Home Sinhala ඇඹුලා කඩුලු 8ක් ලබා ගනිද්දී පිතිකරුවෝ සැකකාර ඉනිමක

ඇඹුලා කඩුලු 8ක් ලබා ගනිද්දී පිතිකරුවෝ සැකකාර ඉනිමක

23958
Lasith Embuldeniya

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි නිල නොලත් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අවසන් වන විට ලසිත් ඇඹුල්දෙණිය සුපිරි පන්දු යැවීමක් වාර්තා කරද්දී පිතිකරුවෝ තරගයේ ගෞරවය ලබා ගැනීමේ සැකකාර ඉනිමක නිරත වූහ.

ඇඹුල්දෙණිය දකුණු අප්‍රිකානුවන් පාලනය කරයි

දකුණු අප්‍රිකාවේ සංචාරයකට එක්ව සිටින ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහභාගී වෙන දෙවැනි…

දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 441කට නිමා වූ අතර තරගය දෙවැනි දිනයට නතර කරන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 217ක් ලබා සිටිය හ. එසේ වූවත් දකුණු අප්‍රිකානු ඉනිමේ කඩුලු 8ක් ලබා ගනිමින් සුපිරි පන්දු යැවීමක් වාර්තා කිරීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 441ක් ලබා ගත්හ. පෙර දිනයේ තරගය නතර කරන විට දකුණු අප්‍රිකානුවෝ කඩුලු 4ක් දැවී ලකුණු 321ක් ලබා සිටි අතර අද දිනයේ දී ඔවුන් ඉතිරි කඩුලු 6 ලකුණු 120ක් ලබා ගත්තේ කඩුලු 6ක් පූජා කරමිනි. 

දිනයේ දැවී ගිය කඩුලු 6න් 5ක්ම දවා ගැනීමට 22 හැවිරිදි වමතින් දඟපන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය සමත් විය. ඔහු පෙර දිනයේ තරගය නතර කරන විට ලකුණු 102කට කඩුලු 3ක් ලබා සිටි අතර දකුණු අප්‍රිකානු ඉනිම අවසන් වන විට ලකුණු 156කට කඩුලු 8ක් ලබා සිටියේ ය. ඔහු ඒ වෙනුවෙන් පන්දුවාර 42ක් යවා තිබුණ අතර නිලකුණු පන්දුවාර සටහන් වී තිබුණේ 5ක් පමණි. 

තරගයේ දෙවැනි දිනය ආරම්භ වූයේ නායක රෙනාඩ් වැන් ටොන්ඩර් සහ සිනෙතෙම්බා කෙෂිලේ පිටියට පිවිසෙමිනි. ඒ වන විට වැන් ටොන්ඩර් පන්දු 242කට මුහුණ දෙමින් ලකුණු 122ක් ලබා ගනිමින් ද සිනෙතෙම්බා කෙෂිලේ පන්දු 87ක දී ලකුණු 87ක් ද ලබා ගනිමින් නොදැවී පිටියේ රැඳී සිටිය හ. 

මාලිංග වෙනුවෙන් කුසල් පෙරේරාගෙන් විශිෂ්ට ශතකයක්!

දශක එකහමාරක කාලයක් පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දර දිය ඇදි විශිෂ්ටයෙකු වන..

අද දිනයේ ඉනිම ආරම්භයේ කෙෂිලේ මුහුණ දුන් දෙවැනි පන්දුවේ දී ඔහුගේ ඉනිම අවසන් කිරීමට ඇඹුල්දෙණිය සමත් වූයේ නායක චරිත් අසලංක ලබා ගත් උඩ පන්දුව ද හේතුවක් කර ගනිමිනි. වැන් ටොන්ඩර් සහ කෙෂිලේ අතර 5 වැනි කඩුල්ල වෙනුවෙන් සබඳතාව 153කි.  

වැන් ටොන්ඩර් ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව රැඳී තිබුණේ ලකුණු 363ය. ඒ වෙද්දී වැන් ටොන්ඩර් පන්දු 267කට මුහුණ දෙමින් හතරෙ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 137ක් ලබා සිටියේය. 

දකුණු අප්‍රිකානු ඉනිමේ ඊළඟ කෙරුම්කරු වූයේ කයිල් සීමොන්ඩ්ස් ය. ඔහු පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 73ක් ලබා ගත්තේය. 

