කෞෂාල්ගේ සුපිරි ඉනිම ද්විත්ව ශතකයක් බවට පෙරළෙයි!

450

දේශීය ක්‍රිකට් පිටිය උණුසුම් කරවන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A ශ්‍රේණියේ තරග 5ක් අද (24) නිමාවට පත්විය. එහි දී නිපුන් කරුණානායක සහ මනෝජ් සරත්චන්ද්‍ර ශතක දෙකක් රැස් කරගත් අතර ටෙස්ට් කණ්ඩායමේ හිටපු දකුණත් ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා නොදැවී ද්විත්ව ශතකයක් වාර්තා කර ගැනීමට සමත් විය.

කෞෂාල් සිල්වාගෙන් කලකට පසු නොදැවුණු යෝධ ඉනිමක්!

දේශීය ක්‍රිකට් පිටියට ශතක වැස්සක් ඇද වැටුණු අද (23) දිනයේ කැපී පෙනෙන පිතිකරුවා බවට පත් වන්නට දකුණත් ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා සමත් විය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය SSC කණ්ඩායම අතර තරගය

ජය පැරදුමෙන් තොරව නිමාව දුටු මෙම තරගයේ කැපී පෙනෙන සිදුවීම බවට පත්වූයේ කෞෂාල් සිල්වා වාර්තා කරගත් සුපිරි ද්විත්ව ශතකයයි. බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු 263ට පිළිතුරු ලෙස SSC කණ්ඩායමට ලකුණු 464ක් රැස්කර ගැනීමට මෙම විශිෂ්ට ඉනිම අතිශයින්ම උපකාරී විය.

පන්දු 289ක් තුල වාර්තා වුනු ඔහුගේ ඉනිමට දැකුම්කළු හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. කෞෂාල් සිල්වා ද්විත්ව ශතකය වාර්තා කර ගැනීමත් සමඟින් SSC කණ්ඩායම තම ඉනිම අත්හිටවූ අතර BRC කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 4ක් දැවී ලකුණු 277ක් ලබා සිටියහ. ඒ වෙනුවෙන් නිපුන් කරුණානායක අගනා ශතකයක් වාර්තා කර ගත්තේය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 263 (පන්දුවාර 83.4): ලහිරු ජයකොඩි 86, ලහිරු සමරකෝන් 34, නිපුන් හග්ගල්ල 25, අදීශ නානායක්කාර 23, සචිත්‍ර සේනානායක 7/82, කසුන් මධුශංක 2/43.

සිංහල ක්‍රීඩා සමාජය – කඩුලු 3ක් දැවී ලකුණු 464 (පන්දුවාර 96): කෞෂාල් සිල්වා 202*, දිමුත් කරුණාරත්න 143, ශම්මු අශාන් 66, මිලින්ද සිරිවර්ධන 28*, නිපුන් කරුණානායක 2/59.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 277 (පන්දුවාර 74): නිපුන් කරුණානායක 122, නිසල් ෆ්‍රැන්සිස්කෝ 61, අදීශ නානායක්කාර 57*, සචිත්‍ර සේනානායක 2/79.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය අතර තරගය

ප්‍රතිවාදී කෝල්ට්ස් ක්‍රිකට් සමාජය පරදවමින් කොළඹ ක්‍රිකට් සමාජය ඉනිමක සහ ලකුණු 158ක දැවැන්ත ජයක් ලබාගත් මෙම තරගය පැවැත්වුණේ කොළඹ CCC පිටියේ දීයි. කාසියේ වාසිය දිනාගෙන මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව කෝල්ට්ස් පිළට ලබා දුන් CCC කණ්ඩායම ඔවුන්ව ලකුණු 89කට සීමා කිරීමට සමත් විය.

