වලල ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තරයේ දස්කම් දක්වති

265
Asian Junior cross country

හොංකො හිදී තෙවැනි වරටත් පැවති වයස අවුරුදු 17න් පහළ පාසල් රට හරහා දිවීමේ තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.

ක්‍රීඩකයින් 17ක් සහ ක්‍රීඩිකාවන් 10ක් කනිෂ්ඨ මලල ක්‍රීඩා සංචිතයට

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය (AASL) මඟින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 27 දෙනෙක්, ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා..

කණ්ඩායමකට සාමාජිකයින් 6 දෙනෙකුගෙන් යුක්‌තව පැවති මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමක්‌ සහභාගී වූ පළමු අවස්ථාව මෙයයි.

බාලිකා අංශයේ පළමු ස්ථානය චාමිනී හේරත් විසින් දිනා ගන්නා විට එහි දෙවැනි ස්ථානය ජයන්ති කනගරත්නත්, තෙවැනි ස්ථානය ප්‍රසංතී රත්නායකත්, සිව්වැනි ස්ථානය සුභාශිනී ප්‍රේමරත්නත් විසින් දිනා ගත් අතර එම අංශයේ හත්වැනි ස්ථානය ගිහන්ති ජයසිංහ විසින් දිනා ගන්නා ලදි. අදාළ ක්‍රීඩිකාවෝ සියලු දෙනාම වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් මෙම තරගාවලියට ඉදිරිපත්ව තිබීම සුවිශේෂත්වයක්‌. එම අංශයේ 17 වැනි ස්ථානය මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ හසන්ති මධුමාලි විසින් දිනා ගන්නා ලදි.

බාලක බාලිකා ශූරතා පිළිවෙළින් සාන්ත ජෝසප් සහ ජනාධිපති බාලිකාවන්ට

ශ්‍රී ලංකාවේ පැරණිතම මලල ක්‍රීඩා තරගාවලියක් වන ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා..

මීට අමතරව බාලක අංශයේ පෙරමුණට පැමිණි කෑගල්ල රන්දිවෙල මහා විද්‍යාලයේ චමිදු මධුසංඛ රත්නායක තෙවැනි ස්‌ථානයට පත්විය. එහි දී සිව්වැනි ස්ථානය හර්ෂ කරුණාරත්නත්, හය වැනි ස්ථානය සිතුම් සංජය ඩෙන්සිල් හිමිකර ගැනිණ. ඔවුන් දෙදෙනාම වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩකයෝ වූහ.

මීට අමතරව කෑගල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ධම්මික විඡේසූරිය 8 වැනි ස්‌ථානයටත්, වලල ඒ. රත්නායක විද්‍යාලයේ ප්‍රදීප් කුමාර 15 වැනි ස්ථානයටත්, කළුතර බණ්ඩාරනායක විද්‍යාලයේ කවිශ්ක එරංග 19 වැනි ස්ථානයටත් දිනා ගන්නා ලදි.

ශ්‍රී ලංකාවට අමතරව චීනය, මොංගෝලියාව, කසකස්තානය, තායිලන්තය, සිංගප්පූරුව, මැකාවෝ, ඉන්දුනීසියාව සහ හොංකොං ඇතුළුව රටවල් 9ක්‌ මේ සඳහා සහභාගී විය.

ආසියානු පාසල් ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් පැවැත්වූ මෙම තරගාවලිය සඳහා සහභාගී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් ගුවන් ටිකට්පත් ලබා දී තිබූ අතර කණ්ඩායම් පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු මහතා ගරු ක්‍රීඩා අමාත්‍යතුමා හට සිය ස්තුතිය පුද කර තිබුණි.

තරගාවලියේ බාලක අංශයේ සමස්ත දෙවන ස්ථානය චීනයටත් එහි තෙවැනි ස්ථානය ඉන්දුනීසියාවටත් හිමි වූ අතර බාලිකා දෙවන හා තෙවැනි ස්‌ථාන පිළිවෙළින් තායිලන්තයටත් සත්කාරක හොංකොං දේශයටත් හිමි විය.

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<