සොර්සිගේ ශතකයෙන් ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගය තියුණු තැනකට

1175

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා නැගී එන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 241ක් ඉදිරියෙන් පසුවීමට දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම සමත් විය.

චරිත් අසලංක ශතකයකට පිය තබයි

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් විටත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ වැඩි වාසිය හිමි වූ අතර අද (3) දිනයේ දී චරිත්…

අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 40ක් ලබාගෙන සිටියේය.

ඊයේ (3) සවස පුරා පැයකට ආසන්න කාලයක් පිතිකරණයේ නිරත වුන ටෝනි ඩී සොර්සි හා රයන් රෙකිල්ටන් තෙවන දිනය වූ අද (4) දිනයේ උදෑසන කාලය තුලත් සිය පිතිකරණ රිද්මය තවදුරටත් පවත්වා ගෙන යමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 83ක සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමේ ලකුණු සටහන ලකුණු 83ක් වෙද්දී ක්‍රියාත්මක වූ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ඔවුන්ගේ පළමු කඩුල්ල දවා ගනිමින් 4 පහර 4ක් සමඟ ලකුණු 37ක් ලබාගෙන සිටි රෙකිල්ටන්ව දවා ගන්නා ලදි.

එම සබඳතාවයට පමණක් සීමා නොවූ දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම වෙනුවෙන් පිටියේ එක්කාසු වූ සොර්සි හා දකුණතින් පිතිකරණයේ නිරත වන කගීසෝ රපුලානා සමගින් දෙවන කඩුල්ල වෙනුවෙන් ද අගනා සබඳතාවයක් ගොඩනැංවූ නමුත් එම සබඳතාවය ශතකයකට එක් ලකුණක් මෙපිටින් නවතාලීමට ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ශතකයක් ලබා ගත් චරිත් අසලංක සමත් විය. එහි දී අසලංක විසින් දවා ගත්තේ 4 පහර 2ක් සමඟ ලකුණු 41ක් ලබාගෙන සිට රපුලානාගේ කඩුල්ලයි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට අභියෝගයක් වෙමින් ඉතාමත් දක්ෂ ලෙස පිතිකරණයේ නිරත වූ සොර්සි මිනිත්තු 167කට ආසන්න කාලයක් කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 103ක් රැස්කර ගත්තේය. 4 පහර 10කින් අලංකාරවත් වූ ඔහුගේ ඉනිමට තිත තැබූ වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු ගමගේ දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමේ තෙවන කඩුල්ල ඔහුගේ නමට ඉදිරියෙන් සනිටුහන් කර ගන්නා ලදි. මැතිව් බ්‍රීට්ස්ක් ලකුණු 21යි.

නේපාලය තියුණු අවසානයකින් නෙදර්ලන්ත තරගාවලිය සම කරති

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට කෝඩුකාරයන් වූ නෙදර්ලන්තය සහ නේපාලය අතර ඇම්ස්ටෙල්වීන් පිටියේ දී පැවති දෙවැනි එක්දින තරගයේ දී…

6 වන කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ රයන් වෑන් ටොන්ඩර් හා ඊතන් බොෂ් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හම්බන්තොට තණතීරුව මත ඔවුන් වෙත යොමුකරන පන්දු හොඳින් තෝරා බේරාගෙන ලකුණු 45ක සබඳතාවයක් ගොඩනංවා තිබිය දී ටොන්ඩර්ට ඇතිවූ ආබාධ තත්වයක් නිසා පිටියෙන් ඉවතට ගියේය. දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමේ මැදපෙළ අසාර්ථක වෙද්දී යම් සවියක් වූ ඔහු 4 පහර 6ක් හා 6 පහර 2ක් සමඟ ලකුණු 68ක් රැස්කර ගැනීමට සමත් විය.

සිව්වැනි දිනය සඳහා තරගය නවතා දමන විට දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 344ක් ලබාගෙන සිටි අතර නොදැවී කඩුල්ලේ රැඳී සිටින සමන්ගලිසො නෙල්බෙලා හා ජෝර්ජ් මලොක්වානා පිළිවෙළින් ලකුණු 4*ක් හා ලකුණු 6*යි.

හෙට (5) සිව්වැනි හා අවසන් දිනය වෙනුවෙනුත් තරගය ක්‍රියාත්මක වන අතර තරගය ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව නැරඹීමට හැකිය. එහි තරග තොරතුරු ද ඔබට සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම – 216 (64.3): රයන් රිකෙල්ටන් 51, නන්ද්‍රේ බර්ගර් 31, ජෝර්ජි මහලොක්වානා 29, කමිඳු මෙන්ඩිස් 4/32.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමු ඉනිම – 319 (92): චරිත් අසලංක 100, සම්මු අශාන් 61, කෞශාල් සිල්වා 34, කමිඳු මෙන්ඩිස් 31, ලදෝ සිපම්ලා 4/75.

දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම දෙවන ඉනිම (සිව්වන දිනය අවසානයේ) – 344/6 (101): ටෝනි ඩී සොර්සි 103, රයන් වෑන් ටොන්ඩර් 68, කගීසෝ රපුලානා 41, බිනුර ප්‍රනාන්දු 2/23, චරිත් අසලංක 2/51.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<