ඒ වෙනුවෙන් මනෙල්ක ද සිල්වා සහ ලහිරු ගමගේ කඩුලු 3 බැගින් බිඳ හෙලමින් සුවිශේෂී දස්කම් දැක්වූහ. පිළිතුරු ඉනිමේ දී වනිඳු හසරංග සහ මාධව වර්ණපුර රැස්කළ ශතක දෙකෙන් සවිබල ගැන්වුණු CCC පිළ ලකුණු 385ක් රැස් කරමින් ඉනිම අත්හිටුවා ප්‍රතිවාදීන් ලකුණු 138කට සීමා කිරීමට සමත් විය. ඒ වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 8ක් දවා ගනිමින් විශිෂ්ට දස්කම් ප්‍රකට කළේය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 89 (පන්දුවාර 31.5): ප්‍රියමාල් පෙරේරා 26, කවිශ්ක අන්ජුල 24, මනෙල්ක ද සිල්වා 3/13, ලහිරු ගමගේ 3/29, අශාන් ප්‍රියන්ජන් 2/01, ලක්ෂාන් සඳකැන් 2/05.

කොළඹ ක්‍රිකට් සමාජය – කඩුලු 9ක් දැවී ලකුණු 385 (පන්දුවාර 96.4): වනිඳු හසරංග 120, මාධව වර්ණපුර 111*, ලහිරු මධුශංක 31, මනෙල්ක ද සිල්වා 30, රොන් චන්ද්‍රගුප්ත 29, කුසල් මෙන්ඩිස් 25, කවිශ්ක අන්ජුල 5/60.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 138 (පන්දුවාර 55): පසිඳු ලක්ශංක 45, සංගීත් කුරේ 34, කවිශ්ක අන්ජුල 22, වනිඳු හසරංග 8/26.

හතුරුසිංහගේ නව එක්දින සැලැස්ම

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ ආගමනය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ නව යුගයක් බිහිකිරීමට ඉවහල් වනු ඇත.

NCC කණ්ඩායම සහ BRC කණ්ඩායම අතර තරගය

NCC පිළේ උපක්‍රමශීලී තරග රටාව නිසා අද BRC කණ්ඩායම පරදවා කඩුලු 5ක විශිෂ්ට ජයක් තහවුරු කර ගැනීමට ඔවුන්ට හැකි විය. එහි දී දේශාන් ඩයස් වාර්තා කළ ශතකය නිසාවෙන් BRC පිළ ලකුණු 244ක් රැස් කරගත් අතර NCC කණ්ඩායම ලකුණු 322ක් දක්වා තම ප්‍රථම ඉනිම දීර්ඝ කර ගත්හ. ඒ ඇන්ජෙලෝ පෙරේරාගේ ශතකයේ ආධාරයෙනි.

පසුව BRC පිළ තම දෙවැනි ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 180න් පසු කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගිය NCC පිළ තවත් දඩයමක් සාර්ථක කර ගත්හ. තරගය කොළඹ NCC පිටියේ දී ක්‍රියාත්මක විය.

BRC – සියල්ලන්ම දැවී ලකුණු 244 (පන්දුවාර 77.4): දේශාන් ඩයස් 105, රුමේෂ් බුද්ධික 38, සුරාජ් රන්දිව් 24, සනිත ද මෙල් 22, ලසිත් ඇඹුල්දෙණිය 6/59, ලහිරු කුමාර 2/34, තරිඳු කෞෂාල් 2/64.

NCC – සියල්ලන්ම දැවී ලකුණු 322 (පන්දුවාර 64.1): ඇන්ජෙලෝ පෙරේරා 104, ලහිරු උදාර 49, තරිඳු කෞෂාල් 44, සුරාජ් රන්දිව් 3/83, හිමේෂ් රාමනායක 2/33.

BRC (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 180 (පන්දුවාර 56.2): ලිසුල ලක්ෂාන් 80, රුමේෂ් බුද්ධික 50, ලසිත් ඇඹුල්දෙණිය 4/70, ලහිරු කුමාර 3/27.

