මලිඳු – සුමින්ද සහ හේෂාන් ශතක රැස් කරයි

130
U 23 Major Club Emerging Tournament 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club Emerging ක්‍රිකට් තරගාවලියේ අද (11) නිමා වූ තරගවල දී මලිඳු මධුරංග, සුමින්ද ලක්ෂිත සහ හේෂාන් ධනුෂ්ක ශතක වාර්තා කිරීමට සමත් වූහ. 

අන්තර් සමාජ නැගී එන ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු

ටැමිල් යූනියන් සහ නුගේගොඩ ක්‍රිකට් සමාජය (Group D)

බොරැල්ල පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 10ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනා ගත් නුගේගොඩ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 120ක් පමණි. ටැමිල් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 231ක් ලබා ගත්හ. 

ලකුණු 111ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි නුගේගොඩ ක්‍රීඩකයෝ එවර සියලුම දෙනා දැවී ලකුණු 119ක් ලබා ගත්හ. ජයග්‍රහණය සඳහා ලකුණු 9ක් අවශ්‍ය වූ අතර එය පන්දුවාරයක දී ලබා ගැනීමට ටැමිල් ක්‍රීඩකයෝ සමත් වූහ. 

නුගේගොඩ ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 120 (44.1) සඳරු චන්දිත 34, කවින්දන පෙරේරා 20, දමිත සිල්වා 4/19, සුපුන් වේරගොඩ 4/14

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය ; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 231 (60.5) යොහාන් මෙන්ඩිස් 86, කමේෂ් නිර්මාල් 56, දමිත සිල්වා 32, රන්මිත් ජයසේන 20, අභිශේන් ජයසූරිය 2/37, නිශාන් පෙරේරා 2/65

නුගේගොඩ ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 119 (48.5) සඳරුවන් ප්‍රනාන්දු නොදැවී 71, පසිඳු ඩිල්ශාන් 22, සදීශ් පතිරණගේ 5/34, තිලංග උදේශන 2/14, සුපුන් වේරගොඩ 2/24


කෝල්ට්ස් සහ එන්. සී. සී. (Group B)

හැව්ලොක් පෙදෙස කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූවද කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන හේෂාන් ධනුෂ්ක ශතකයක් ලබා ගැනීම කැපි පෙණුනි.

කාසියේ වාසිය දිනා ගත් එන්. සී. සී. ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 145ක් පමණි. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩකයෝ තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 186ක් ලබා සිටියහ.

එන්. සී. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 145 (52.4) හසිත බෝයගොඩ 52, චමිත රංග 21, ප්‍රවීන් ජයවික්‍රම 5/31, මහේෂ් තීක්ෂණ 2/25

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 186 (63) හේෂාන් ධනුෂ්ක 108, ජෙහාන් ඩැනියෙල් 53, නිපුන් මාලිංග 33, විශාද් රංදික නොදැවී 32, දනජය ලක්ශාන් 20, රවිඳු ප්‍රනාන්දු 2/64, ලසිත් ඇඹුල්දෙණිය 2/19 


ගුවන් හමුදාව සහ පානදුර ක්‍රීඩා සමාජය (Group C)

කටුනායක ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

කාසියේ වාසිය දිනා ගත් පානදුර නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගුවන් හමුදා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 226ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පානදුර ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 141ක් පමණි. 

මෙම තරගයේ දී ගුවන් හමුදා කණ්ඩායමේ සුමින්ද ලක්ෂාන් තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වීම කැපී පෙණුනි. 

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 226 (78.1) සුමින්ද ලක්ෂාන් 108, උමේෂ්ක ඩිල්ශාන් නොදැවී 36, කෞමාල් නානායක්කාර 5/68, සිතුම් දිසානායක 2/24

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 141 (46.3) ජනිඳු ඉනුවර නොදැවී 55, විශ්ව චතුරංග 23, සුමින්ද ලක්ෂාන් 5/47, නුශ්කි අමේෆ් 3/44

ගියවර අනුශූරයෝ නැවතත් අනුශූරයින් කරන්නට මහානාමය සමත් වේ

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය


සී. සී. සී. සහ මීගමු ක්‍රිකට් සමාජය (Group B)

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සී. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනා ගත් මීගමු ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සී. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 302ක් ලබා ගත්හ. 

ඊට පිළිතුරු ලෙසින් මීගමු ක්‍රීඩකයන්ට තම පළමු ඉනිමට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 130ක් පමණි. අනතුරුව ඉනිමක පරාජයෙන් බේරීමට ලකුණු 172ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි මීගමු ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 111ක් ලබා සිටිය හ. 

