මතීෂ, කුසල් සහ ගයාන් Tier B පිටිය ග්‍රහණයට ගනී

733

26 හැවිරිදි මතීෂ පෙරේරා සහ 20 හැවිරිදි කුසල් එදිසූරිය Tier B පිටිය පිතිකරණයෙන් අලංකාරවත් කරද්දී, 36 හැවිරිදි ගයාන් සිරිසෝම පිතිකරුවෝ සලිත කරමින් අද (12) දවස නිමා කළේය.

සංගක්කාර තවත් විස්සයි විස්සකට සූදානම්

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර හොංකො හිදී පැවැත්වෙන “T20 බ්ලිට්ස්” ක්‍රිකට් තරගාවලියේ ගැලැක්සි ගැලඩියේටර්ස් ලැන්ටාවු…

කුරුණෑගල යොවුන් සහ පොලිස් අතර තරගය

කුරුණෑගල වෙළගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පොලිස් ක්‍රීඩකයෝ දිනය අවසාන වන විට කඩුලු 5ක් දැවී ලකුණු 224ක් ලබා සිටියහ.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක දිනූෂ ප්‍රනාන්දු ය. ඔහු පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තේය. තරිඳු ඩිල්ශාන් ද පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තේය.

පොලිස් ක්‍රීඩා සමාජය; පළමු  ඉනිම කඩුලු 5ක් දැවී 224 (90.0) තරිඳු සිරිවර්ධන 21, තරිඳු ඩිල්ශාන් 52, විබාර් යාදව් 29, දිනූෂ ප්‍රනාන්දු 61, සමිත් දුශාන්ත නොදැවී 34, තුසිත් ද සොයිසා 2/49


කළුතර සහ ගාල්ල අතර තරගය

කළුතර ටවුන් ක්ලබ් නියෝජනය කරන මතීෂ පෙරේරා ගාල්ල ක්‍රිකට් සමාජයට එරෙහිව ආරම්භක වමත් පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිස අද රැස් කළේ තමන්ගේ පළමු පෙළ ක්‍රිකට් දිවියේ පළමු ශතකයයි. ඔහු පන්දු 192කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 122ක් ලබා ගත්තේය.

මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී ආරම්භ වූ මෙම තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත නතර කරන විට සත්කාරක කළුතර ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 258ක් ලබා සිටියහ.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිමේ මතීෂ පෙරේරා රැස් කළ ශතකය සහ එරංග රත්නායක රැස් කළ අර්ධ ශතකය එහි විය. ඔවුන් දෙදෙනා එක්ව 5 වැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 121කි. එරංග තරගය නතර කරන විට පන්දු 138කට මුහුණ දී හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 60ක් ලබා සිටියේය.

කළුතර ඉනිමේ දැවී ගිය කඩුලු සියල්ලේම හිමිකාරිත්වය ගයාන් සිරිසෝමට හිමි විය.  

දිනයේ කැපී පෙණෙනම පන්දු යවන්නා වූයේ ගයාන් සිරිසෝම ය. ගාල්ල ක්‍රිකට් සමාජය නියෝජනය කරන ගයාන්ගේ අද දිනයේ පන්දු යැවීම ලකුණු සටහන් පොතේ සටහන් වූයේ 30-8-70-6ක් ලෙසිනි. මෙම දක්ෂතාව ගයාන්ගේ මෙම තරග වාරයේ හොඳම පන්දු යැවීම වන අතර මීට පෙර පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 90කට දවාගත් කඩුලු 6 ඔහුගේ හොඳම පන්දු යැවීම සේ වාර්තා වී තිබුණි.

කළුතර ටවුන් ක්ලබ්; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 258 (75.0) මතීෂ පෙරේරා 122, ගීත් පෙරේරා 24, එරංග රත්නායක නොදැවී 60, ගයාන් සිරිසෝම 6/70

පානදුර සහ ගුවන් හමුදාව අතර තරගය

පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ගුවන් හමුදා ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සත්කාරක ක්‍රීඩකයෝ තම පළමු ඉනිමකට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 176ක් පමණි. ඊට පිළිතුරු ලෙසින් දිනය නිමා වන විට ගුවන් හමුදා කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 68ක් ලබා සිටියේය.

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 176 (46.6) සුරේෂ් පීරිස් 30, විනෝද් පෙරේරා 29, මොහොමඩ් රමීස් 26, දනුෂික බණ්ඩාර 20, ප්‍රනීත් රත්නායක 3/44 ශොහාන් රංගික 5/52

ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම; පළමු ඉනිම කඩුල්ලක් දැවී 68 (16.5) හර්ෂණ ජේම්ස් නොදැවී 37, උදයවංශ පරාක්‍රම 25

ද්‍රාවිඩ්ගෙන් පණිවිඩයක්

ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතාබහ කිරීමට, ක්‍රිකට් විශ්ලේෂණය කිරීමට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙකු කැමැත්තක් දක්වයි. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන මනා ලෙසම උගත…

නාවික හමුදාව සහ මීගමුව අතර තරගය

මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මීගමුව ක්‍රිකට් සමාජය අතර පැවති තරගයේ දී පන්දු 181කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගැනීමට කුසල් එදිසූරිය සමත් විය.

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ මීගමු ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩකයෝ අයහපත් කාලගුණ තත්ත්වය මත පළමු දිනය නිමා කරද්දී කඩුලු 6ක් දැවී ලකුණු 252ක් ලබා සිටියහ.

එම ඉනිමේ දී කුසල් එදිසූරිය නොදැවී ශතකයක් ලබා සිටි අතර බුද්ධික හසරංග පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 80ක් ලබා ගත්තේය.  

ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 252 (83.3) සුපුන් ලීලාරත්න 27, බුද්ධික හසරංග 80, කුසල් එදිසූරිය නොදැවී 100, රොෂේන් ප්‍රනාන්දු 2/52, ෂෙහාන් වීරසිංහ 2/29

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<