ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 101ක් පමණි.

තර්ස්ටන් විද්‍යාලය; සියලුම දෙනා දැවී 133 (38): රනේෂ් සිල්වා 49, සවිරු බණ්ඩාර 3/23, විනුක දම්සිත් 2/26, ඉසුරු අයේෂ් 2/38

ආනන්ද විද්‍යාලය; සියලුම දෙනා දැවී 101 (39.1): නුශාල් ධර්මරත්න 24, දනන්ජ සිල්වා 4/29, පුන්සිල කුමාර 3/13, ශිමාස් නිෂාම් 2/09

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<