මෙම තරගයේ දී කොළඹ මහානාම විද්‍යාලය නියෝජනය කරන මලිඳු මධුරංග පන්දු 85ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 9ක් සමඟින් ලකුණු 108ක් ලබා ගැනීමට සමත් විය. ඊට අමතරව පවන්ත වීරසිංහ සහ මනෙල්ක ද සිල්වා සී. සී. සී. කණ්ඩායම වෙනුවෙන් ද උමේෂ් ලක්ෂාන් මීගමුව වෙනුවෙන් ද අර්ධ ශතක වාර්තා කිරීම කැපී පෙණුනි.

සී. සී. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 302 (75.4) මලිඳු මධුරංග 108, පවන්ත වීරසිංහ 62, මනෙල්ක ද සිල්වා 66, චලන සංකල්ප 25, හරින් බුද්ධිල 4/117, පවන් ද සිල්වා 2/05, දිනුවන් ප්‍රනාන්දු 2/35

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 130 (49.4) වගීෂ මධුශාන් 43, උමේෂ් ලක්ෂාන් 26, ලක්ෂිත රසාංජන 5/35, පවන්ත වීරසිංහ 2/11, මාලිංග ධර්මසේන 2/14

මීගමුව ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 111 (52) උමේෂ් ලක්ෂාන් නොදැවී 53, දිනාල් ප්‍රනාන්දු 33, ලක්ෂිත රසාංජන 2/20


එස්. එස්. සී. සහ ගාල්ල ක්‍රිකට් සමාජය (Group A)

කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 2ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක එස්. එස්. සී. ක්‍රීඩකයෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනා ගත් එස්. එස්. සී. නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 119ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් එස්. එස්. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 265ක් ලබා ගත්හ. 

ලකුණු 146ක් පිටුපසින් සිට නැවත පිටියට පිවිසි ගාලු ක්‍රීඩකයෝ එවර තම ඉනිම ලකුණු 144කට සීමා කර ගත්හ. 

මෙම තරගයේ දී එස්. එස්. සී. නායක චරිත් අසලංක සහ ක්‍රිශාන් සංජුල අර්ධ ශතක ලබා ගනිමින් කැපී පෙණෙන දක්ෂතා දැක්වූ අතර ආකාශ් සේනාරත්න සම්පූර්ණ තරගයේ දී ලකුණු 81කට කඩුලු 11ක් දවා ගත්තේය. 

ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 119 (47.3) කවිඳු එදිරිවීර 40, ආකාශ් සේනාරත්න 5/48, උමේෂ් රාමනායක 2/21, කළණ පෙරේරා 2/24

එස්. එස්. සී.; සියලුම දෙනා දැවී 265 (50.1) චරිත් අසලංක 78, ක්‍රිශාන් සංජුල 77, සම්මු අශාන් 33, කළණ පෙරේරා 33, ආකාශ් සේනාරත්න 21, තිසර ඩිල්ශාන් 5/65, රවිශ්ක විජේසිරි 2/43

ගාල්ල ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 144 (53.1) කවිඳු එදිරිවීර 48, ලශාන් සිල්වා 35, කළණ පෙරේරා 3/42, ආකාශ් සේනාරත්න 6/33 


නාවික හමුදාව සහ පොලිසිය (Group A)

මහනුවර පොලිස් උද්‍යාන ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූව ද තරගයේ වැඩි වාසි ලබා ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනා ගත් නාවික හමුදා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිසි පොලිස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 176ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් නාවික හමුදා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 229ක් ලබා ගත්හ. 

ලකුණු 53ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ පොලිස් ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 70ක් ලබා සිටියහ. 

මෙම තරගයේ දී පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලක්ෂිත අමරසේකර ද නාවික හමුදාව වෙනුවෙන් සලිත් ප්‍රනාන්දු ද අර්ධ ශතක වාර්තා කළහ. පන්දු යැවීමේ දී නාවික හමුදාවේ කවික ඩිල්ශාන් තරගයේ දී ලකුණු 51කට කඩුලු 8ක් දවා ගත් අතර පොලිස් ක්‍රීඩා සමාජයේ නදීර මධුශංක ඉනිම කඩුලු 5ක් ලකුණු 51කට දවා ගත්තේය. 

පොලිස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 176 (76.5) ලක්ෂිත අමරසේකර නොදැවී 79, සඳරු නෙත්මිණ 34, සංගීත් දේශාන් 27, කවික ඩිල්ශාන් 4/28

නාවික හමුදා ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 229 (57.3) සලිත් ප්‍රනාන්දු 61, නවෝද් සමරකෝන් 39, ජොහැන්නේ ද සිල්වා 33, කවිඳු ගිම්හාන 31, හසින් දිල්මන් නොදැවී 20, නදීර මධුශංක 5/51, ලක්ෂිත අමරසේකර 2/46

පොලිස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 70 (23) සංගීත් දේශාන් 25, කවික ඩිල්ශාන් 4/23, සරිඳු පීරිස් 2/26

කමිඳුගේ අපතේ ගිය වික්‍රමයත් සමඟින් උණුසුම් අවසානයක්

ශ්‍රී ලංකා A සහ බංග්ලාදේශ A ක්‍රිකට්


බී. ආර්. සී. සහ රාගම ක්‍රිකට් සමාජය (Group A)

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට රාගම ක්‍රිකට් සමාජය සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් බී. ආර්. සී. නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රාගම ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 142ක් ලබා ගත් අතර බී. ආර්. සී. ක්‍රීඩකයන්ට ඊට පිළිතුරු ලෙසින් සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 141ක් පමණි. 

අනතුරුව දෙවැනි ඉනිමට පිටියට පිවිසි රාගම ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 106ක් ලබා සිටියහ.

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 142 (48.1) කල්හාර සේනාරත්න 35, කනිෂ්ක උග්ගල්පාය 30, දනුෂ්ක පෙරේරා 30, අශේන් ඩැනියෙල් 5/54, හෂාන් සංදීප 2/12, දුවිඳු තිලකරත්න 2/34

බී. ආර්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 141 (47.5) ලෙශාන් අමරසිංහ 40, රමින්ද විජේසූරිය 31, අශේන් ඩැනියෙල් 30, කල්හාර සේනාරත්න 3/36, නිශාන් පීරිස් 3/42, ෂෙනෝන් ප්‍රනාන්දු 2/35

රාගම ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 106 (40.2) සංජුල බණ්ඩාර නොදැවී 35, කල්හාර සේනාරත්න 20, හෂාන් සංදීප 3/15, අශේන් ඩැනියෙල් 2/20


බ්ලූම්ෆීල්ඩ් සහ සැරසන්ස් (Group A)

කොළඹ බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

කාසියේ වාසිය දිනා ගත් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 233ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත නතර කරන විට සැරසන්ස් ක්‍රීඩකයෝ ලබා සිටියේ කඩුලු 8ක් දැවී ලකුණු 168ක් පමණි. 

බ්ලූම්ෆිල්ඩ් ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු රෙවන් කෙලී පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 87ක් ලබා ගත්තේය. ප්‍රතිවාදී පිලේ දකුණතින් වේගපන්දු යැවූ ප්‍රමෝද් මධුවන්ත ලකුණු 53කට කඩුලු 7ක් ලබා ගත්තේය. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සැරසන්ස් කණ්ඩායම වෙනුවෙන් නැවත වතාවක් දක්ෂතා දැක්වීමට ප්‍රමෝද් මධුවන්ත සමත් වීම කැපී පෙණුනි. ඔහු තරගය නතර කරන විට නොදැවී ලකුණු 85ක් ලබා සිටියේය. 

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 233 (63.2) රෙවන් කෙලී 87, කසුන් ඒකනායක 41, අසේල් සිගේරා 36, ප්‍රමෝද් මධුවන්ත 7/53

සැරසන්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 8ක් දැවී 168 (59) ප්‍රමෝද් මධුවන්ත නොදැවී 85, රුක්ෂාන් දිසානායක 38, අසේල් සිගේරා 2/20, මොහොමඩ් ශාබුර් 2/12, ඇන්ඩෘ පාරිස් 2/15


මුවර්ස් සහ ලංකන් (Group D)

මුවර්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති මෙම තරගය විසඳුමකින් තොරව අවසන් විය. 

තරගය වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ ආරම්භ වූයේ සවස 4.30ට ය. කාසියේ වාසිය දිනා ගත් මුවර්ස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිසි අතර ඔවුන් පළමු දිනයේ තරගය නතර කරන විට පන්දුවාර 16කට ක්‍රීඩා කරමින් කිසිවෙක් නොදැවී ලකුණු 56ක් ලබා සිටිය හ. 

දෙවැනි දිනයේ ද පිටියේ අයහපත් තත්ත්වය මත තරගයට බාධා එල්ල වූ අතර ඒ හේතුවෙන් ම තරගයේ ක්‍රියාත්මක වූයේ පන්දුවාර 39ක් පමණි. තරගය නතර කරන විට මුවර්ස් ක්‍රීඩා සමාජය කඩුලු 3ක් දැවී ලකුණු 142ක් ලබා සිටියහ.

එහි දී ආරම්භක වමත් පිතිකරු පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 55ක් ලබා ගත් අතර දිනුක ඩිල්ශාන් පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 46ක් ලබා ගත්හ. 

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 142 (39) භාග්‍ය ශාවින්ද 24, නිසල් ෆ්‍රැන්සිස්කෝ 55, දිනුක ඩිල්ශාන් නොදැවී 46


කුරුණෑගල ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව (Group D)

කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය විසඳුමකින් තොරව අවසන් වූයේ වර්ෂාව හේතුවෙන් වැඩි කාලයක් අපතේ ගිය හේතුවෙනි. 

කුරුණෑගල ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 127 (44.3) දිනෙත් චන්දිමාල් 37, ඩිල්ශාන් කොල්ලුරේ 29, ශෙහාන් විජේරත්න 5/59, කවිඳු කුලරත්න 2/15

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<