සාන්ත ජෝසප් හා සාන්ත සෙබස්තියන් කරට කර සටනක

434

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ 2018 නව වර්ෂය ආරම්භ වූවාට පසුව පැවති පළමු තරග දෙක අද (2) දිනය තුල ක්‍රියාත්මක විය.

අද දිනය තුල දී සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නිෂිත අභිලාෂ් (129) පිතිකරණයෙන් දස්කම් අතරට පිවිසෙන විට ඉසිපතන විද්‍යාලයේ දිනත් දිසානායක කඩුලු 6ක් දවා ගනිමින් දස්කම් අතරට පිවිසියේය.

මහනුවර අභියෝගයෙන් ගම්පහ සලිත වෙයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ 2017 වර්ෂය සඳහා පැවැත්වූ අවසන් තරග ………

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

දිනය තුල කාගේත් වැඩි අවධානය දිනාගත් මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට කණ්ඩායම් දෙකම හොඳින් පිතිකරණයේ නිරත විය.

කාසියේ වාසිය දිනූ සත්කාරක සාන්ත ජෝසප් විද්‍යාලයේ ඇරයුමින් පළමුව පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් විද්‍යාලය තරගයේ පළමු පන්දු වාරයේ සිටම ප්‍රහාරත්මක පිතිකරණයක නිරත වූ අතර, ඔවුන් පළමු කඩුල්ල සඳහා ලකුණු 150කට වැඩි සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. එහි දී වමතින් පිත්ත හසුරුවන නිෂිත අභිලාෂ් දැකුම්කළු පිතිකරණයක නිරත වෙමින් ශතකයක් රැස් කරගන්නා ලදි. අනෙක් අන්තයෙන් ඔහුට අනගි සහයක් දුන් ශනෙල් ප්‍රනාන්දු හා ටශික පෙරේරා පිළිවෙළින් ලකුණු 87ක් හා 51ක් සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිමට එක් කරන ලදි.

කඩුලු 7ක් දැවී ලකුණු 334ක් ලෙස ලකුණු පුවරුව දැක්වෙද්දී සිය පළමු ඉනිම අත්හිටුවීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලය තීරණය කරන ලදි. පන්දු යැවීමේ දී අශේන් ඩැනියල් කඩුලු 4යි.

පිළිතුරු පළමු ඉනිම දියත් කිරීමට පිටියට පිවිසි සාන්ත ජෝසප් පිතිකරුවන් ද සාන්ත සෙබස්තියන් පිතිකරුවන් හට නොදෙවෙනි පිතිකරණයක නිරත වූයේ සාන්ත ජෝසප් තණතීරුව පිතිකරණයේ පාරාදීසයක් බවට ඉඟිපළ කරමිනි. එහි දී ජෙහාන් ද සිල්වා අර්ධ ශතකයක් ලබාගෙන ලකුණු 63ක් සාන්ත ජෝසප් ලකුණු පුවරුවට එක් කළේය. රෙවාන් කෙලී ලකුණු 29යි. තරගයේ පළමු දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම දියත් කරමින් සිටින සාන්ත ජෝසප් විද්‍යාලය සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 224ක් පසුපසින් සිටියි.

  සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිම – 334/7d  (72.3): නිෂිත අභිලාෂ් 129, ශනෙල් ප්‍රනාන්දු  87, ටශික පෙරේරා 51,                                                                    ගිහාන් සේනානායක 33*, අශේන් ඩැනියල්  4/76.

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 110/2 (22): ජොහාන් ද සිල්වා 63, රෙවාන් කෙලී 29.

2018 ක්‍රිකට් වසර අරඹන්නට පෙර

2018 වසරේ එළිපත්තට අපි පැමිණ සිටිමු. ගෙවී යන වසර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට නම් එතරම් තෘප්තිමත් වසරක් නොවූ බව ……


කොළඹ ඉසිපතන විද්‍යාලය හා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් ලෙස සාන්ත අන්තෝනි විදුහල් පිටියේ පැවැත්වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සත්කාරක සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි. තරගයේ පළමු දිනය අවසන් වන විට ඉසිපතන විද්‍යාලය සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 67ක් ඉදිරියෙන් සිටියි.

සාන්ත අන්තෝනි විද්‍යාලයේ ආරාධනය පරිදි පිටියට පිවිසි ඉසිපතන විද්‍යාලයට සිය පළමු ඉනිම සාර්ථකව නිමා කර ගැනීමට නොහැකි වූයේ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 88කට සීමා වීම නිසාවෙනි. පන්දු යවන්නන් හට වඩාත් උචිත ලෙස හැසිරෙනු මෙම තණතීරුව මත සනිල් විදූෂ හා අවිශ්ක තරිඳු සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් කඩුලු 4 බැඟින් දවාලන ලදි.

මෙම තණතීරුවේ හැසිරීම හොඳින් අවබෝධ කර ගැනීමට වෑයම් කළ සාන්ත අන්තෝනි විද්‍යාලයේ මුල් කඩුලු කිහිපය ඉක්මනින්ම දවා ගැනීමට ඉසිපතන පන්දු යවන්නන් සමත් විය. නමුත් වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට හැකි වන තැනකට තරගය රැගෙන ගිය යසිඳු ජයවීර ලකුණු 23ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී වමතින් වේගපන්දු යවන දිනත් දිසානායක ලකුණු 31ක් තුල කඩුලු 6ක් දවා ගනිමින් සාන්ත අන්තෝනි පළමු ඉනිම ලකුණු 99කට සීමා කිරීමට ඉසිපතනයට සවියක් විය.

ලකුණු 13ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පිවිසි ඉසිපතන විද්‍යාල දෙවන ඉනිම ද පළමු ඉනිම මෙන්ම අසාර්ථක විය. තරගයේ පළමු දිනය අවසන් වන විට නොදැවී කඩුල්ල රැකගෙන සිටින එෂාන් ප්‍රනාන්දු ලකුණු 23*යි. පන්දු යැවීමේ දී සනිල් නිදූශ කඩුලු 3යි. නිසැක වශයෙන්ම ප්‍රතිඵලයක් සහිතව අවසන් වන මෙම තරගයේ දෙවන දිනය ඉතාමත් උණුසුම් වෙනු ඇත.

ඉසිපතන විද්‍යාලය පළමු ඉනිම – 86/10 (31): සනිල් විදුෂ 4/34, අවිශ්ක තරිඳු 4/41

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉනිම – 99/10 (30.4): යසිඳු ජයවීර 23, දිනත් දිසානායක 6/31

ඉසිපතන විද්‍යාලය දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 80/7 (21): එෂාන් ප්‍රනාන්දු 23*, සනිල් නිදුෂ 3/44

මෙම තරග දෙකේ දෙවන දිනය හෙට (3) පැවැත්වෙන අතර අමතරව තවත් තරග කිහිපයක්ම හෙට ආරම්භ වීමට නියමිතව ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න