ශ්‍රී ලංකාවට දැවැන්ත ජයග්‍රහණ ද්විත්වයක්

4033

දකුණු කොරියාවේ ජෙයෝන්ජු නුවර දී පැවැත්වෙන 10 වන ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලියේ ‘A’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවති තරගයෙන් ලකුණු 86-14ක අති දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.

ශ්‍රී ලංකාවට පාකිස්ථානය හමුවේ විශිෂ්ට ජයක්

10 වන වරටත් පැවැත්වූ ආසියානු තරුණ කාන්තා දැල්පන්දු තරගාවලිය පසුගිය 6 වැනි දා කොරියවේ ජෙන්ජු හිදී ආරම්භ වූ අතර, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර තරගාවලිය…

ඊට පෙර පැවති තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායම තායිලන්ත කණ්ඩායම හමුවේ නොසිතූ ලෙස පරාජයට පත්වූ අතර පකිස්ථානය සමඟ තරගයෙන් ලකුණු 93-6 විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගන්නට සමත් විය.

මාලදිවයින කණ්ඩායම සමග තරගයේ පළමු අර්ධය අවසානයේ ලකුණු 22-5 ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පෙරමුණේ පසු වූ අතර දෙවන අර්ධය අවසානයේ ලකුණු සටහන දැක්වුණේ ලකුණු 43-8ක් වශයෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ තෙවන හා හතර වන අර්ධවල දී ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කරන්නට සමත් විය. එම අර්ධ වල ලකුණු සටහන දැක්වුණේ ලකුණු 23-04ක් හා ලකුණු 20-02ක් වශයෙනි.

මහනුවර හිල්වුඩ් විද්‍යාලයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන කවීනා රාජපක්ෂ තරගයේ දී ලකුණු 60ක් වාර්තා කර ගැනීමට සමත් විය. ඇය ලකුණු ලබා ගැනීම සඳහා කළ උත්සාහයන් 66න් 60ක් සාර්ථක කර ගත්තේ 91% ප්‍රතිශතයක් වාර්තා කර ගනිමිනි. ඊට අමතරව ප්‍රෙස්බිටීරියන් විද්‍යාලයෙන් කණ්ඩායමට ක්‍රීඩා කරන රශ්මි දිව්‍යාංජලී ලකුණු ලබා ගැනීමට කළ උත්සාහයන් 29න් 26ක් සාර්ථක කර ගනිමින් ලකුණු 26ක් රැස්කර ගැනීමට සමත් විය.

අද දිනයේ දී (10) තරගාවලියේ අර්ධ අවසන් වටයේ තම ස්ථානය වෙන්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ප්‍රබල හොං කොං කණ්ඩායම සමඟ තරග බිමට පිවිසීමට නියමිතය.

තරග ප්‍රතිඵල

දිනය4

  • දකුණු කොරියාව 20 – 67 ඉන්දියාව
  • හොං කොං 51 – 35 තායිලන්තය
  • මැලේසියාව 71 – 29

දිනය 3

  • චීන තායිපේ 35 – 55 ඉන්දියාව
  • සිංගප්පූරුව 50 – 53 මැලේසියාව
  • මාලදිවයින 14 – 61 හොං කොං

 තවත් පුවත් සඳහා පිවිසෙන්න මුල් පිටුවට