කඩුලු ලබා ගැනීමේ දී ලසිත් ඇඹුල්දෙණියට අමතරව කඩුල්ලක හිමිකාරීත්වය සතු වූයේ ජෙහාන් ඩැනියෙල්ට ය. අනෙක් කඩුල්ල දුවද්දී දැවී ගියේය. 

පිළිතුරු ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසියේ ලහිරු උදාර සහ මිනෝද් භානුක ය. ඔවුන් දෙදෙනාට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට හැකි වූයේ නැත. ලහිරු උදාර ලකුණු 8කට දැවී යද්දී ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ ලකුණු 13ක් ලෙසිනි. 

අනතුරුව ශ්‍රී ලංකා ඉනිම තරමක් හෝ ගොඩ ගැනීමට මිනෝද් භානුක සහ පැතුම් නිශ්ශංක සමත් වූහ. ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 75ක් එක් කළහ. එසේ වෙද්දී පැතුම් නිශ්ශංක පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 32ක් ලබා සිටිය දී දැවී ගියේය. 

කඩුලු රකින්නෙකු ලෙස ක්‍රීඩා කළ පළමු තරගයේ දී ඔහු නාසය කඩා ගනී

“එතකොට මට වයස අටක් හෝ නමයක් විතර ඇති. එදින රාත්‍රියේ රෝහලේ ඇදක් මතට වී වේදනාවෙන්..

මිනෝද් භානුක අද තරගයේ දී ලකුණු 56ක් ලබා ගත්තේය. ඒ පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් තම ඉනිමට එක් කර ගනිමිනි. නායක චරිත් අසලංක ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙසින් දැවී ගියේ ලකුණු 128ක් ලබා සිටිය දී ය. ඒ වෙද්දී ඔහු ලබා සිටියේ ලකුණු 18ක් පමණි. 

තරගය දෙවැනි දිනයට නතර කරන විට වමත් පිතිකරු ප්‍රමෝද් මධුවන්ත පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබා සිටි අතර දකුණත් පිතිකරු ජෙහාන් ඩැනියෙල් පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 35කට දැවී යෑමත් සමඟින් තරගය දෙවැනි දිනයට නතර කෙරුණි. 

කඩුලු ලබා ගැනීමේ දී 19 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන තන්ඩු නිටිනි ලකුණු 33කට කඩුලු 3ක් දවාගෙන සිටියේය.

තරගය තෙවැනි දිනයට (27) ක්‍රියාත්මක වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result