NCC (දෙවැනි ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 103 (පන්දුවාර 23.1): මහේල උඩවත්ත 50, ලහිරු උදාර 32, ටී.එම්. සම්පත් 2/39.

රාගම ක්‍රිකට් සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

දෙපිළේම ක්‍රීඩකයින්ගෙන් දක්ෂතා ප්‍රකට වුනු මෙම තරගය නිමාව දුටුවේ ජය පැරදුමකින් තොරවයි. එහි දී ජනිත් ලියනගේ රාගම ප්‍රථම ඉනිම වෙනුවෙන් අගනා වටිනා ලකුණු 130ක් රැස්කළ අතර උදාර ජයසුන්දරගේ දර්ශනීය ඉනිම ලකුණු 97 දී අවාසනාවන්ත ලෙස නිමාව දිටීය. පන්දු යැවීමේ දී සහන් නානායක්කාර කඩුලු ත්‍රිත්වයක් ද සමඟින් කඩුලු 5ක් බිඳ දැමීමට සමත් විය.

රාගම ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 266 (පන්දුවාර 77.4): ජනිත් ලියනගේ 130, ලහිරු තිරිමාන්න 80, මොහොමඩ් ඩිල්ශාඩ් 5/75, සාලිය සමන් 2/56.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 221 (පන්දුවාර 63.4): හර්ෂ කුරේ 52, ප්‍රමෝද් මධුවන්ත 44, ඇන්ඩි සොලමන්ස් 36, සහන් නානායක්කාර 5/51, අමිල අපොන්සු 3/51.

රාගම ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 211 (පන්දුවාර 63.1): උදාර ජයසුන්දර 97, ඉශාන් ජයරත්න 34, රොෂාන් ජයතිස්ස 3/64, සාලිය සමන් 2/37.

සැරසන්ස් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 222 (පන්දුවාර 30): රුවිඳු ගුණසේකර 70, මින්හාජ් ජලීල් 51, සාලිය සමන් 36*, ඇන්ඩි සොලමන්ස් 30.

සහසක් අවලාද මැද…

“සියලු වැරදිවල වගකීම ඔබ ගත යුතුය”. නිකරුණේ මා මෙසේ ඔබට කිවහොත් ඔබේ ප්‍රතිචාරය මාගේ කන් පිරෙන වදනක් හෝ කන හරහා පහරක් විය හැකිය. එහෙත් ඒ කිසිවක් නොකොට…

යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අතර තරගය

ජය පරාජයෙන් තොරව නිමාව දුටු මෙම තරගයේ දී කැපී පෙනෙන ඉනිම ක්‍රීඩා කළේ මනෝජ් සරත්චන්ද්‍රයි. ටැමිල් යූනියන් පළමු ඉනිම වෙනුවෙන් ඔහු නොදැවී ලකුණු 119ක් රැස් කිරීමට සමත් විය. යුධ හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලක්ෂිත මධුෂාන් ලකුණු 87යි. පන්දු යැවීමේ දී දමිත සිල්වා කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 331 (පන්දුවාර 111.2): ලක්ෂිත මධුෂාන් 87, කසුන් ද සිල්වා 72, ජනිත් සිල්වා 54, දමිත සිල්වා 5/82, ජීවන් මෙන්ඩිස් 3/60.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – කඩුලු 9ක් දැවී ලකුණු 435 (පන්දුවාර 114.5): මනෝජ් සරත්චන්ද්‍ර 119*, සිතාර ගිම්හාන් 96, කිත්රුවන් විතානගේ 46, දමිත සිල්වා 44, නුවන් ලියනපතිරණ 3/75, විරාජ් පුෂ්පකුමාර 2/61.

යුධ හමුදා ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 170 (පන්දුවාර 45): නවෝද් ඉලුක්වත්ත 69, සංජික රිද්ම 29*, ලක්ෂාන් එදිරිසිංහ 23, ජීවන් මෙන්ඩිස් 2/41, දමිත සිල්වා 2/47.

   තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න