ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට විඩාබර මාසයක් වන අගෝස්තු මාසයේ පාසල් මෙන්ම ජාතික මට්ටමේ තරග රැසක් ද පැවැත්වීමට නියමිතයි. ඒ අතරට පාසල් මට්ටමේ තරගාවලි 3ක් සහ ජාතික මට්ටමේ තරගාවලි 5ක් ඇතුළත්. 

Track එකේ ගෙවෙන ගිම්හාන සැණකෙළිය

ජාතික මලල ක්‍රීඩාවේ “මෞලි මංගල්‍ය” ලෙස අප හඳුන්වනු ලබන ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ 97 වන දිගහැරුම අගෝස්තු…

අගෝස්තුවේ පළමු ක්‍රීඩා උළෙල ලෙස පාසල් මට්ටමේ තරගාවලියක් වන කනිෂ්ඨ ජෝන් ටාබර්ට් මලල ක්‍රීඩා උළෙල හෙට (02) ආරම්භ වීමට නියමිත අතර මෙය අදියර තුනක් යටතේ පවත්වනු ලබයි. එහි පළමු අදියර හෙට දිගන ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන අතර එය අගෝස්තු 02 වැනිදා සිට අගෝස්තු 03 වැනිදා දක්වා පැවැත්වේ.

දෙවන අදියර වෙන්නප්පුව ඇල්බට් එෆ් පීරිස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත වන අතර එය අගෝස්තු මස 8 වැනිදා සිට 9 වැනිදා දක්වා පැවැත්වේ. තෙවැනි සහ අවසන් අදියර අගෝස්තු මස 11 වැනිදා සිට අගෝස්තු 13 වැනිදා දක්වා මාතර කොටුවිල ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. ගිය වසරේ මෙන්ම මේ වසරේ ද නව තරග වාර්තා රැසක්ම බිහිවීමට ඉඩ ඇත. 

වොලිබෝල් කනිෂ්ඨයෝ මියන්මාරයට

මියන්මාරයේ දී ආරම්භ වීමට නියමිත ‘තුන්වැනි ආසියානු 23න් පහළ වොලිබෝල් තරගාවලිය’ සඳහා සහභාගී වන….

අගෝස්තු මාසයේ ආරම්භ වන පළමු  ජාතික තරගාවලිය වන්නේ 36 වැනි වෙළඳසේවා මලල ක්‍රීඩා තරගාවලියයි. එය අගෝස්තු මාසයේ 10 වැනිදා සිට 11 වැනිදා දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. මලල ක්‍රීඩාවේ “මෞලි මංගල්‍ය” ලෙස සැලකෙන මෙවර 97 වැනි වරට පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා උළෙල අගෝස්තු මස 16 වැනිදා සිට 18 වැනිදා දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේ දී දී පැවැත්වීමට නියමිතව ඇත. 

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලබන 5 වැනි සහය දිවීමේ තරගාවලිය මෙම මස 21 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැදගත් වන මොක්පො ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලිය අගෝස්තු මස 25 වැනිදා සිට 26 වැනිදා දක්වා දකුණු කොරියාවේ දී පැවැත්වේ. 

ශ්‍රී ලංකා යුද හමුදාවේ බලය, ජවය, ශක්තිය පෙන්වන තවත් එක් ඉසව්වක් වන යුද හමුදා මලල ක්‍රීඩා උළෙල ද මෙම මස 26 වැනිදා සිට 28 වැනිදා දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ක්‍රීඩා ඇමතිගෙන් අත් ට්‍රැක්ටර්

13 වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙල මේ වසරේ දෙසැම්බර් මස 01 සිට දෙසැම්බර් 11 දක්වා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා….

මලල ක්‍රීඩාවට ආදරය කරන මලල ක්‍රීඩකයන්ට සහ ප්‍රේක්ෂකයන්ට මෙම මාසය ඉතාමත් වැදගත් මාසයක් වන අතර මෙම සෑම තරගයකම ඡායාරූප, තරග ඉසව්වන්ගේ රූපරාමු, තරග විස්තර, තරග කාලසටහන් ඇතුළු සියලු දේ ThePapare.com හරහා ඔබ වෙත. රැඳී සිටින්න අප සමඟින්. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<