Sri Lanka Emerging Team
388/10 (112.5)
South Africa Emerging Team
441/10 (108.1) & 260/5 (90)
Batsmen R B 4s 6s SR
Janneman Malan b Jehan Daniel 35 38 5 0 92.11
Wandile Makwetu c Minod Bhanuka b Lasith Embuldeniya 25 53 2 1 47.17
Raynard van Tonder c Charith Asalanka b Lasith Embuldeniya 137 267 14 1 51.31
Jason Smith b Lasith Embuldeniya 34 62 1 1 54.84
Matthew Breetzke c Minod Bhanuka b Lasith Embuldeniya 13 27 0 0 48.15
Sinethemba Qeshile c Charith Asalanka b Lasith Embuldeniya 87 89 9 2 97.75
Dayyaan Galiem c Minod Bhanuka b Lasith Embuldeniya 8 16 2 0 50.00
Kyle Simmonds c Hasitha Boyagoda b Lasith Embuldeniya 73 57 8 3 128.07
M Jansen c Minod Bhanuka b Lasith Embuldeniya 3 19 0 0 15.79
Thando Ntini not out 14 29 1 0 48.28
Tladi Bokako run out (Pathum Nissanka) 0 0 0 0 0.00
Extras 12 (b 3 , lb 0 , nb 8, w 1, pen 0)
Total 441/10 (108.1 Overs, RR: 4.08)
Fall of Wickets 1-50 (13.1) Janneman Malan, 2-71 (17.2) Wandile Makwetu, 3-151 (41.5) Jason Smith, 4-173 (49.2) Matthew Breetzke, 5-326 (85.2) Sinethemba Qeshile, 6-342 (89.3) Dayyaan Galiem, 7-363 (93.4) Raynard van Tonder, 8-383 (99.2) M Jansen, 9-441 (107.6) Kyle Simmonds, 10-441 (108.1) Tladi Bokako,
Bowling O M R W Econ
Mohamed Shiraz 24 3 96 0 4.00
Kalana Perera 8 2 23 0 2.88
Chamika Karunarathne 16 3 61 0 3.81
Jehan Daniel 6 1 31 1 5.17
Lasith Embuldeniya 42 5 156 8 3.71
Nishan Peiris 10.1 0 57 0 5.64
Charith Asalanka 2 0 14 0 7.00
Batsmen R B 4s 6s SR
Lahiru Udara c Sinethemba Qeshile b M Jansen 8 14 2 0 57.14
Minod Bhanuka c Sinethemba Qeshile b Thando Ntini 56 65 8 1 86.15
Pathum Nissanka lbw b Thando Ntini 32 47 5 0 68.09
Charith Asalanka c Raynard van Tonder b Thando Ntini 18 26 2 0 69.23
Promod Maduwantha c Sinethemba Qeshile b Thando Ntini 111 236 9 0 47.03
Jehan Daniel c Sinethemba Qeshile b M Jansen 36 100 5 0 36.00
Kalana Perera c Jason Smith b Dayyaan Galiem 17 42 1 1 40.48
Chamika Karunarathne c Wandile Makwetu b M Jansen 53 97 4 0 54.64
Mohamed Shiraz c Jason Smith b M Jansen 23 50 3 0 46.00
Nishan Peiris not out 4 8 1 0 50.00
Lasith Embuldeniya c Raynard van Tonder b M Jansen 0 3 0 0 0.00
Extras 30 (b 12 , lb 4 , nb 11, w 3, pen 0)
Total 388/10 (112.5 Overs, RR: 3.44)
Fall of Wickets 1-13 (3.3) Lahiru Udara, 2-88 (19.2) Pathum Nissanka, 3-118 (23.4) Minod Bhanuka, 4-128 (25.6) Charith Asalanka, 5-217 (59.4) Jehan Daniel, 6-250 (74.3) Kalana Perera, 7-333 (99.2) Promod Maduwantha, 8-379 (110.1) Chamika Karunarathne, 9-388 (112.2) Mohamed Shiraz, 10-388 (112.5) Lasith Embuldeniya,
Bowling O M R W Econ
Tladi Bokako 16 1 53 0 3.31
M Jansen 19.5 5 69 5 3.54
Dayyaan Galiem 21 2 72 1 3.43
Thando Ntini 21 5 76 4 3.62
Kyle Simmonds 29 5 82 0 2.83
Jason Smith 6 1 21 0 3.50


Batsmen R B 4s 6s SR
Janneman Malan c Jehan Daniel b Kalana Perera 84 162 6 0 51.85
Wandile Makwetu lbw b Lasith Embuldeniya 26 63 2 0 41.27
Raynard van Tonder c Lahiru Udara b Lasith Embuldeniya 31 80 3 0 38.75
Jason Smith c Lahiru Udara b Promod Maduwantha 62 130 3 3 47.69
Matthew Breetzke not out 38 89 3 0 42.70
Sinethemba Qeshile c Jehan Daniel b Promod Maduwantha 1 13 0 0 7.69
Dayyaan Galiem not out 3 17 0 0 17.65
Extras 15 (b 1 , lb 0 , nb 14, w 0, pen 0)
Total 260/5 (90 Overs, RR: 2.89)
Fall of Wickets 1-46 (15.5) Wandile Makwetu, 2-129 (41.4) Raynard van Tonder, 3-185 (59.5) Janneman Malan, 4-245 (80.5) Jason Smith, 5-251 (84.5) Sinethemba Qeshile,
Bowling O M R W Econ
Kalana Perera 15 3 43 1 2.87
Lasith Embuldeniya 34 5 99 2 2.91
Mohamed Shiraz 5 1 17 0 3.40
Chamika Karunarathne 11 3 42 0 3.82
Jehan Daniel 4 2 7 0 1.75
Nishan Peiris 14 4 31 0 2.21
Promod Maduwantha 7 0 20 2 2.86