සත් සාමාජික තරඟාවලියේ දෙවන අදියරට වෙනස්කම් තුනක්

278
Asia-Rugby-Sevens-2nd-Leg

ආසියනු සත් සාමාජික තරඟාවලියේ දෙවන අදියර මේ සති අන්තයේ දකුණු කොරියාවේ දී ආරම්භ වේ. ශ්‍රී ලංකා කණ්ඩායම මීට සති දෙකකට ඉහතදි හොන්ග් කොන්ග් හී පැවති පලමු අදියරේ දී දෙවන ස්ථානය ලබාගත් අතර තරඟාවලියේ අවසන් අදියර ඔක්තොම්බර් මස 15 සහ 16 යන දින වල කොළඹ දී පැවැත්වෙනු ඇත.

පසුගිය ලිපි: ශ්‍රී ලංකාව සටනක් දී අනුශූරයන් වෙයි

කෙවින් ඩික්ස්න්, ජෙසන් දිසානයක සහ දිනේශ් චතුරංග වෙනුවට මහනුවර ක්‍රීඩා සමජයේ  ශ්‍රීනාත් සූරියබණ්ඩාර, රිචර්ඩ් ධර්මපාල සහ කාංචන රාමනයක Winger ක්‍රීඩකයින් ලෙස සංචිතයට එකතු වේ.

වයස අවුරුදු 20න් පහල රග්බි කණ්ඩායමේ නායක කෙවින් ඩික්සන්, ජතික කණ්ඩායමේ වරම් ලබා ගනිමින් මෙම තරඟාවලියේ පලමු අදියරට ක්‍රීඩා කල අතර තරඟාවලිය පුරා විශිෂ්ට ලෙස දස්කම් ප්‍රදර්ශනය කිරීමට ඔහු සමත් විය.

අවාසනාවන්ත ලෙස ඔහු දකුණු දණහිසේ ආබාධයකට ලක්වී ඇති නිසා දෙවැනි අදියරට ක්‍රීඩා නොකරන අතර පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුව බොහෝවිට ඔහුට අවසන් අදියරට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ.

ජේස්න් දිසානායක පසුගිය සතියේ පැවති පළමු අදියරේදි එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමඟින් ක්‍රීඩා කරන අතරතුර හිසට ඇතිවු කම්පන තත්ත්වයක් නිසා මෙම අදියරේ සංචිතයෙන් ඔහුව ඉවත් කර ඇත. ජේසන් පුහුණුවීම් සඳහා ද සහභාගී වුනු නමුත් පූර්ණ සුවයක් නොලැබීම නිසාවෙන් විවේක ගන්වා ඇත. පලපුරුදු ක්‍රීඩක දීනූෂ චතුරංග, කාංචන රාමනායකට ඉඩ ලබදෙමින් කණ්ඩායමෙන් ඉවත් කර ඇත.

ශ්‍රීනාත් සූරියබණ්ඩාර ඉතා හොඳ පලපුරුද්දක් ඇති ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් තරඟාවලියේදී හිසට ඇතිවූ කම්පනයක් හේතුවෙන්  ඔහුට මෙම තරඟාවලියේ පලමු අදියර අහිමි විය. මෙවර වෙළඳ සේවා රග්බි තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් රිචඩ් ධර්මපල පිළිබඳවද අමුතුවෙන් හඳුන්වාදිය යුතු නැත. CR&FC කණ්ඩායමේ සිට මහනුවර ක්‍රීඩා සමජයට පැමිනි කාංචන රාමනායක පසුගිය වසරේ සිට සත් සාමාජික සංචිතයේ සාමජිකත්වය දරයි.

සුදර්ශණ මුතුතන්ත්‍රී ඔහුගේ වැලමිටේ ඇති වු ආබධයෙන් තවමත් පූර්ණ  සුවය ලබා නැති වුවද ඔහු කණ්ඩයම් පුහුණුවීම් වල දක්නට ලැබුනි. මීට පෙර කණ්ඩයමේ ජේෂ්ඨ සාමාජිකයින් රැසක් ආබාධයන්ට ලක්වීම නිසා පුහුණුවීම් සඳහා සහභාගී නොවීය.

ශ්‍රී ලංකා කණ්ඩායම බදාදා රාත්‍රියේ දකුණු කොරියාව බලා පිටත්ව යනු ඇත.

සංචිතය: දනුශ්ක රන්ජන් (නායක), දුලජ් පෙරේරා, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, රිච්ඩ් ධර්මපාල, කාංචන රාමනායක, කවින්දු පෙරේරා, හිරන්ත පෙරේරා, දනුෂ් දයාන්, ඔමල්ක ගුණරත්න, සශාන් මොහොමඩ්, සාලිය හඳපාන්ගොඩ,තරින්ද රත්වත්තේ.

නිලදාරීන්: පුහුණුකරු-Matt Turner, කළමණාකාරු-රොහාන්  චින්තක , සහය පුහුනුකරු-රජිව් පෙරේරා, භෞතචිකිත්සක-Nick Groube

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට