ටයිසන් හා සොනී බිල් අතර ද්වන්ද සටනක්?

119

හිටපු ලෝක හෙවිවේට් ශූර මයික් ටයිසන් සමඟ සටනකට ගියහොත් සුපිරි නවසීලන්ත රග්බි ක්‍රීඩක සොනී බිල් විලියම්ස් හට සිය ජීවිතය පවා අහිමි විය හැකි බව ටයිසන්ගේ ළඟම මිතුරෙකු වන Jeff Fenech පවසා සිටිනවා. 

ශ්‍රී ලංකා රග්බි ගමනට රුකුලක් වූ පුහුණුකරුවෙක් නොඑන ගමන් යයි

ලෝක රග්බි ක්‍රීඩාවේ දක්ෂ හා ජනප්‍රිය ‍රග්බි නායකයෙකු හා පුහුණුකරුවෙකු වූ ………

මෙල්බර්න් නගරයේ බොක්සිං තරග සංවිධායකයෙක් වන Brian Amatruda විසින් ටයිසන් හා සොනී අතර ඩොලර් මිලියනයක ආධාර මුදල් එකතු කිරීමේ තරග වටයක් සංවිධානය කරන බව පසුගිය දා පවසා තිබුණා. ක්‍රීඩා ලෝකයම කලඹමින් මයික් ටයිසන් පුහුණු වන වීඩියෝවක් මේ සතිය මුල දී සමාජ මාධ්‍ය වෙත ද මුදා හැර තිබුණා.

Amatruda පවසා තිබුණේ 53 හැවිරිදි ටයිසන් හට, මුලදී ඕස්ට්‍රේලියානු ඇමරිකන් පාපන්දු ක්‍රීඩකයෙකු හා පසුව බොක්සිං ක්‍රීඩකයෙකු වූ පොල් ගැලන්, බැරී හෝල් හෝ ඕල් බ්ලැක්ස් සුපිරි ක්‍රීඩක සොනී බිල් විලියම්ස් හා කරට කර සටන් කළ හැකි බවයි.

“ඔහුට වයස අවුරුදු 53ක් වෙන්න පුළුවන් නමුත් ඔහුට තවමත් බොක්සිං පිටියේ ලොකු ගෞරවයක් තිබෙනවා, හෝල්, ගැලන් හෝ සොනී බිල් ඔහු සමඟ සටන් කරන්නට ලැබෙන ඕනෑම අවස්ථාවක් ලබා ගනීවි” Amatruda පවසා සිටියා.

“ටයිසන් සමඟ නැවතත් ලෝක ශූරතා තරගයක් පවත්වන්න පුළුවන් නම් එය අතිවිශාල වේවි, ඒක සටනක් විතරක් නෙවෙයි, ඒක උත්සවයක් වෙයි.”

නමුත් ටයිසන්ගේ මිතුරු Fenech ටයිසන් හා විලියම්ස් අතර සටනේ අදහස උපහාසයට ලක් කළා. ඒ ඕල් බ්ලැක්ස් තරුවට ඒ සටනින් පසුව මෘත ශරීරාගාරයේ සිටීමට සිදු වනු ඇතයි පවසමින්.

“මට යමක් කියන්නට ඉඩ දෙන්න, ඔහු සොනී බිල් විලියම්ස්ට හෝ පොල් ගැලන්ට ගැහුවොත් ඔහුට මනුෂ්‍ය ඝාතනයට හිරේ යන්නට වේවි” Fenech සිනහ මුසු මුහුණින් සිඩ්නි මෝර්නින් හෙරල්ඩ් පුවත්පතට පවසා තිබුණා.

“ඔහු පුහුණුවීම් සඳහා උපයෝගී කර ගන්නා සටන් සහායක (pads) වලට කර දේ බලන්න, මවාගන්න මයික් ඔහුගේ ප්‍රතිවාදියාට uppercut පහරකින් පහර දෙනවා, ඊළඟ දවසේ ඔවුන්ගේ ප්‍රතිවාදීන්ට මෘත ශරීරාගාරයේ තමා ඉන්න වෙන්නේ.” Fenech ටයිසන් පුහුණු වන වීඩියෝව සම්බන්ධයෙන් පවසා සිටියා.

තරග සංවිධායක Amatruda පවසා සිටින්නේ ඔහු මයික් ටයිසන් නැවතත් ඕස්ට්‍රේලියාවට ගෙන එන්නට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

“මම කළ පළමු දේ තමයි නියෝජිතයෙකු වන මැක්ස් මාර්ක්සන් සම්බන්ධ කරගෙන ඔහු ලවා ටයිසන්ට ඩොලර් මිලියනයක කොන්ත්‍රාත්තුවක් පිරිනමන්න.”

“2012 වසරේ දී මැක්ස් තමා ඔහුව ඕස්ට්‍රේලියාවට ගෙන ආවේ. ඔහු ටයිසන් හා ටයිසන්ගේ බිරිඳ සමඟ හොඳ සම්බන්ධතාවයක් ගොඩ නගාගෙන තිබෙනවා, ඒවගේම ඔහුට පුළුවන් වුනා ඒ වසරේ දී ටයිසන්ව ඕස්ට්‍රේලියාවට ගේන්න වීසා ගන්නට, ඒක තමයි ගොඩක්ම වැදගත්.”

තෙවරක් ලෝක ශූරයා වුණු ඕස්ට්‍රේලියානු ජාතික Fenech පවසා සිටියේ Amatrudaගේ යෝජනාව මහජන අවධානය ලබා ගන්නට ඉතා හොඳ නමුත් එය සැබවින්ම සිදුවන්නට ඇති ඉඩ ඉතා අඩු බවයි.

“ඔවුන් ඔහුට මේ තරගයෙන් ඩොලර් මිලියන භාගයක්, ඩොලර් මිලියනයක් දෙනවා කිව්වත් ඔහුට ඩොලර් මිලියන 20ක් හොයන්න පුළුවන් සවුදි අරාබියට ගියොත්. ඉතින් ඇයි ඔහු මෙහෙ එන්නේ.”

පොල් ගැලන් පවසා සිටියේ ඔහුට මේ අවස්ථාව ලැබුනොත් ඔහු බොහොම කැමැත්තෙන් එම අවස්ථාව ලබා ගන්නා නමුත් ටයිසන් නැවත ඕස්ට්‍රේලියාවට පැමිණීම පිළිබඳ ඔහුට විශ්වාසයක් නැති බවයි.

“මම දන්නවා කවුද Brian Amatruda කියන්නේ කියලා. ඔහු ඉතා ජනප්‍රිය තරග සංවිධායකයෙක්. නමුත් මම Brian Amatrudaට කතා කරලා නැහැ තවමත්, මම හිතන්නේ නැහැ ටයිසන් ඩොලර් මිලියනයකට සටනක් සඳහා ඕස්ට්‍රේලියාවට එයි කියලා.” ඔහු පවසා තිබුණා.

38 හැවිරිදි හිටපු Sutherland Sharks නායක ගැලන් පවසා සිටියේ ඩොලර් මිලියනයක් නොව ටයිසන් නැවතත් පැමිණෙන්නේ නම් ඔහුට ඩොලර් මිලියන දහයකට වඩා උපයා ගත හැකි බවයි.

ගැලන් තවදුරටත් පවසා සිටියේ ආධාර එකතු කිරීම සඳහා බොක්සිං තරගයක් සංවිධානය කරන සෑම විටම සංවිධායකයින් තමන්ගේ නම යෝජනා කරන බවයි.

“මම කැමතියි ආධාර එකතු කරන තරගයකට එකතු වෙන්න, නමුත් මටත් ගෙවීමක් ලැබෙන්න ඕන. වැදගත්ම කරණය මයික් ටයිසන් තවමත් මයික් ටයිසන්ම තමා, ඔහුව නවත්වන්න ස්විචයක් නැහැ, ඔහුට සංදර්ශනය සඳහා ක්‍රීඩා කරනවා කියලා එකක් නැහැ.”

නව නායකත්වයක්, වෙනස්ම ගමනක්!

නිමාව දුටු රග්බි ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව All Blacks කණ්ඩායමේ ……

“ඔබ කොහොමද මයික් ටයිසන් සමඟ තරගයට නොයන්නේ, අවංකවම, ඒක නිකන් යොවුන් හාෆ් බැක් ක්‍රීඩකයෙක්ට Andrew Johns සමඟ ක්‍රීඩා කරන්නට ලැබෙන අවස්ථාවක් වගේ.”

කොරෝනා වයිරස ව්‍යාප්තියට පසුව ටයිසන් නැවතත් බොක්සිං වළල්ලට පැමිණේවි යැයි පුවත ලොව පුරා පැතිර යාමත් සමඟ ලෝක ශූරතාව සඳහා මයික් ටයිසන් හා එංගලන්තයේ ලෝක ශූරයා වන ටයිසන් ෆියුරි අතර ඩොලර් මිලියන 150ක සටනක් පිළිබඳව ද කතාබහක් ඇතිව තිබෙනවා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න මුල් පිටුවට <<